CN Traveller සඟරාවට අනුව ලොව වඩාත් මිත්‍රශීලී රටවල් අතර ශ්‍රී ලංකාව 09 වැනි තැනට

2022 වසරේදී ලොව මිත්‍රශීලී ජනතාව වෙසෙන රටවල් අතරින් 09 වැනි ස්ථානයට පත්වීමට ශ්‍රී ලංකාව සමත්ව ඇතැයි සංචාරක කර්මාන්තය පිළිබඳ ලොව ජනප්‍රිය සඟරාවක් වන Conde Nast Traveller (CN Traveller) හි වෙබ් අඩවිය පවසයි.

එම සඟරාවේ පාඨකයන්ගේ කැමැත්තෙන් (2022 Reader’s Choice Awards) මෙම නම් කිරීම සිදුව තිබේ.

මෙම දර්ශකයට අනුව ලොව වඩාත් මිත්‍රශීලී ජනතාවක් වෙසෙන රට බවට පත්ව ඇත්තේ ප්‍රංශ පොලිනීසියා රාජ්‍යයයි. එසේම කොලොම්බියාව එහි දෙවැනි ස්ථානයට පත්ව තිබේ. තෙවැනි ස්ථානය නවසීලන්තයට හිමිව ඇත. සිව්වැනි ස්ථානය තායිලන්තය පත්ව ඇති අතර, කොස්ටා රිකා රාජ්‍යය පස්වැනි ස්ථානයේ පසුවෙයි.

එසේම පිළිවෙලින් හය සහ හත්වැනි ස්ථාන බොට්ස්වානා රාජ්‍යයට සහ පේරු රාජ්‍යයට හිමිව තිබේ. බෙලිසේ රාජ්‍යය අටවැනි ස්ථානයේ පසුවෙයි. ශ්‍රී ලංකාව නවවැනි ස්ථානයේ පසුවන අතර 10වැනි ස්ථානය පිලිපීනයට හිමිව තිබේ.

Visits: 105