Prime සමූහය LMD ශ්‍රේණිගත කිරීම් තුළින් රටේ සම්මානනීය ආයතන 100 අතරට

Prime සමූහය, LMD සඟරාවේ ශ්‍රේණිගත කිරීමට අනුව ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවලත් ආයතන නාමාවලියේ (Most Respected Entities in Sri Lanka Listing) දේපළ වෙළෙඳ ක්ෂේත්‍රයේ ජයග්‍රහණය (Real Estate Sector Winner) ලබමින් ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවලත් ආයතන 100 අතරට සයවැනි වසරටත් පත් වෙයි.

රටේ විශාලතම ඉඩම් සංචිතය හිමි Prime සමූහය ශ්‍රී ලංකාවේ වටිනාම (Most Valuable Real Estate Entity in Sri Lanka) හා වඩාත්ම පිදුම් ලැබූ ආයතනයක් (Most Awarded Entity in Sri Lanka)වේ. මෙම නාමාවලියට ඇතුලත් වීමෙන්ද පෙන්නුම් කරනුයේ Prime සමූහය සතු මූල්‍ය කාර්යසාධනය, ගුණාත්මක බව, කළමනාකරණ මණ්ඩල විශිෂ්ඨත්වය, අවංක බව,නවෝත්පාදන, වෙළෙඳ පොළ අවශ්‍යතා අනුව සිදු කරන වෙනස්කම්, ආයතනික සංස්කෘතිය, ආයතනික සමාජවගකීම්, ආයතනික දැක්ම සහ රට පිළිබඳව ඇති වගකීම බවත් සමාගම සඳහන් කරයි.

Prime සමූහය ඉඩම් හා දේපොළ ක්ෂේත්‍රයේ අඛණ්ඩ වර්ධනයක් අත් පත් කර ගැනීමට, සැමගේ අදහස් වලට ගෞරවය කරමින් සේවකයින්ට නිදහසේ තම අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීම සඳහා අවස්ථා සැලසීම හේතු වී ඇත.

Prime සමූහය සතු සියලු ව්‍යාපෘතීන් සහ සේවාවන් ඉහල ගුණාත්මක භාවයකින් පාරිභෝගිකයන් වෙත ලබා දීම සඳහා ඉහල කළමනාකාරිත්වය විසින් සියලුම ආකාරයේ පූර්ව ක්‍රියාමාර්ගයන් ගෙන ඇත්තේ සමාගම සතුව ඇති විශ්වාසනීය ප්‍රතිරූපය අඛණ්ඩව පවත්වා ගනිමිනි.

මෙම වසරේ රටේ පැවති අභියෝගාත්මක තත්වය මධ්‍යයේ වුවද, කොළඹ ‘Java 25’ හා ‘Desire’ නමින් වූ මහල් නිවාස ව්‍යාපෘති ද (Condominium Projects) , ගාල්ලේ ‘Galle Heritage’ නමින් වූ තනි නිවාස ව්‍යාපෘතිය ද, නිමකොට භාර දී ඇති අතර, නුදුරු අනාගතයේදී තවත් නිවාස ව්‍යාපෘති කිහිපයක් භාර දීමට නියමිත වේ. Prime සමූහය පාර්ශවකරුවන්ගේ විශ්වාසය දිනාගන්නේ දුන් පොරොන්දු ඉටු කිරීමෙනි.

ලැබූ ගෞරවය පිළිබඳව Prime සමුහයේ සභාපති, බ්රාහ්මනගේ ප්‍රේමලාල් මහතා මෙසේ පැවසීය, “වඩාත්ම ගෞරවයට පාත්‍ර වූ ආයතනයක් ලෙස සයවන වරටත් පත් වීම පිළිබඳව අපි නිහතමානීව සතුටු වනවා. සැමදාමත් Prime සමූහයේ ශක්තිය වන්නේ ඉතා කැපවීමෙන් වැඩ කරන සේවක පිරිසකගෙන් හා ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වයකින් සන්නන්ධ වීමයි. ව්‍යාපෘති පොරොන්දු වූ පරිදි හා ප්‍රමිතීන්ට අනුකූලව පාරිභෝගිකයින්ට භාරදීම පිළිබඳව කීර්ති නාමයක් ඇති අපේ අපේක්ෂාව, ශ්‍රී ලංකාවේ ඉඩම් හා දේපොළ වෙළඳාම් ක්ෂේත්‍රය වැඩි දියුණු කොට එය රටේ ආර්ථික වර්ධනයේ ප්‍රධාන සාධකයක් කිරීමට දායක වීමයි.”

ගනුදෙනුකරුවන්ගේ සිහින, පොරොන්දු වූ පරිදි ඉටු කිරීමට හැකි වී ඇත්තේ Prime සමුහයේත්, සැපයුම්කරුවන් හා කොන්ත්‍රාත්කරුවන්ගේත් සාමුහික ප්‍රයත්නයේ ප්‍රතිපලයක් ලෙසිනි.

ICRA Lanka ආයතනය විසින් [SL] A (Stable) ණය ශ්‍රේණිගත කිරීම ලද පළමු සහ විශාලතම ඉඩම් හා දේපළ වෙළඳාම් සමූහය බවට Prime සමූහය පත් වීම, සියලු පාර්ශවකරුවන් අගය කොට සලකන ස්ථාවරත්වය හා විශ්වසනීයත්වය පිළිබඳ ස්වාධීන තහවුරු කිරීමකි.

Visits: 74