Fits Air ජාත්යාන්තර මගී ගුවන් සේවා ඇරඹීමට යයි

ඇබර්ඩීන් හෝල්ඩිංග්ස් පෞද්ගලික සමාගමට අයත් Fits Air ගුවන් සමාගම කාලසටහනකට අනුව ක්‍රියාත්මක කෙරෙන ජාත්‍යන්තර මගී ගුවන් සේවා ඇරඹීමට සූදානමින් සිටින පවසයි.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට එම සමාගම මෙම ගුවන් සේවා ක්‍රියාත්මක කිරීම සැලසුම වී තිබේ. එම සමාගම මගින් මිලදී ගත් එයාර්බස් A320 ගුවන් යානයක් මගින් මෙම සේවා සැපයෙයි

ඒ අනුව කොළඹ සිට ඩුබායි, මාලදිවයින සහ දකුණු ඉන්දියාව දක්වා වන ගමනාන්ත වෙත මෙම ගුවන් සේවාව ක්‍රියාත්මක කිරීම සැලසුම වී තිබේ.

මෙහිදී කොළඹ සිට ඩුබායි ගුවන් ගමන් ලබන ඔක්තෝබර් 05 වැනිදා ආරම්භ කිරීමට නියමිතව ඇති අතර, එහිදී සතියකට ගමන්වාර 3ක් ඩුබායි වෙත යාම සිදු වෙයි. එසේම කොළඹ සිට මාලදිවයින දක්වා ගුවන් ගමන් ලබන ඔක්තෝබර් 10 වැනිදා ආරම්භ කෙරෙන අතර එහිදීද සතියකට ගුවන් ගමන් වාර 3ක් සිදු කරයි.

මීට අමතරව කොළඹ සිට  දකුණු ඉන්දියාව දක්වා වන ගුවන්ගමන් නුදුරේදීම ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයිද Fits Air ගුවන් සමාගම පවසයි.

ගුවන් සමාගම මෙම ගුවන් සේවාව සඳහා යොදා ගන්නා ගුවන් යානයේ පිටුපස පියාපතේ එම සමාගමේ ලාංඡන පින්තාරු කිරීම සහ අභ්‍යන්තර සැකසුම් සිදු කිරීම් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඉංජිනේරු අංශය විසින් සිදු කිරීමත් විශේෂත්වයකි.

මීට පෙර ExpoAir ලෙසින් හැඳින්වුණු Fits Air ගුවන් සමාගම මගින් මීට පෙර අභ්‍යන්තර ගුවන් ගමන් සේවා සහ කාර්ගෝ භාණ්ඩ හුවමාරු කටයුතු සිදු කෙරිණි.

Visits: 170