පැල්වත්ත සමාගම කිරි ගොවීන් නගාසිටුවීම සඳහා ගෝලීය ගොවිපල පුහුණු සැපයුම්කරුවන් හා එක්වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේශීය කිරි නිෂ්පාදන සන්නාමයක් වන පැල්වත්ත සමාගම සිය පාරිභෝගිකයින් වෙත අගනා කිරි නිෂ්පාදන පෙළක් ම සැපයීමට සමගාමීව, සිය අපේක්ෂාව වන්නේ තමන් සමඟ වැඩ කරන ගොවි ප්‍රජාව පුහුණු කිරීම, සංවර්ධනය කිරීම සහ සවිබල ගැන්වීම කෙරෙහි අවධානය යොමු කිරීම බව පවසයි.

ඒ අනුව මේ  සම්බන්ධයෙන් ගත් නව පියවර වශයෙන් ජාත්‍යන්තර කිරි නිෂ්පාදන පුහුණුකරුවන්ගේ සහය ඇතිව, අංගසම්පූර්ණ කිරි පුහුණු මධ්‍යස්ථානයක් සංවර්ධනය කිරීම සහ නවීන අභිජනන ශිල්පීය ක්‍රම සමඟ ගව පට්ටි වැඩිදියුණු කිරීමපෙන්වාදිය හැකිය.

තවද, ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) විසින් හඳුන්වා දෙන ලද ප්‍රමිතිගත කිරි ගොවි පුහුණුවලට අනුකූලවන පරිදි කිරි ගොවීන්ගේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම ව්‍යාපෘතියේ මූලික ම අභිලාෂයකි.

“පැල්වත්ත කිරි නිෂ්පාදන පුහුණු වැඩසටහන, කිරි නිෂ්පාදන පුහුණු සේවා සපයන්නන්ගේ සහය ඇතිව අංගසම්පූර්ණ කිරි පුහුණු මධ්‍යස්ථානයක් සංවර්ධනය කිරීම අරමුණු කරගෙන පවත්වනු ලබන්නක්. ශ්‍රී ලාංකේය කිරි ගොවීන්ට උසස් තත්ත්වයේ අභිජනන ද්‍රව්‍ය සැපයීම සඳහා දැනට පවතින ගොවිපළ, ගව අභිජනන ගොවිපළක් ලෙස වැඩිදියුණුවට ලක්කරනවා. සෙසු කර්මාන්තයන්ට සහ ගෝලීය ප්‍රවණතාවලට සමගාමීව, ගොවීන්ගේ දැනුම යාවත්කාලීන කිරීම සඳහාත් පියවර කිහිපයක්ම ගෙන තිබෙනවා.අභිජනන ශිල්පීය ක්‍රම සඳහා පමණක් නොවෙයි, කිරි නිෂ්පාදන තත්ත්ව නඩත්තුව  හා සංරක්ෂණය, පෝෂණය සහ ගවයන්ගේ යහපැවැත්ම පිළිබඳවත් නිරන්තරයෙන්ම දැනුම යාවත්කාලීන කිරීම අත්‍යවශ්‍ය කාරණයක්.රට වසා තිබූ අවස්ථාවේදී පවා පැල්වත්ත කිරි නිෂ්පාදන සඳහා තිබූ ඉල්ලුම වැඩිවීම හේතුවෙන්, අපගේ ගොවීන්ගේ වැඩ ප්‍රමාණය, ආදායම සහ නව කිරි ගොවිතැන් දැනුමේ අවශ්‍යතාවය ද ඒ සමඟම වැඩිවීමක් සිදුවුණා. සෝයා කිරි සහ ආමන්ඩ් කිරි වැනි නව කිරි ආදේශක ලෝකයේ සෑම තැනකම වෙළඳපොළවල් තුල දකින්නට ලැබෙන නිසා පැල්වත්ත වැනි කිරි නිෂ්පාදකයින්, එවැනි ආදේශකවලට සාපේක්ෂව කිරි නිෂ්පාදනවල උසස් තත්ත්වය සහ පෝෂණය ඉස්මතු කිරීම වැදගත් වෙනවා.”පුහුණු හා අභිජනන මධ්‍යස්ථාන කළමණාකාර චමිල රාජපක්ෂ මහතා ප්‍රකාශ කරන ලදි.

චමිල රාජපක්ෂ මහතා වැඩිදුරටත් මෙසේ පැවසීය. “පාරිභෝගිකයින්ගේ ආහාර ජීර්ණ සෞඛ්‍යයට සහ ඔවුන්ගේ සාමාන්‍ය යහපැවැත්මට කිරි නිෂ්පාදන සෘජුවම අදාළ වෙනවා. ඒ නිසා පැල්වත්ත නිෂ්පාදන භාවිත කරන පාරිභෝගිකයන්ගේ ආරක්‍ෂාව ඉතාමත් වැදගත් බව අපි විශ්වාස කරනවා. කිරි නිෂ්පාදකයෙකු තම පාරිභෝගිකයින්ට ලබා දෙන හොඳම දේවලින් එකක් වන, පාරිභෝගිකයින් අපෙන් වඩාත්ම අපේක්ෂා කරන කිරි නිෂ්පාදනවල ගුණාත්මකභාවය පිළිබඳ ගොවිපල සහතිකය අපි ඔවුන්ට ලබාදෙනවා.”

ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) ප්‍රමිතිගත කිරි ගොවි පුහුණු කිරීම් මගින් කිරිවල සනීපාරක්ෂාව (milking hygiene), සත්ව සෞඛ්‍යය, පෝෂණය (ආහාර සහ ජලය), සංවේදී සත්ව පාලන පිළිවෙත්, පාරිසරික ගැටළු සහ සමාජ-ආර්ථික කළමනාකරණය සමඟ තිරසාර බව සහතික කිරීම වැනි ගොවිතැන් අංශ කෙරෙහි අවධානය යොමු කරයි.

චමිල රාජපක්ෂ මහතා නැවතත් මෙසේ සිය අදහස් දක්වයි. “අපගේ නව ව්‍යාපාරික උපාය මාර්ගයේ ප්‍රධාන අංශය වන්නේ අපගේ ගොවිපළ මනා පහසුකම් සහිත කිරි නිෂ්පාදන පිළිබද අධ්‍යාපන හා පුහුණු මධ්‍යස්ථානයක් බවට පත් කිරීමයි. දැනට දේශන ශාලාවක්, රසායනාගාර, භෝජනාගාර සහ නවාතැන් පහසුකම් සහිත පුහුණු සංකීර්ණයක් ස්ථාපිත කිරීමට අපි සැලසුම් කරනවා. සහභාගිවන්නන්ට ගෝලීය වශයෙන් පිළිගත් සහතිකයක් පිරිනමන බලාපොරොත්තුවෙන් එය වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් ලෙස ලියාපදිංචි කිරීමටත් අපි අපේක්ෂා කරනවා. නවීන කිරි ගොවිතැන් තාක්ෂණය පිළිබඳව දැනුම හුවමාරු කරගැනීමක් ද මෙහිදී සිදුවෙනවා.”

පැය තුනක් ඇතුළත කිරි සැපයීම අවසන් කරන තෘප්තිමත් ගව රංචුවක් නඩත්තු කිරීමට ප්‍රමාණවත්, ඒකක 4 කින් යුත් කිරි මධ්‍යස්ථානයක් පැල්වත්ත සමාගම සතුය. පාරිසරික ගැටළු විසඳීම පැල්වත්ත සමාගමට අලුත් දෙයක් නොවන අතර, අපද්‍රව්‍ය කළමනාකරණ තාක්‍ෂණයක් ලෙස කොම්පෝස්ට් පොහොර සෑදීමේ ව්‍යාපෘතියක් දැනටමත් ආරම්භකොට තිබේ. “අපගේ ආයතනය මසකට අවම වශයෙන් කොම්පෝස්ට් පොහොර ටොන් 60ක් නිෂ්පාදනය කරන අතර එමගින් ගොවිපල ලාභදායිතාවයද වැඩි කරනවා” චමිල රාජපක්ෂ මහතා පවසයි.

Visits: 73