සම්පත් බැංකුව අඛණ්ඩව 12 වන වරටත් ස්වර්ණ පුස්තක සම්මානයේ ප‍්‍රධාන අනුග‍්‍රාහකයා ලෙස එක් වෙයි

ශ‍්‍රී ලාංකේය හැකියාවන් නිරන්තරයෙන් අගයමින් මෙරට සාහිත්‍ය ක්ෂේත‍්‍රයේ උන්නතිය වෙනුවෙන් කැපවන සම්පත් බැංකුව මෙවරද 2022 ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ ප‍්‍රධාන අනුග‍්‍රාහකයා ලෙස එක් විය.

කියවීමෙන් පිරිපුන් පරපුරක් මෙරට බිහි කිරීමේ ජාතික වගකීමද පෙරදැරි කරගනිමින් සම්පත් බැංකුව ස්වර්ණ පුස්තක සම්මානය සඳහා මෙවර ප‍්‍රධාන අනුග‍්‍රාහකත්වය දක්වන්නේ 12 වසරක අඛණ්ඩ ස්වර්ණමය දායකත්වය සනිටුහන් කරමිනි.

පසුගියදා බණ්ඩාරනායක සම්මන්ත‍්‍රශාලා පරිශ‍්‍රයේදී පැවති 2022 ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ‍්‍රී ලංකා මහ බැංකුවේ වර්තමාන අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සහ සම්පත් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂිකා (යෝජිත) අයෝධ්‍යා ඉද්දවෙල පෙරේරා මහත්මිය සහභාගී වූහ.

ශ‍්‍රී ලාංකේය සාහිත්‍ය සම්මාන උළෙලක ලබා දෙන ඉහළම ත්‍යාග මුදල හිමි කර දෙන ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේදී ජයග‍්‍රාහී නවකතාව වෙනුවෙන් රුපියල් 750,000ක මුදලක් ත්‍යාග ලෙස හිමි කර දෙන අතර අවසන් වටයට තේරුණු නවකතා පහක් වෙනුවෙන් රුපියල් 100,000 බැගින් මුදල් ත්‍යාග හිමි කර දීම විශේෂත්වයකි.

ඒ සඳහා පූර්ණ දායකත්වය සළසනු ලබන්නේ සම්පත් බැංකුවයි. ශ‍්‍රී ලංකා පොත් ප‍්‍රකාශකයන්ගේ සංගමය විසින් 2007 වසරේ සිට සංවිධානය කරනු ලබන මෙම ස්වර්ණ පුස්තක සම්මාන උළෙල සෑම වසරකම කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයට සමගාමීව පවත්වනු ලබන අතර මෙවර සමරනු ලැබුවේ එහි 16 වන පියවරයි.

මෙවර ස්වර්ණ පුස්තක සම්මානය වෙනුවෙන් 2021 වසරේදී ප‍්‍රකාශයට පත් කළ නවකතා අතුරින් නවකතා 12ක් විනිශ්ය මණ්ඩලය විසින් දීර්ඝ වටය සඳහා පොත් ප‍්‍රකාශකයන්ගේ සංගමය වෙත තෝරා දෙන ලදී. එම නවකතා 12 අතුරින් නවකතා 05 ක් අවසන් වටය සඳහා තෝරා ගනු ලැබූ අතර ඊට 5 දෙනෙකුන් සමන්විත විද්වත් විනිශ්චය මණ්ඩලයක් සහභාගී වූහ.

ඒ අනුව අවසන් වටය සඳහා එරික් ඉලයප්පආරච්චි විසින් රචිත නකුල මුනි, කීර්ති වැලිසරගේ විසින් රචිත සන්ධ්‍යානන්දය, සේපාලී මායාදුන්නේ විසින් රචිත හින් දොස් මාලේ, චන්ද්‍රරත්න බණ්ඩාරගේ පේ‍්‍රමානිශංස, සහ ශමෙල් ජයකොඩි විසින් රචිත මගේ චිකාගෝ හදවත යන නවකතා තෝරා ගැනිණ. ඒ අතුරින් සිංහල නවකතා කලාවට පිදෙන ප‍්‍රකාශක උත්තමාචාරය වන ස්වර්ණ පුස්තක සම්මානය මෙවර හිමි කර ගැනීමට සමත් වූයේ චන්ද්‍රරත්න බණ්ඩාර විසින් රචිත ප්‍රේමානිශංස නවකතාවයි.

Visits: 79