එයාර්ටෙල් ලංකා සිය පසුගෙවුම් බිල්පත් 50% කින් අඩු කරමින් නව පෙරළියකට සැරසෙයි

එයාර්ටෙල් ලංකා දිස්ත‍්‍රික්ක 24 ම ආවරණය කරමින් දිවයින පුරා සිය 4G ජාලය ව්‍යාප්ත කිරීමේ මෙහෙයුම් කටයුතු සම්පූර්ණ කිරීමෙන් පසුව ජංගම විදුලි සංදේශ සේවා ක්ෂේත‍්‍රයේ තවත් සන්ධිස්ථානයක් සනිටුහන් කරනු ලැබුවේ සිය පසුගෙවුම් පරිශීලකයන් සඳහා  ඕනෑම ජාලයකට අසීමිත ඇමතුම් ලබා ගැනීමේ පහසුකම හඳුන්වා දුන් පළමු සමාගම බවට පත්වෙමිනි.

මෙම වසර මුලදී ඔවුන්ගේ Freedom Unlimited පැකේජ හරහා පෙරගෙවුම් පරිශීලකයින්ට  ඕනෑම ජාලයකට අසීමිත ඇමතුම් හඳුන්වා දුන් පළමු සමාගම වන්නේ එයාර්ටෙල්ය.

පාරිභෝගිකයින්ට උපරිම වටිනාකමක් ලබා දෙමින් ශ‍්‍රී ලාංකේය ජංගම විදුලි සංදේශ සේවා කර්මාන්තය තුළ පෙරළියක් ඇති කිරීම සමාගමේ මෙහෙයුම් හි ප‍්‍රධාන කොටසක් වන අතර එයාර්ටෙල් හි Freedom Unlimited පැකේජවලට එක්වූ නවතම හඳුන්වාදීම වන්නේ Unlimited 1098 පැකේජයයි.

එහි මිල රු. 1,098 ක් වන අතර එමඟින් පසුගෙවුම් පරිශීලකයින්ට දැන් ඕනෑම ජාලයකට අසීමිත voice calls භුක්ති විඳීමට ඉඩ සලසයි. තවද ඉහළ ගුණාත්මකභාවයෙන් (full HD) යුතු වීඩියෝ, සමාජ මාධ්‍ය ජාල පහසුකම් සඳහා 40GB Anytime 4G data සමඟ  ඕනෑම ජාලයකට යැවිය හැකි SMS පහසුකම් නිසා ඔබගේ සියලූම මාසික අවශ්‍යතාවන් සපුරාලයි.

තවද එයාර්ටෙල් යනු පසුගෙවුම් පරිශීලකයින්ට ‘Data Rollover’ පහසුකම අඛණ්ඩව ලබා දෙන එකම සමාගම වන අතර එම මාසයේ භාවිතයට නොගත් data ඊළඟ මාසය දක්වා ගෙන යාමට ඉඩ සලසමින් data ඉතිරි කර ඔබගේ වියදම් ද සීමා කරයි. එමෙන්ම පරිශීලකයින්ට අසීමිත HD වීඩියෝ, සමාජ මාධ්‍ය ජාල පහසුකම් මෙන්ම නිවසේ සිට වැඩ කිරීමට සහ download කිරීමට උපකාර වීමට 200GB දක්වා data රැස්කර ගැනීමට ද හැකිය.

පුද්ගලයන්ට, ආයතනවලට සහ ව්‍යවසායකයින්ට එකසේ ගැලපෙන එයාර්ටෙල් හි මෙම නව පැකේජය සැලසුම් කර ඇත්තේ එහි පරිශීලකයින්ට උපරිම වටිනාකමක් ලබා දීම සඳහා යි. ඉහළම ගුණාත්මකභාවයෙන් යුත් voice call පහසුකම් සහ data සැපයීමට අමතරව එයාර්ටෙල් හි 1098 පැකේජය මගින් මාසික දුරකතන සේවා වියදම් අවම වශයෙන් 50% කින් අඩු කිරීමට ද හැකියාව ලැබේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් එයාර්ටෙල් ලංකා කළමනාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිළධාරි අශීෂ් චන්ද්‍රා මහතා පැවසුවේ ”එයාර්ටෙල් හි මෙහෙවර වන්නේ සෑම පාරිභෝගික කාණ්ඩයකටම සාධාරණ ප‍්‍රතිලාභ භුක්ති විඳිය හැකි බවව සහතික කරන නවෝත්පාදනයන් වෙත යොමු කිරීමට ඔවුන්ව උනන්දු කරවමින් අපගේ සියලූම පරිශීලකයින්ට ජාත්‍යන්තර මට්ටමේ ජංගම බ්‍රෝඞ්බෑන්ඞ් අත්දැකීමක් ලබා දීමයි. විශේෂයෙන්ම ආර්ථික දුෂ්කරතා පවතින අවස්ථාවක අප ලබා දුන් අසීමිත දීමනා සඳහා අපගේ පෙරගෙවුම් පරිශීලකයින්ගෙන් ඉහළ ප‍්‍රතිචාරයක් ලැබෙනවා. ඒවගේම අපගේ පසුගෙවුම් පාරිභෝගිකයින්ට ද එවැනිම වටිනා අවස්ථාවන් ලබා දීමට කටයුතු කිරීමට හැකි වීම පිළිබඳව අපට සතුටුයි.” යනුවෙනි.

ශ‍්‍රී ලංකාවේ ජංගම විදුලි සංදේශ සේවා අවකාශය තුළ පාරිභෝගිකයා වෙත නව නිෂ්පාදන මුලින්ම පිරිනමන ආයතනයක් ලෙස මෙන්ම මෙරට  ඕනෑම ජාලයක් සඳහා අසීමිත ඇමතුම් හඳුන්වා දුන් පළමු සමාගම වන්නේ ද එයාර්ටෙල් ය. එයාර්ටෙල් Freedom දියත් කිරීමත් සමඟින් සමාගම සිය පරිශීලකයින්ට ඔවුන්ගේ සියලූම voice calls, කෙටි පණිවුඩ සහ data අවශ්‍යතා සඳහා උපරිම පහසුව ලබා දෙන අතර තරගකාරී ආයතනයන් අභිබවා ගොස් විශාල ඉතුරුම් අවස්ථා පිරිනමනු ලබයි. Unlimited පැකේජ හඳුන්වාදීමත් සමඟ එයාර්ටෙල් ලංකා මෙරට ජංගම විදුලි සංදේශ සේවා කර්මාන්තය තුළ පෙරළිකරුවෙකු ලෙස පෙරමුණ ගෙන සිටියි.

සිය 4G ජාල අත්දැකීම තවදුරටත් පුළුල් කිරීමේ එයාර්ටෙල් හි සැලකිය යුතු ආයෝජනයේ තවත් වැදගත් පියවරක් ලෙස එයාර්ටෙල් හි වටිනාකම් කේන්ද්‍ර කරගත් නව නිෂ්පාදන හඳුන්වා දිය හැකිය. අතිනවීන යටිතල පහසුකම් ස්ථාපිත කිරීම සහ මෑතකාලීනව සිදු කළ එහි මොබයිල්-බ්‍රෝඞ්බෑන්ඞ් ජාලය ඉහළ නැංවීම කටයුතු හරහා සමාගම සිය 3G සේවාවන් නවතා දැමූ අතර එයාර්ටෙල් මේ වන විට මෙරට පරිශීලකයන්ගෙන් 90% කට වඩා වැඩි පිරිසක් වෙත සිය ආවරණ පහසුකම් සපයයි.

Visits: 140