එතෙර සිට ඩොලර්වලින් ගෙවා මෙතෙර ආදරණීයයන්ට ලිට්රෝ ගෑස් එවීමට අවස්ථාව

LP ගෑස් දේශීය වෙළෙඳපොළ ප්‍රමුඛයා වන ලිට්රෝ ගෑස් ලංකා සමාගම මෑතකදී Home Delivery App හි නව විශේෂාංගයක් හඳුන්වා දෙමින්, විදේශගත වූවන්ට තම ආදරණීයයන් වෙනුවෙන් ගෑස් ඇණවුම් කිරීමට සහ එක්සත් ජනපද ඩොලර්වලින් ගෙවීම් කිරීමට ඉඩ සලසා දී තිබේ.

මෙය දැනටමත් පවතින ලිට්රෝ ගෑස් ලංකා සමාගමේ පුළුල් සේවා කළඹට නිර්මාණාත්මක එකතු කිරීමක් මෙන්ම, ශ්‍රී ලංකාව මුහුණ දී සිටින වර්තමාන ඩොලර් අර්බුදයට නිර්මාණාත්මක විසඳුමක්ද වෙයි.

නව විශේෂාංගය පිළිබඳව අදහස් දක්වමින් ලිට්රෝ ගෑස් ලංකා සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා, “LP ගෑස් සඳහා 80%කට වැඩි වෙළෙඳපොළ කොටසකින් ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළ ප්‍රමුඛයා ලෙස, අපි අපගේ පාරිභෝගික අත්දැකීම් වැඩිදියුණු කිරීමට නව ක්‍රම සොයමින් සිටිනවා.

ඒ අනුව හඳුන්වා දුන් මේ නව විශේෂාංගය මගින් විදේශිකයන්ට තම ආදරණීයයන් සඳහා වඩාත් පහසුවෙන් LP ගෑස් නිවසටම ගෙන්වා ගැනීමට මෙන්ම, ඒ සඳහා එක්සත් ජනපද ඩොලර්වලින් ගෙවීම් කිරීමටද ඉඩ සැලසෙනවා. එය ආර්ථිකයට අත්‍යවශ්‍ය සහනයක් වනු ඇති බව අපේ විශ්වාසයයි.

ඒ වගේම, ලිට්රෝ ගෑස් ලංකා සමාගමේ පුළුල් බෙදාහරින්නන්ගේ ජාලය කෙටි කාලයක් තුළ සියලුම ගෑස් බෙදාහැරීම් (Home Delivery) කඩිනමින් සිදුකිරීමේ පහසුකම් සලසා ඇති බවද සහතික කරනවා. මෙමගින් පාරිභෝගිකයන්ට සිලින්ඩරයක් රැගෙන එමින් සහ නැවත රැගෙන යමින් කාලය සහ අධික මුදලක් නාස්ති කරමින් එහා මෙහා යාමට සිදුනොවන නිසා වෙහෙසකර නොවන අමතර සහනයක් සැලසෙනවා.” යැයි සඳහන් කළේය.

රටේ ආර්ථිකය ප්‍රකෘතිමත් කර ප්‍රශස්ත මට්ටමින් පවත්වාගෙන යාමට සුවිශේෂී දායකත්වයක් ලබාදෙන විදේශගත/විගමණික ශ්‍රමිකයන්ට උපහාරයක් ලෙස මෙම විශේෂාංගය හඳුන්වා දුන් බවද සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය. එසේම ඔවුන් වෙහෙස මහන්සි වී විදෙස්ගතව සිදුකරන සේවයට ගෞරව කිරීමේ මෙම ප්‍රතිඋපකාරය නිසා, ශ්‍රී ලංකාවේ නිවෙස්වල සිටින තම ආදරණීයයන්ගේ ජීවිතය පහසු කරනු ඇති බවද සභාපතිවරයා අවධාරණය කළේය.

නව සභාපතිවරයා පත්වීමෙන් පසු ලිට්රෝ ගෑස් ලංකා සමාගමේ සැපයුම් අංශයේ ගැටලු රැසකට විසඳුම් ලැබී ඇති අතර, උද්ධමනය නොතකා, වත්මන් ආර්ථික පසුබෑම තුළ පාරිභෝගිකයන්ට සහනයක් ලබාදෙමින් ගෑස් මිල ගණන් සංශෝධනය කිරීමටද සමාගම සමත් වී ඇත. ඒ නිසාම, ගෑස් මිල ඉහළ යාමක් පිළිබඳව පැවති පුරෝකථන අසත්‍ය වන බැවින් මෙය තවදුරටත් විශේෂයෙන් කැපී පෙනුනකි.

එසේම, විදේශ විනිමය අර්බුදය මධ්‍යයේ දිගු පෝලිම් ඉවත් කළ පළමු වැනි අත්‍යවශ්‍ය සේවාව බවටද ලිට්රෝ ගෑස් ලංකා සමාගම පත්විය. මෙය සිදුකරනු ලැබුවේ ලෝක බැංකු ආධාර යටතේ මාස හතරක (4) අවශ්‍යතාවට අනුව LP ගෑස් මෙට්‍රික් ටොන් 100,000ක් ලබා ගැනීමෙනි. විශේෂයෙන්ම, ප්‍රධාන තරගකරුවා සිය මෙහෙයුම් තාවකාලිකව අත්හිටවූ විට දින 20ක කාලයක් තුළ සිලින්ඩර මිලියන 2.2ක් නිකුත් කරමින් ලිට්රෝ ගෑස් ලංකා සමාගම තනිවම ගෘහස්ථ අංශයට සේවා සැපයීය.

අනෙකුත් රජය සතු ව්‍යාපාර සඳහා පූර්වාදර්ශය තබමින් ලිට්රෝ ගෑස් ලංකා සමාගම ශ්‍රී ලංකාවේ ලාභ ලබන රාජ්‍ය හිමිකාරීත්වය දරණ ආයතන (SOEs) කිහිපයෙන් එකක් ලෙස අඛණ්ඩව ක්‍රියාත්මකව පවතී. මෙම ප්‍රගතියට ලිට්රෝ හි තාක්‍ෂණය සහ නවෝත්පාදනය කෙරෙහි දක්වන වැඩි නැඹුරුව හා අවධානයද හේතු විය හැක. ගෝලීය වසංගතයේ උච්චතම අවස්ථාව වනවිට 2020 ජූලි මාසයේදී දියත් කරන ලද ලිට්රෝ ගෑස් ලංකා සමාගමේ Home Delivery යෙදුම, තාක්‍ෂණය හරහා නිෂ්පාදන සහ සේවාවන් වෙත වඩාත් පුළුල් ලෙස ප්‍රවේශ විය හැකි බවට පත් කිරීමට සමාගමට ඇති කැමැත්ත සඳහා තවත් සුවිශේෂී උදාහරණයකි.

Home Delivery App එක Google Play හෝ App Store වෙතින් නොමිලේ ඩවුන්ලෝඩ් කරගත හැක. වැඩිදුර තොරතුරු සඳහා ලිට්රෝ ගෑස් ලංකා සමාගමේ පාරිභෝගිකයන් වෙනුවෙන්ම කැපවූ 1311 පාරිභෝගික සේවා මධ්‍යස්ථානය අමතන්න.

Visits: 107