NOLIMIT ඩුබායිහිදී සිය ප්‍රදර්ශනාගාරයක් විවෘත කරයි

මෙරට ජනප්‍රිය ඇගලුම් විලාසිතා ප්‍රදර්ශනාගාර ජාලයක් වන NOLIMIT ඊයේ (17දා) දිනයේදී එක්සත් අරාබි එමීරයේ ඩුබායි නුවරදී සිය ප්‍රදර්ශනාගාරයක් විවෘත කළ බව පවසයි.

ඩුබායි නුවර අල් ඝුරායිර් මධ්‍යස්ථානයේ පහතම මහලේ අංක G16 යන ස්ථානයේ මෙම ප්‍රදර්ශනාගාරය විවෘත කර තිබේ.

ලංකාවේ විශාලතම විලාසිතා ප්‍රදර්ශනාගාර ජාලය ලෙස අද වනවිට  NOLIMIT යටතේ ප්‍රදර්ශනාගාර 24ක් රට පුරා පිහිටුවා තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවෙන් පිටතදී NOLIMIT ප්‍රදර්ශනාගාරයක් විවෘත කෙරුණු පළමු අවස්ථාවදමෙය වෙයි.

Visits: 139