EFL Global එල්සැල්වදෝරය තුළ සිය ව්‍යාපාර තවදුරටත් පුළුල් කරයි

එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමේ සාමාජික EFL Global (Expo Freight Logistics) සමාගම ලතින් ඇමෙරිකානු කලාපයේ පිහිටි එල්සැල්වදෝරය තුළ සිදුකරන සිය මෙහෙයුම් තවදුරටත් ව්‍යාප්ත කරමින් ඇමෙරිකානු කර්මාන්ත උද්‍යාන නිදහස් කලාපය තුළ පිහිටි සිය ගබඩා සංකීර්ණය පුළුල් කළ බව පවසයි.

විශේෂයෙන්ම එල්සැල්වදෝරයේ ක්‍රියාත්මක EFL Global සමාගමේ මෙහෙයුම් සමස්ත ලෝකය පුරාම විහිදී සිටින පාරිභෝගිකයන් සඳහා වඩාත් ගුණාත්මක සහ කාර්යක්ෂම භාණ්ඩ ප්‍රවාහන විසඳුම් ලබාදීම සඳහා උපායමාර්ගික මධ්‍යස්ථානයක් ලෙස කටයුතු කරන බවත් සමාගම සඳහන් කරයි.

සමාගම පවසන ආකාරයට මෙම ව්‍යාපෘතිය යටතේ එල්සැල්වදෝරය තුළ වර්ග අඩි 220,000ක විශාලත්වයකින් යුත් ගබඩා පහසුකමක් දක්වා එය පුළුල් කර තිබේ. ඒ අනුව මෙය කලාපය තුළ ඉදිකර ඇති EFL Global හි දැවැන්තම භාණ්ඩ ප්‍රවාහන මධ්‍යස්ථානය ලෙසින්ද සැලකෙයි.

මීට පෙර කලාපය තුළ සමාගමට අයත් විශාලතම ගබඩා සංකීර්ණය ලෙස පැවතියේ හොන්ඩියුරාස්හි පිහිටි වර්ග අඩි 158,000ක විශාලත්වයකින් යුත් පරිශ්‍රයයි.

මෙලෙස අලුතින් පිහිටවුණු ගබඩා පරිශ්‍රය මගින් සාමාන්‍ය සහ ගුවන්, නෞකා සහ ට්‍රක් රථ හරහා ප්‍රවාහනය කෙරෙන ඉහළ වටිනාකමක් ගන්නා භාණ්ඩ ඇතුළුව භාණ්ඩ හැසිරවීමේ අවස්තාවක් පවතින බවත් EFL Global සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.

1982 වසරේදී පිහිටවුණු EFL Global සමාගමේ නිර්මාතෘවරයා වන්නේ එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමේ නිර්මාතෘ හනිෆ් යුසුෆ් මහතාය.

Visits: 185