හඳුන්වාදෙන ‘කොත්තු අයිස්ක්‍රීම්‘ සමගින් Akinra Ice Cream අලුත්ම අලෙවිහල මොරටුවේදී විවෘත කෙරේ

නවතම හඳුන්වාදීම් රැසක්ද සමගින් Akinra Ice Cream අලෙවි සැල් ජාලයේ අලුත්ම අලෙවිහල, ඊයේ (සැප්තැම්බර් 10 වැනිදා) අංක 471, ගාලුපාර, මොරටුව යන ස්ථානයේදී විවෘත කෙරුණු බව Akinra Ice Cream (පෞද්) සමාගම පවසයි.

ඒ අනුව ශ්‍රී ලංකාවේ පළමුවරට Akinra Ice Cream වෙතින් හදුන්වාදුන් රස වර්ග 60කින් සමන්විත අයිස්ක්‍රීම් නිෂ්පාදන සියල්ලම මෙහිදී රසවිදීමට අයිස්ක්‍රීම් රසවතුන්ට අවස්ථාව හිමිවෙයි. එසේම Akinra Ice Cream වෙත අලුතින්ම හඳුන්වා දෙන කොත්තු අයිස්ක්‍රීම්ද පළමුවරට රස විඳීමේ අවස්ථාව මොරටුවේ විවෘත කෙරුණු මෙම අලෙවි හල තුළින් ලබා ගැනීමේ අවස්ථාව පවතී.

මෙම නව Akinra Ice Cream අලෙවි හල විවෘත කිරීම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) තරග තීරකවරුන් දෙපළක් වන ග්‍රෑම් ලැබ්රොයි සහ වෙන්ඩෙල් ලැබ්රෝයි යන සුප්‍රසිද්ධ ලැබ්රෝයි සහෝදරයන් දෙදෙනාගේ ප්‍රධානත්වයෙන් සිදුකිරීමත් විශේෂත්වයකි. 

එසේම අදින් වසර දෙකකට පෙරාතුව Akinra Ice Cream සන්නාමය බිහි වුණු මොරටුව පුරවරය වෙත යළිත් පැමිණීමට හැකි වීමත් Akinra Ice Cream (පෞද්) සමාගම හිමිකරගත් සුවිශේෂී අවස්ථාවක් බව සමාගම පවසයි.

කිසිදු කෘත්‍රිම රසකාරක හෝ කෘත්‍රිම වර්ණක යොදා ගැනීමකින් තොරව, 100%ක්ම ස්වාභාවික පළතුරු සහ නැවුම් එළකිරි යොදා ගනිමින් මෙම Akinra Ice Cream නිෂ්පාදනය කිරීම එහි ජනප්‍රියත්වයට හේතුව වී තිබේ.

සිය අයිස්ක්‍රීම් නිෂ්පාදන සම්බන්ධයෙන් Akinra Ice Cream (පෞද්) සමාගමේ විධායක අධ්‍යක්ෂිකා යෝෂිතා විජේසූරිය මහත්මිය අදහස් දක්වමින්, “අයිස්ක්‍රීම් රසවතුන් වෙත විවිධ රස වර්ගවලින් අයිස්ක්‍රීම් ඉදිරිපත් කිරීම අපේ සමාගම මේ දක්වා ලැබූ සාර්ථකත්වයේ රහසයි. මේ නිෂ්පාදන සඳහා අපි සැම විටම යොදා ගන්නේ නැවුම් එළකිරි සහ නැවුම් පළතුරු පමණයි. මේ සියල්ලම ‘හෝම් මේඩ් අයිස්ක්‍රීම්‘ විදියටයි ඉදිරිපත් කෙරෙන්නේ. කිසිම ආකාරයක රසකාරක හෝ වර්ණක අපි යොදා ගැනීමක් සිදු කරන්නේ නෑ. ඒ නිසාම පාරිභෝගිකයන් තුළ අපේ නිෂ්පාදන කෙරෙහි විශ්වාසය ඉතාමත් ඉහළින් තිබෙනවා.” යනුවෙන් පැවසුවාය.

මෙම නවතම Akinra Ice Cream අලෙවි සැල තුළ අයිස්ක්‍රීම් නිෂ්පාදනවලට අමතරව කේක් වර්ග, අතුරුපස වර්ග මෙන්ම කෙටි ආහාර වර්ගද පාරිභෝගිකයන් වෙත ඉදිරිපත් කිරීම සැලසුම වී තිබේ. මෙහිදී Akinra Ice Cream නිෂ්පාදන ඇතුළුව මෙම සියලුම ආහාර නිෂ්පාදන සඳහා වන සියලුම නවෝත්පාදන හඳුන්වාදීම් සිදු කිරීම එහි ප්‍රදාන සූපවේදිනිය වන ලක්ෂිකා ප්‍රනාන්දු මහත්මිය අතින් සිදු වෙයි.

යෝෂිතා විජේසූරිය මහත්මිය වැඩිදුරටත් අදහස් දක්වමින්, “අපේ Akinra Ice Cream සන්නාමය යටතේ අද වෙන කොට රස 60ක් පාරිභෝගිකයන්ට තිලිණ කර තිබෙනවා. එතැනදී අපි ලෝක ප්‍රසිද්ධ රසවර්ග විදියට වෙරි බෙරි, බනානා සහ රසඉදි, බ්ලැක් බෙරි, බටර් ස්කොච්, කැපුචිනෝ, කුකීස් සහ ක්‍රීම්, ජින්ජර් ඇන්ඩ් හනි, ලෙමන් ඇන්ඩ් මින්ට්, මින්ට් චොකලට්, පීනට් බටර්, රාස්ප්බෙරි, රොකි රොඩ්, ස්ට්‍රෝබෙරි, ට්‍රිපල් චොකලට්, චොකලට් මාර්ෂ්මෙලෝස් යනාදිය තියෙනවා. ඒ වගේම නැවුම් පළතුරුවලින් නිපදවුණු කිරල, අලිගැටපේර, අඹ, නෙල්ලි, අන්නාසි, අණෝදා, දිවුල්, බෙලි සහ වරකා අයිස්ක්‍රීම් අපි නිපදවවනවා. මීට අමතරව ශ්‍රී ලාංකීය විශේෂිත හඳුන්වාදීම් විදියට පොල්, තැඹිලි, කිතුල්, කිරි සහ පැනි අයිස්ක්‍රීම් ඉදිරිපත් කර තියෙනවා.” යනුවෙන්ද සඳහන් කළාය.

අද වනවිට Akinra Ice Cream නිෂ්පාදන මිලිලීටර් 250, මිලිලීටර් 500, ලීටර් 1 සහ විවිධ රස වර්ග කිහියකින් සමන්විත වන ලෙසත් මිලදී ගැනීමේ හැකියාව පවතී. එසේම Waffle Corn සහ Waffle Tubs ලෙසින්ද Akinra Ice Cream ලබා ගත හැකිය. මීට අමතරව සිය නිෂ්පාදන නිවෙස් වෙතම ගෙන්වා ගැනීමේ පහසුකම්ද Akinra Ice Cream (පෞද්) සමාගම අද වනවිට පාරිභෝගිකයන් වෙත ලබා දී තිබේ.

මෙහිදී කුඩා දරුවන් සඳහා වඩාත් ජනප්‍රිය ෆලූඩා, වැනිලා, චොකලට් සහ ෆෘට් ඇන්ඩ් නට් යනාදී ලෙසත් අයිස්ක්‍රීම් නිෂ්පාදන ඉදිරිපත් කර ඇත. එසේම ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා සීනි රහිත අයිස්ක්‍රීම් නිෂ්පාදන පෙළක්ද අකින්රා අයිස්ක්‍රීම් මගින් හඳුන්වාදී තිබේ.

2020 සැප්තැම්බර් මාසයේදී රස වර්ග 20කින් සමන්විතව මොරටුව, කොරළවැල්ලේ පිහිටවූ Akinra Ice Cream අලෙවි හල Akinra අයිස්ක්‍රීම් සන්නාමයේ ආරම්භයයි. ඉන්පසුව 2021 පෙබරවාරි මාසයේදී රසවර්ග 35කින් සමන්විතව නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ පිහිටි රජවාස සාප්පු සංකීර්ණයේදී Akinra Ice Cream අලෙවි හලක් විවෘත විය. රස වර්ග 60ක් සමගින් පළමු අලෙවි සල මේ වසරේ මාර්තු මාසයේදී තලවතුගොඩදී විවෘත කෙරුණු අතර, පළමුවරට පාසැලක් තුළ පිහිටවූ Akinra Ice Cream අලෙවි හල ලෙස මීගමුව මාරිස්ටෙලා විදුහලේ ආදි ශිෂ්‍ය මධ්‍යස්ථානයේදී විවෘත කෙරිණි.

ඒ අනුව ගත වූ වසර දෙකක කාලය තුළදී මොරටුව, නාරාහේන්පිට, කලුතර, දික්වැල්ල, රත්නපුර, බිබිල, මඩකලපුව, වෙන්නප්පුව, මාදිවෙල සහ තලවතුගොඩ යනාදී ලෙස අලෙවි සැල් 10ක් අයිස්ක්‍රීම් පාරිභෝගිකයන් වෙනුවෙන් විවෘත කරන්නට Akinra Ice Cream(පෞද්) සමාගමට හැකියාව ලැබී තිබේ.

Akinra Ice Cream පිළිබඳ වැඩිදුර තොරතුරු දුරකතන අංක 0773 710931 ඇමතීමෙන් ලබා ගත හැකිය. එසේත් නැත්නම් www.akinraicecream.lk වෙත පිවිසෙන්න.

Visits: 879