FIFA ශ්‍රී ලංකාව තුළ ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩාංගණයක් සහ පුහුණු මධ්‍යස්ථානයක් ඉදිකිරීමට යයි

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) දායකත්වයෙන් ඉදිරියේදී ශ්‍රී ලංකාව තුළ ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩාංගණයක් සහ පුහුණු මධ්‍යස්ථානයක් ඉදිකිරීම සිදු කෙරෙනු ඇතැයි සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

ඊයේ දිනයේදී FIFA හි සභාපති ගිආනි ඉන්ෆාන්ටිනෝ මහතා හමුවීමෙන් අනතුරුව සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා මේ බව පවසා තිබේ.

මෙහිදී එම කටයුතු සම්බන්ධයෙන් FIFA යහපත් ප්‍රතිචාර දැක් වූ බවත්, එම ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩාංගණය ඉදිකිරීම සඳහා වන භූමිය, ඉඩම් අමාත්‍යාංශය මගින් ලබාදෙනු ඇති බවත් ඔහු මෙහිදී සඳහන් කර තිබේ.

එසේම මෙම කටයුතු පවත්වාගෙන යාම සඳහා වන තාක්ෂණික කමිටුවත් නුදුරේදීම පත් කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබේ.

Visits: 70