කොමර්ෂල් බැංකුව යාපනයේදී විශේෂ ප්‍රේෂණ සහ තැන්පතු ප්‍රවර්ධන වැඩසටහනක් පවත්වයි

කොමර්ෂල් බැංකුව සිය පේ‍්‍රෂණ සේවා භාවිතය දිරිමත් කිරීම සඳහා පසුගියදා යාපනය නල්ලූර් කන්දසාමි කෝවිලේ උත්සවයට සමගාමීව ප‍්‍රවර්ධන වැඩසටහන් මාලාවක් පවත්වා තිබේ.

නව ගිණුම් විවෘත කිරීම සහ විශේෂ දිරි දීමනා සහ ත්‍යාග ලබාදෙන බැංකුවේ ප්‍රේෂණ සේවා පිළිබඳව මෙහිදී දැනුවත් කර තිබේ.

මෙම ප‍්‍රවර්ධන වැඩසටහන සතියක් පුරා පැවති අතර එහිදී ‘Vibe’ තරුණ ඉතිරිකිරීමේ ගිණුම, DotCom නව යෞවන ඉතිරි කිරීමේ ගිණුම සහ දෙමව්පියන්ට සහ භාරකරුවන්ට දරුවන් වෙනුවෙන් විදේශීය මුදල් වලින් ඉතිරි කිරීම දිරිමත් කිරීම සඳහා පසුගියදා ආරම්භ කළ ‘අරුණළු’ විදේශීය මුදල් ළමා ඉතිරි කිරීමේ ගිණුම ඇතුළු බැංකුවේ සේවාවන් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කළ බව බැංකුව පවසයි. මෙහිදී නව Vibe සහ DotCom ගනුදෙනුකරුවන්ට නොමිලේ Vibe සහ DotCom කාඞ්පත් ප‍්‍රදානය කරන ලදී.  

මීට අමතරව, බැංකුව විසින් මෙහිදී ‘ComBank RemitPlus’ භාවිතා කරමින් පේ‍්‍රෂණ සම්බන්ධ තොරතුරු සහ සේවා සඳහා ප‍්‍රවේශ වීමේදී ලැබෙන ප‍්‍රතිලාභ, මුදල් වලින් ගිණුම් වලට පේ‍්‍රෂණ එවීමේදී තිබෙන වාසි සහ පේ‍්‍රෂණ සඳහා ඊ- රිසිට්පතක් ලබාගැනීමේ පහසුව පිළිබඳවද දැනුවත් කළේය. එසේම, බැංකුවේ ඩිජිටල් බැංකුකරණ පද්ධතිය වන කොම්බෑන්ක් ඩිජිටල් භාවිතා කිරීමේ ප‍්‍රයෝජනද මෙහිදී පැහැදිලි කරන ලදී.  

බැංකුව විසින් සමාජ මාධ්‍ය හරහා සහ අත්පත‍්‍රිකා බෙදා දෙමින් ජනතාව සමඟ සම්බන්ධ වූ බවත් යාපනයේ ජනප‍්‍රිය උත්සවයක් වන නල්ලූර් උත්සවය නිසා විශාල පිරිසක් මෙම වැඩසටහන් වලට සහභාගී වූ බවත් බැංකුව පවසයි. 

Visits: 43