Rakuten Viber හි Cricket Fiesta, 2022 ආසියානු කුසලානය සහ ලෝක කුසලානය සඳහා යලි පැමිණේ

Rakuten Viber විසින් වසර අවසානය දක්වා විනෝදාත්මක ක්‍රියාකාරකම් පෙළක් ක්‍රිකට් ලෝලීන් වෙත අත්දැකීම් ලෙස ලබා දෙන බව පවසයි.

ඒ අනුව පණිවිඩ යැවීමේ යෙදුම හරහා Cricket Vibes Channel සමඟ ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ක්‍රීඩාව සමඟින් Viber සිය සලකුණ ශක්තිමත් කරන බැවින්, Viberහි ක්‍රිකට් පිළිබඳව කතා බහ (Cricket Talks), රසිකයන් වෙත ගෙන එන ප්‍රශ්න මාලාව (Fan Quizzes) සහ ක්‍රිකට් සුපර්බෝට් (Cricket Superbot) ආරම්භ කිරීම ඇතුළු තවත් අංග රැසක් ක්‍රීඩා ලෝලීන් වෙත ලබා දීමට සැලසුම් කර ඇත.

මේ අතරින් නව Superbot විශේෂාංගය කඩිනමින් නාලිකාවට එක් කෙරෙන ස්වයංක්‍රීය විශේෂාංගයක් වන අතර එහිදී රසිකයින්ට ක්‍රිකට් තරග විඳිය හැකිය. එමඟින් ඉදිරියේදී පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරග, සජීවී යාවත්කාලීන කිරීම්, තරඟ පිළිබඳ අනාවැකි සහ තවත් දේ පිළිබඳව ප්‍රථමයෙන්ම සාමාජිකයින් හට දැක බලා ගැනීමට සලස්වයි.

උද්යෝගය එකාකාරීව දිගටම පවත්වා ගැනීම සඳහා, ඔවුන් සියල්ලන්ගේම අවසාන ක්‍රිකට් රසිකයා තීරණය කිරීම සඳහා Viber විසින් දිනපතා තරඟයක් ද පවත්වනු ලබයි. එහිදී ක්‍රිකට් පිළිබඳව සුළු ප්‍රශ්නවලට නිවැරදිව පිළිතුරු ලබා දීමෙන් සහ ආකර්ෂණීය ත්‍යාග දිනා ගැනීමෙන් රසිකයින්ට ලකුණු ලබා ගැනීමට සහ ලකුණු එක් රැස් කර ගැනීමට හැකිවේ.

නිදහස් සන්නිවේදන යෙදුම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට සහාය වීම සඳහා බහුවිධ වූ ප්‍රචාරණයන් දියත් කරනු ලැබූ පළමු අවස්ථාව මෙය නොවන අතර, සෑම අවස්ථාවකදීම ප්‍රේක්ෂකයින් ඒ සියල්ලටම කේන්ද්‍රගත කර ඇත. මේ වසර ආරම්භයේදී ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර සජීවී ක්‍රීඩා තරඟයක් නැරඹීමට වාසනාව ක්‍රිකට් ලෝලීන්ට හිමි විය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන Rakuten Viber හි ආසියා ශාන්තිකර කලාපයේ (APAC) ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ ඩේවිඩ් ට්සේ ”අපගේ පෙර ක්‍රිකට් ප්‍රචාරණ වැඩසටහන් සාර්ථක වූ අතර මෙවැනි සහයෝගිතා තුළින් රසිකයින්ට උද්යෝගීමත් වූ ක්‍රියාකාරකම් සහ විශේෂාංග ලබා දීමට එම සාර්ථකත්වය අපව පොළඹවනු ලබනවා. ඔවුන් ක්‍රිකට් සඳහා ප්‍රතිචාර දක්වන ආකාරය සහ ඔවුන්ගේ කණ්ඩායම්වලට සහ ප්‍රියතම ක්‍රීඩකයින්ට සහය දෙන ආකාරය දැකීමෙන් ඔවුන් ක්‍රීඩාව කෙරෙහි කොයිතරම් කැපවීමක් ලබා දෙනවා ද යන්න පමණක් නොව ශ්‍රී ලාංකික ජනතාව ක්‍රිකට් වෙනුවෙන් කෙතරම් කැමැත්තක් දක්වනවාද යන්න පිළිබඳව පිළිඹිබු වෙනවා. මේ තුළින් තවත් ස්ටිකර් ඇසුරුම් (sticker packs), කාච (lenses), විශේෂ වූ නාලිකා වැඩසටහන් (Channel segments) සහ තවත් බොහෝ දේ නවීනත්වයෙන් යුතුව හඳුන්වා දීමට අපව පොලඹවනවා. මෙම රසික පදනම වර්ධනය වනවා දැකීම ඉතාමත් විචිත්‍රවත් වන අතර එහි කොටසක් වීමට ලැබීම අපට ගෞරවයක්” යනුවෙන් පවසයි.

මේ අතර ආසියානු ක්‍රිකට් කුසලානය සහ එළැඹෙන 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය තුළින් Viber විසින් හඳුන්වාදෙන Viber ක්‍රික් වයර් (Cricwire) සහ මිරර් සපෝර්ට්ස් (Mirror Sports) වැනි තවත් දේශීය ශ්‍රී ලාංකේය ප්‍රචාරණ විශේෂාංග කිහිපයක් සමඟින් Viber තවත් ඉදිරියට ගමන් කරනු ඇතැයිද සඳහන් වෙයි.

ඒ අනුව ක්ෂණික පණිවිඩ යැවීමේ යෙදුම මෙන්ම, මෙම විශේෂාංගවල නම් පාරිභෝගිකයින්ට හොඳම අත්දැකීම් ලබා දීමේ තීරුව දිගටම ඔසවා තබනු ඇත.

එසේම ක්‍රිකට් රසිකයන් සඳහා දැන් Cricket Vibes Channel සහ Cricket Superbot සමඟ දිනපතා යාවත්කාලීන කිරීම්, සුවිශේෂී අන්තර්ගතයන් සහ තවත් බොහෝ දේ බැලීම සඳහා සම්බන්ධ විය හැක.

Visits: 41