ලේක් හවුස් ප්‍රින්ටර්ස් ඇන්ඩ් පබ්ලිෂර්ස් පීඑල්සී වෙතින් රුපියල් 2.00 බැගින් ලාභාංශ ගෙවීමක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ලේක්හවුස් ප්‍රින්ටර්ස් ඇන්ඩ් පබ්ලිෂර්ස් පීඑල්සී සමාගම (LPRT.N0000) සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි.

ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 2.00 බැගින් ලාභාංශ ගෙවන බව සමාගම සඳහන් කරයි.

මෙය 2022 මාර්තු 31 වැනිදායින් අවසන් වූ 2021/22 මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන පළමු සහ අවසන් ලාභාංශ ගෙවීම ලෙස සටහන්ව තිබේ.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස ලබන ඔක්තෝබර් 25 වැනිදා ප්‍රකාශ කෙරී ඇති අතර,ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස ඔක්තෝබර් 03 වැනිදා නම් කෙරී තිබේ.

මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍යව තිබෙන බවත් ඒ සඳහා වන මීළග වාර්ෂික මහා සභා රැස්වීම ලබන සැප්තැම්බර් 30 වැනිදා පැවැත්වෙන බවත් ලේක් හවුස් ප්‍රින්ටර්ස් ඇන්ඩ් පබ්ලිෂර්ස් සමාගම පවසයි.

පසුගිය ජූනි 30 වැනිදායින් අවසන් වූ 2022/23 මූල්‍යවර්ෂයේ පළමු මාස තුන තුළදී ලේක්හවුස් ප්‍රින්ටර්ස්  ඇන්ඩ් පබ්ලිෂර්ස් පීඑල්සී සමූහය රුපියල් 10,621,000ක ලාභයක් හිමි කරගෙන ඇතැයි පවසයි. එය පෙර වසරේ එම කාලසීමාවේදී හිමිකරගත් ලාභය මෙන් 22%ක වර්ධනයකි. එසේම අදාළ කාලසීමාව තුළදී එම සමාගම රුපියල් 8,664,000ක ලාභයක් හිමි කරගෙන තිබේ. එය පෙර වසරේ එම කාලසීමාවට සාපේක්ෂව 11.9%ක වර්ධනයකි.

2020/21 මූල්‍ය වර්ෂය සඳහාද ලේක්හවුස් ප්‍රින්ටර්ස්  ඇන්ඩ් පබ්ලිෂර්ස් පීඑල්සී සමාගම කොටසකට රුපියල් 1.75ක් බැගින් ලාභාංශ ගෙවීමක් සිදු විය.

Visits: 52