MediHelp රෝහල් ජාලය අතුරුගිරියට පැමිණෙයි

MediHelp hospitals රෝහල් සමූහය සිය 37 වසරක අභිමානය සමගින් සිය නවතම රෝහල් සංකීර්ණය අංක 175 මාලබේ පාර අතුරුගිරිය යන ලිපිනයෙහි පසුගියදා විවෘත කර තිබේ.

MediHelpරෝහල් සමූහයේ සභාපති ලෙස්ලි විජේසිරිවර්ධන, ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය මෙන්ම රෝහල් කාර්ය මණ්ඩලය සහ ආරාධිත අමුත්තන් ඇතුළුව විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

නවතම පහසුකම් වලින් සමන්විත බාහිර රෝගී අංශය, ඇඳන් 5 කින් සමන්විත හදිසි ප්‍රතිකාර ඒකකය, විශේෂඥ වෛද්‍ය සේවය, රසායනාගාර පහසුකම්, ෆාමසි, අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන්, Echocardiography, ඩිජිටල් X-Ray, ශල්‍යාලාර, දන්ත සායන, දෘෂ්ටි විශේෂඥ සේවා සහ සෞක්‍ය පරීක්ෂණ ඇතුළුව පුළුල් සෞඛ්‍ය සේවා රැසක් අතුරුගිරිය MediHelp රෝහල මගින් ලබා දෙනු ඇත.

එමෙන්ම මූලික රෝහල් සේවා පවත්වාගෙන යන සෞඛ්‍ය ආයතන අතුරින් විවිධ රෝගාබාධ සඳහා වැඩිම විශේෂඥ වෛද්‍යවරුන් පිරිසකගේ සහාය ලබා ගත හැකි එකම ස්ථානය MediHelp රෝහල් සමූහය බව අවිවාදයෙන් නම් නළ හැක.

මෙම අවස්ථාවට සහභාගී වෙමින් අදහස් දැක්වූ Med helpරෝහල් සමූශයේ සභාපති ලෙස්ලි විජේසිරිවර්ධන මහතා “ මීට වසර 37කට පෙර කුඩා රසායනාගාරයක් ලෙස හොරණ නගරයෙන් ආරම්භ කළ ගමන අද වන විට යෝධ වනස්පතියක් බවට පත්වෙමින් ලක්ෂ සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයින්ගේ විශ්වසනීය රෝහල් සන්නාමයක් බවට Med helpනාමයපත්ව තිබීම පිලිබඳව මම අවංකවම සතුටුවෙනවා”යනුවෙන් පැවසීය.

අතුරුගිරිය රෝහලේ සමාරම්භක අවස්ථාවට එක් වූ MediHelp රෝහල් සමූහයේ සෞඛ්‍ය‌ සේවා අධ්‍යක්ෂ වෛද්‍ය චරිත විජේසිරිවර්ධන මහතා “MediHelp රොහල් සමූහය සිය සේවා ව්‍යාප්තිය විවිධ ප්‍රදේශයන් වෙත ගෙන යන අතරම රෝගීන්ගේ ආරක්ෂාව තහවුරු කරමින් ගුණාත්මක වෛද්‍ය සේවාවක් පවත්වාගෙන යෑම සඳහා වන අපගේ කැපවීම එලෙසම පවත්වාගෙන යන බව අවධාරණය කරන්නට කැමතියි”.

 “සියලු ශ්‍රී ලාංකිකයින්ට ගුණාත්මක රෝහල් සේවාවක් වෙත ප්‍රවේශ වීම සඳහා අයිතියක් තිබෙන අතර මෙම අයිතිය පසුගිය 37 වසර පුරාම තහවුරු කරමින් ශ්‍රී ලාංකිකයින්ට ගුණාත්මක රෝහල් සේවාවක් දැරිය හැකි මිලකට ලබා දීමට අපට හැකිව තිබෙනවා. එමෙන්ම අභිනව MediHelpඅතුගිරිය රෝහලේ සමාරම්භය අප ගමන්මගේ තවත් සන්ධිස්ථානයක් බව මගේ අදහසයි”.

“වේගයෙන් සංවර්ධනය වන අතුරුගිරිය නගරය කොට්ටාව හම්බන්තොට අධිවේගී මාර්ගයෙහි පිවිසුමක පිහිටි බැවින් ආර්ථිකමය අතිශය වැදගත් කමක් උසුලන අතර සියලු ප්‍රධාන පෙළේ මූල්‍ය ආයතන, සහ සෙසු පහසුකම් නගරය කෙන්ද්‍රගතව ස්ථාපිථව තිබෙනවා. එම නිසා අතුරුගිරිය හා ඒ අවට ප්‍රදේශවල වෙසන ජනතාවට කොළඹ නගරයට පිවිසීමෙන් තොරව ගුණාත්මක තත්වයේ සෞඛ්‍ය සේවාවක් වෙත ප්‍රවේශ වීමට අතුරුගිරිය MediHelpරෝහල ප්‍රශස්ත සුවසේවා නැවතුමක් බවට පත් වන බව මගේ විශ්වාසයයි” යනුවෙන් MediHelpරෝහල් සමූහයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී නිශාන්ත ජයමාන්න මහතා පැවසීය.

Visits: 47