SLIIT සිසුන් ඉදිරිපත් කළ ‘මත්පැන් රෝගාබාධ ඇතිකරයි‘ පර්යේෂණ පත්‍රිකාවට ඉහළ පිළිගැනීමක්

අගනා ප්‍රතිඑල සහ සාර්ථක පර්යේෂණ සංස්කෘතික පසුබිමක් ඉදිරිපත් කරමින් SLIIT හි සිසුන් නැවත වරක් සිය පර්යේෂණ සඳහා H-Index සහ PLOS One ප්‍රකාශනයක් හිමි කර ගෙන ඇතැයි පවසයි.

Alcohol brings burdens (මත්පැන් රෝගාබාද ඇති කරයි) යන ප්‍රකාශන පත්‍රිකා මාතෘකාව යටතේ SLIIT හි සිසුන් වන ඕෂද අතුකෝරල, සඳුනි ඉෂාරා, දිෂානි සිල්වා සහ ටාන්‍යා පතිරගේ යන අයගේ සහයෝගීතාවය ඇතිව මත්පැන් පරිභෝජනය සහ ගෝලීය රෝගාබාද පිළිබඳ ගෝලීයවශයෙන් හා මහාද්වීප වශයෙන් අධ්‍යයනයක් කර තිබේ.

මේ සම්බන්ධයෙන් සිසුන් සමඟ කළ සාකච්ජාවේදී, ඔවුන් සිය පර්යේෂණ ගමන් මග සහ ප්‍රකාශනයේ සාර්ථකත්වය පිළිබඳව අදහස් දක්වනු ලැබීය.

නිශ්චිත ප්‍රදේශය හා අදාළ මාතෘකාව තෝරා ගැනීමට හේතුව කුමක්ද?
”අපගේ පර්යේෂණ ක්ෂේත්‍රයට සම්බන්ධ ඉහළ Scimago H-දර්ශක පත්‍රිකා අපට හමුවුණා, නමුත් මහාද්වීප වශයෙන් ඒ ගැන කිසිම පර්යේෂණයක් සිදු කර නැහැ. අපගේ මාතෘකාවට අදාළ ගැඹුරු පර්යේෂණ අධ්‍යයනයක් නොතිබූ නිසා මත්පැන් පානයට අදාළ ප්‍රභේද ලෙස වයින්, බියර්, ස්ප්‍රීතු සහ වෙනත් මධ්‍යසාර පාන වර්ග ඇති බව ද අපි සඳහන් කළා.

ඒ අනුව, මහාද්වීප මිල සඳහා එක් එක් මත් පැන් පරිභෝජන ආශ්‍රිත රෝගාබාද සඳහා අපගේ පර්යේෂණ අධ්‍යයනය සිදු කිරීමට අප තීරණය කළා. මෙම සියලු වෙනස්වීම් එකට යොදාගෙන මේ දක්වා කිසිම පර්යේෂණ අධ්‍යයන කටයුත්තක් සිදු කර නොමැති නිසා අපි අපගේ සමාජ-ජනවිකාස පරිසරය, මානව සංවර්ධන දර්ශකය සහ ආදායම වැනි ස්වාධීන වෙනස්වීම් ද සලකා බැලුවා.”

පර්යේෂණ කටයුතු කොපමණ කලක් සිදු කළාද?
පර්යේෂණය අවසන් වසරේ පළමු අධ්‍යයන වාරය තුළදී, එනම් පෙබරවාරි මාසයේ සිට ජූනි මස දක්වා වූ මාස හයකට ආසන්න කාලයක් තුළ අවසන් කරනු ලැබුවා. සම්පූර්ණ පැවරුම සඳහා මාස 12 ක කාලයක් ගත වූ නමුත් මාස හයක කාලයක් තුළ පර්යේෂණ කොට අවසන් කිරීම අප ලැබූ ජයග්‍රහණයක්.

උපාධිය ලබා ගැනීමටත් පෙර මෙලෙස කැපී පෙනෙන ජයක් හිමිකර ගත්තේ කෙසේද?
හොඳ තත්ත්වයේ ප්‍රකාශනයක් සමඟ මාස හයක් වැනි කාලයක් තුළදී පර්යේෂණ කටයුතු අවසන් කිරීම පහසු දෙයක් නොවේ. කෙසේ නමුත් එවැනි විශාල ක්‍රියාවලියක් සම්පූර්ණ කිරීමට අපට මඟපෙන්වමින් සහ දැනුම ලබා දෙමින් අපට සහාය ලබා දීමට තව බොහෝ දෙනෙක් සිටියා.

ඔවුන් අතරින් අපව අධීක්ෂණය කරනු ලැබූවේ SLIIT ව්‍යාපාරික පාසලෙහි සහකාර මහාචාර්ය, මහාචාර්ය රුවන් ජයතිලක, මහතාය. මුල සිටම අපේ අධීක්‍ෂකවරයා ලෙස මහාචාර්ය රුවන් ජයතිලක මහතා තෝරා ගැනීමට අප විශේෂ උනන්දුවකින් කටයුතු කළේ ඔහුගේ පර්යේෂණවලට ඇති කීර්තිය සහ ඔහු සතුව තිබෙන නවීනත්වයෙන් යුතු චින්තනය නිසාය. පියවරෙන් පියවර පර්යේෂණයේ කාලය පුරාවටම ඔහු අපට ලබා දුන් දිරිගැන්වීම සුවිශේෂයි.

ඔහු පසුගිය අධ්‍යයන කටයුතු සඳහා උදාහරණ සපයනු ලැබුවා. ආදි සිසුන්ගේ අතීත ජයග්‍රහණ පිළිබඳව ඉදිරිපත් කරමින් සිය අත්දැකීම් හුවමාරු කර ගත්තා. ඊට අමතරව, ඔහුගේ දේශන ඉතා සිත්ගන්නාසුළු හා උද්යෝගිමත් වූ අතර, ඒ තුළින් අපිව තවත් දිරිමත් වුණා.

අපි හතර දෙනා විවිධ දිස්ත්‍රික්කයන් හි විවිධ වූ ප්‍රදේශවලින් පැමිණි අය. මේ නිසා ගුණාත්මක වූ සඟරා ප්‍රකාශනයක් සමඟ මාස හයකින්ප ර්යේෂණ කටයුතු අවසන් කිරීම ඉතා අපහසු කටයුත්තක් වූවා. භෞතික වශයෙන් සන්නිවේදනය කිරීමට සහ රැස්වීම් පැවැත්වීමට බාධා ඇති වුණා. ඒ කොහොම නමුත් අපගේ කණ්ඩායමේ සියලුම සාමාජිකයින් පර්යේෂණය සම්පූර්ණ කිරීම සඳහා ඉතා වෙහෙස මහන්සි වී වැඩ කළා. තම කාලය කැප කරමින් කණ්ඩායම මෙම ජයග්‍රහණය සඳහා දායක වූ පර්යේෂණ වෙනුවෙන් සිය ප්‍රමුඛතාවය ලබා දුන්නා.

ආර්ථික දුෂ්කරතාවයන් හමුවේ පීඩා විඳිමින් තමයි අප පර්යේෂණ කටයුතු සිදු කළේ. අපගේ දෙමව්පියන් ඒ සඳහා අපට ශක්තියක් වෙමින් එම අභියෝග ජය ගැනීමට සහාය ලබා දීම ගැන අප සඳහන් කළ යුතුයි.

ඔබලාගේ පර්යේෂණය වෙනුවෙන් SLIIT ඔබට සහාය වුයේ කෙසේද?
SLIIT හි මාර්ගගත සහ මාර්ගගත නොවූ අධ්‍යයන කටයුතු හා එහි සම්පත් මෙම ඉලක්කය සපුරා ගැනීමට අපට උපකාර වුණා. අපගේ කණ්ඩායමේ සමහර සාමාජිකයන් ආයතනවල සේවය කරන නිසා, අපට සහාය වීමට ආයතනික වශයෙන් කණ්ඩායමක් සිටීම ඉතා වැදගත් විය. SLIIT ව්‍යාපාරික පාසලෙහි කථිකාචාර්යවරුන් සහ කාර්ය මණ්ඩලය අපට සහාය වූවා. මෙම ගමන් මග සාර්ථක කර ගැනීම සඳහා ඔවුන්ගේ මගපෙන්වීම සහ සහය ලබා දීම පිළිබඳව ද අපගේ ස්තුතිය ඔවුන් වෙත පුදකර සිටිනවා.

මෙම පර්යේෂණය කිරීමට අවස්ථාව ලබාදුන් SLIIT ආයතනයේ කුලපතිවරයා, උපකුලපති සහ නියෝජ්‍ය උපකුලපතිවරයා මෙන්ම SLIIT ව්‍යාපාරික පාසලේ පීඨාධිපති මහාචාර්ය සමන්ත තෙලිජ්ජගොඩ මහතාටද අපගේ ස්තුතිය පුදකර සිටිනවා.

පර්යේෂණය ප්‍රකාශනය කිරීම සඳහා පිළිගෙන තිබේද?
ඔව්, අපගේ පර්යේෂණය SJR හි Q1 කාණ්ඩය සමඟ H-දර්ශකයේ 367 සඟරාවක් විසින් පිළිගෙන තිබෙනවා. සඟරාව PLOS ONE, Scopus හි ඉහළම ශ්‍රේණි දහය අතරට පැමිණ ඇති අතර දැනට පර්යේෂණ පත්‍රිකා සඳහා 10%කට වඩා අඩු පිළිගැනීමේ අනුපාතයක් පවත්වාගෙන යනවා.

පර්යේෂණ ක්‍රියාවලිය ගැන සඳහන් කළ හැකිද?
මුළින්ම අපට හොඳ පර්යේෂණ ගැටළුවක් සොයා ගැනීමට උවමනා වුණා. අවශ්‍ය සියලුම මගපෙන්වීම් සහ පියවරයන් අපගේ අධීක්ෂක විසින් ලබා දුන්නා. හොඳ පර්යේෂණ මාතෘකාවක් තෝරා ගත් පසුව අදාළ යෝජනාව සම්පූර්ණ කළා. අදාළ ශාස්ත්‍රීය ග්‍රන්ථ පරිහරණය කිරීම, දත්ත එකතු කිරීම, හා විශ්ලේෂණය කර ප්‍රතිඵල ලියා පසුව අපගේ පර්යේෂණ ලිපිය අවසන් කළා.

ඔබලාගේ ඉදිරි සැලසුම් මොනවාද?
අපගේ ශාස්ත්‍රීය නිබන්ධයේ ඉතිරි අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා අපි තවත් ලිපි ලිවීමට සැලසුම් කරනවා. තවත් නවීන වෙනස්කම් සමඟින් අධ්‍යයන ක්ෂේත්‍රය තවදුරටත් පර්යේෂණ කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඉදිරි මාස හතර තුළ ප්‍රධාන ඉලක්කය බවට පත්වී තිබෙන්නේ අපගේ උපාධිය ලබා ගැනීමට ප්‍රථමව පත්‍රිකාවේ අරමුණු සම්පූර්ණ කිරීමයි. මෙම සඟරා පත්‍රිකාව අපගේ වෘත්තීය ගමන් මගට විශාල සහයෝගයක් සහ මග පෙන්වීමක් මෙන්ම ශාස්ත්‍රීය කටයුතු සඳහා දායක වනු ඇත.

Visits: 85