කොළඹ පෝර්ට් සිටියට අලුතින් එක් වු අශ්ව ස්තාලය අද සිට විවෘත වෙයි

කොළඹ වරාය නගරය හෙවත් Colombo Port City වෙත එක් වූ අලුත්ම අංගය වන අශ්ව ස්තාලය අද දිනයේදී සංචාරකයන් සඳහා විවෘත කෙරෙන බව එය පවත්වාගෙන යන Ceylon Riding Club පවසයි.

මෙහිදී අසුන් පැදයාම පිළිබඳ පාඩම් මාලා, අශ්වයන් සහ පෝනියන් පිට උඩ යෑම මෙන්ම අශ්වයන් මුහුදේ ස්නානය කිරීමේ අවස්ථාවන් දැක බලා ගැනීම ඇතුළු විවිධ ක්‍රියාකාරකම් රැසකම නිරත වීමේ අවස්ථාව පැමිණෙන්නට හිමි වන බව සඳහන් වෙයි.

Ceylon Riding Club වෙතින් කොළඹ වරාය නගරය තුළ මෙවැනි ස්තාලයක් ඉදිකිරීමේ බලපත්‍රය හිමි වූයේ 2021 වසරේදීය. ඒ අනුව වරාය නගර භූමිය තුළ අක්කර තුනහමාරක භූමියක මෙම ඉස්තාලය ඉදිකර තිබේ. පසුගිය අගෝස්තු මාසයේදී මෙම ස්තාලය ඉදිකිරීම් අවසන් වූ අතර එහි නිර්මාණ ගෘහනිර්මාණශිල්පී අරෝෂ පෙරේරා විසින් සිදුකර තිබේ. එසේම ඊට යොදා ගෙන ඇති අමුද්‍රව්‍ය සියල්ලක්ම දේශීයව සම්පාදනය කරගත් ඒවා වන බවත් පැවසෙයි.

මෙලෙස අද දිනයේ පටන් පොර්ට් සිටියේ ස්තාලය වෙත පැමිණීමට බලාපොරොත්තු වන පිරිස් සඳහා එය පෙරවරු 9.00 සිට පස්වරු 6.00 දක්වා විවෘතව තැබෙන බව Ceylon Riding Club සංගමය සඳහන් කරයි. එහිදී අශ්වයන් පැද යාම පෙරවරු 11.00ට පෙර සහ පස්වරු 3.00 පසුව පමණක් සිදුකළ හැකිය. එසේම අශ්වයන් මුහුදේ පිහිනීමේ අවස්ථාවන් පෙරවරු 11.00 සහ පස්වරු 5.30 අතර කාලසීමාවේදී සිදු කෙරේ.

මෙම අවස්ථාවන් පිළිබඳ වැඩිදුර විස්තර 94 77 741 1585 යන වට්ස්ඇප් දුරකතනය හරහා Ineke වෙත පණිවුඩයක් තැබීමෙන් දැනගත හැකි බවත් Ceylon Riding Club සඳහන් කරයි.

Visits: 120