ඩිල්මා සිලෝන් ටී වෙතින් කොටසකට රුපියල් 15.00 බැගින් ලාභාංශ ගෙවීමක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ඩිල්මා සිලෝන් ටී කම්පැනි පීඑල්සී සමාගම (CTEA.N0000) සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි. ඊයේ රැස්වුණු එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මේ පිළිබඳ යෝජනාව ඉදිරිපත්ව තිබේ.

ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 15ක් බැගින් ලාභාංශ ගෙවීමක් සිදු කරන බව සමාගම පවසයි.

මෙය 2022 මාර්තු 31 වැනිදායින් අවසන් වූ 2011/22 මූල්‍ය වර්ෂය සඳහා සඳහා ලබා දෙන අවසන් ලාභෘංශ ගෙවීම බව ඩිල්මා සිලෝන් ටී කම්පැනි සමාගම සඳහන් කරයි.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස ඔක්තෝබර් 19 වැනිදා ප්‍රකාශ කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස සැප්තැම්බර් 30 වැනිදා නම් කෙරී තිබේ.

මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් සිය කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍යව ඇතැයිද සමාගම පවසයි. මේ සඳහා වන සමාගමේ මීළග වාර්ෂික මහා සභා රැස්වීම ලබන සැප්තැම්බර් 29 වැනිදා පැවැත්වීමට නියමිතව තිබේ.

Visits: 83