රයිගම් ලුණු සමාගමෙන් කොටසකට ශත 15 බැගින් ලාභාංශ ගෙවීමක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත රයිගම් වයඹ සෝල්ටර්න් පීඑල්සී සමාගම (RWSL.N0000) සිය කොටස්හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි.

ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් ශත 15ක් බැගින් හිමිවන ලෙස මෙම ලාභාංශ ගෙවීම සිදු කරන බව සමාගම සඳහන් කරයි.

මෙය 2022 මාර්තු 31 වැනිදායින් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන අවසන් ලාභාංශ ගෙවීම බවද වයඹ සෝල්ටර්න් පීඑල්සී සමාගම පවසයි.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස ඔක්තෝබර් 19 වැනිදා ප්‍රකාශ කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) දිනය ලෙස සැප්තැම්බර් 30 වැනිදා නම් කෙරී තිබේ.

මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් සමාගමේ කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් හිමිවිය යුතුව ඇති බවත්, ඒ සඳහා වන මීළග වාර්ෂික මහා සභා රැස්වීම ලබන සැප්තැම්බර් 29 වැනිදැ පැවැත්වෙන බවත්, වයඹ සෝල්ටර්න්ස් පීඑල්සී සමාගම පවසයි.

අවසන්වරට කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු  සිදු වුණු පසුගිය අගෝස්තු 26 වැනිදා එම සමාගමේ කොටසක වටිනාකම රුපියල් 5.90ක් ලෙස සටහන්ව තිබූ අතර, එය පෙර දිනයේ කොටසක වටිනාකම වූ රුපියල් 6.00ට සාපේක්ෂව ශත 10ක එනම් 1.67%ක පහත වැටීමකි.

Visits: 78