“රජයේ සහනාධාරවලින් වාසි ලබන්නේ දුප්පතාට වඩා පොහොසතාය” – ඉරාන් වික්‍රමරත්න

මෙ රට වැටී ඇති ආර්ථික අර්බුදය ජාත්‍යන්තර මූල්‍ය ආයතනයේ සහාය ඇතිව විසඳිය හැකි යැයි විශ්වාසය පළ කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි. එසේම රට සැබෑ දියුණුවක් දකින්නට නම් ආර් ථික හා මුල්‍ය වාසිවලට එහා හිය වැඩ පිළිවෙලක් ගැන සිතා බැලිය යුතු යැයිද ඔහු අවධාරණය කරයි.

“ආර් ථිකයට තිබෙන විසඳුම කුමක් දැයි බොහෝ අය ප්‍රශ්න කරනවා.ඒ සඳහා කෙටි කාලීන, මැදි කාලීන හා දිගු කාලීන වශයෙන් විසඳුම් තිබෙනවා. ඒ සඳහා රජය දැනටමත් අයි. එම්. එෆ්. එක්ක සාකච්ඡා අරඹා තිබෙනවා. එම සාක්ච්ඡා සාර් ථක වේවායි මා ප්‍රාර් ථනා කරනවා. කවුරු බලයේ හිටියත් කවුරු විපක්ෂයේ හිටියත් රටේ ආර් ථිකය ගොඩ නැගීම වැදගත් වෙනවා.”

මේ හරහා රටට ආර් ථික හා මූල්‍ය වැඩපිළිවෙළක් සකස්කිරීමට අවස්ථා උදාවනු ඇතැයි වික්‍රමරත්න මහතා විශ්වාසය පළ කළේය
ඒ මහතා මෙසේ පැවසුවේ කොළඹ 09 පිහිටි, වසර 65 ක් පැරණි ශ්‍රී ලංකා ජමාතේ ඉස්ලාම් සංවිධානයේ වාර්ෂික සභා රැස්වීමේ ප්‍රධාන අමුත්තා වශයෙන් සහභාගි වෙමිනි. මරදාන එකී මූලස්තානයේ පැවති එම රැස්වීම ඇමතූ වික්‍රමරත්න මහතා මෙසේ ද කීය.

“දුර්වල හා වැරදි කළමනාකරණය හේතුවෙන් අයි එම්. එෆ් සාකච්ඡාවේදී රටේ ආදායම වැඩි කරන්න කියාවි, වියදම අඩු කරන්න කියාවි, අය වැය පරතරය අඩු කල යුතුයි කොන්දේසි පිළිගන්න වෙනවා. යහපාලන සමයේ මංගල සමරවීර මහතා සමඟ එක්ව ඉන්ධන සඳහා මිල සුත්‍රයක් හඳුන්වාදුන් අවස්ථාවේ එදා සිටි පාලකයන් ජාත්‍යන්තරයේ මිල වැඩිවෙන කොට දේශීයව තෙල් මිල වැඩි කළයුතු නම් රටට ආණ්ඩුවක් කුමට දැයි සමච්චල් කළා. ඒත් දැන් මේ රජය මිල සුත්‍රය පිළිගෙන තිබෙනවා.”

සහන මිලට භාණ්ඩ හා සේවාවන් සැපයීමේ වාසීය දුප්පතාට වඩා පොහොසතාටයි
මේ අතර සහන දායි පදනමින් රජය භාණ්ඩ හා සේවාවන් සපයන විට එයින් වැඩිපුර වාසි ලබන්නේ දුප්පතාට වඩා පොහොසත් ජනතාව බැවින් මිල සුත්‍රය හඳුන්වා දීමෙන් අපේක්ෂා කළේ බදු ගත හැකි අයගෙන් වැඩි පුර සෘජු බදු අය කිරීම හා අවශ්‍යතාවය තිබෙන අයව හඳුනා ගෙන ඔවුන්ට සෘජු සමාජ ආරක්ෂණ ක්‍රමයක් හඳුන්වාදීමත් බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

“ජාත්‍යන්තර මිල නොතකා දේශපාලන අවශ්‍යතාවය මත රු 400 ක් වැයවන තෙල් ලීටරයක් රු 200 ට දුන් අවස්ථා තිබුණා. එවිට ලීටර් 10 ක් ලබා ගන්න ත්‍රී රෝද රද හිමියෙකුට (රු.200 x10)රු 2000 ක වාසියක් ලබන අවස්තාවේ දී සුඛෝපභෝගී රතයකට ලීටර් 80 ක් ලබා ගන්නා බදු ගෙවිය හැකි පොහොසතා රු 16,000 ක වාසියක් ලබන විෂම චක්‍ර ය නිසා සහනාධාර යනු හිඟන්නගේ තුවාලයක් වුණා. මෙසේ පොහොසතාගේ පොකට්ටුවට යන වාසිය අරගෙන සමාජයේ අඩු ආදායම් ලාභීන්ට කෙලින්ම සහන දෙන ක්‍රමයක් ගෙන ආ යුතුයි.” යනුවෙන්ද ඉරාන් වික්‍රමරත්න මහතා මෙහිදී අවධාරණය කර තිබේ..

එසේම ආර්ථිකය සාර් ථකව හැසිරවූ ඉතිහාසයක් ඇත්තේ එක්සත් ජාතික පක්ෂ රජයන්ට යැයි සඳන් කළ ඉරාන් වික්‍රමරත්න මහතා 1954, 1955, 1992, 2017 හා 2018 වසර වලදී අය වැයේ ප්‍රාථමික ශේෂයේ අතිරික්ත වාර්තා කළ බවත් ඒ හරහා රටේ ආදායමෙන් ණය ගෙවීමේ හැකියාව ඇතිවිණැයි සිහිපත් කළේය.

පසුගිය යහපාලන සමයේ මේ අතිරික්තය ලබා ගැනීමට හැකි වූයේ රාජ්‍ය ආදායම වැඩි කිරීම සඳහා සෘජු බදු ගෙවන්නන්ගේ සංඛ්‍යාව වසරක් තුළ නව ලක්ෂයේ සිට 15 ලක්ෂයක් දක්වා වැඩි කිරීමෙන් බදු ආදායම 46 % න් වැඩි වූ නිසා යැයිද පැවසීය.

“රජයකට පමණක් රටක් ගොඩ නගන්න බැහැ. රජය රට ගොඩ නගන්න කටයුතු කළ යුතුයි රජයට පමණයි එය කළ හැක්කේ යැයි ඇතමුන් මත පළ කරනවා. මම එය පිළිගන්නේ නැහැ.වර්තමානයේ රට මුහුණු දෙන භාණ්ඩ හිඟතාවය පිළිබඳව කතා කරන විට රට ගොඩ නගන්න කටයුතු කිරීම රජයේ වගකීම යැයි බොහෝ අය කියනවා.

කෙටි කාලීන විසඳුම් ලෙස ක්ෂණික මූල්‍ය ආධාර ලබා ගත යුතුයි, භාණ්ඩ හිඟය නැති කර පෝලිම් අවසන් කළ යුතුයි. ප්‍රතිසංස්කරණයද නැතුවම බැරි දෙයකි. ලක්ෂ 16 ක් පමණ රාජ්‍ය සේවය මැතිවරණ අවස්ථාවේ රැකියා දෙන්න පොරොන්දු දී රාජ්‍ය සේවය වනසා තිබෙනවා. දේශපාලකයන් රට වෙනුවෙන් මේ ක්‍රමයෙන් වැළකිය යුතුයි. එවිට වෙළඳපොල වැටුප් ගෙවන්න දක්ෂ අය බඳවාගෙන හොඳ රාජ්‍ය සේවයක් ඇති කළ හැකිය.” යනුවෙන්ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පවසා තිබේ.

Visits: 73