මෙරට සිසුන් 40කට 2022 වසර සඳහා රුසියානු රාජ්‍ය ශිෂ්‍යත්ව පිරිනැමේ

රුසියානු රජය මගින් ලබා දෙන රුසියානු රාජ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ 2022 වර්ෂය සදහා රුසියානු රාජ්‍ය ශිෂ්‍යත්වලාභී සිසු සිසුවියන් වෙත ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය ඊයේ (23දා) කොළඹ රුසියානු මන්දිරයේදී පැවැත්වුණි.

මෙවර 2022 වර්ෂය සදහා රුසියානු රජය විසින් රුසියානු රාජ්‍ය ශිෂ්‍යත්ව 40ක් ශ්‍රී ලංකාව වෙත ලබා දී තිබේ. මෙහිදී වෛද්‍ය, ඉංජිනේරු, තාක්ෂණික විෂයන්, වාණිජ හා ගිණුම්කරණ විෂයන්, අන්තර්ජාතික සබඳතා හා සමාජ විද්‍යා විෂයන් ඇතුළු විවිධ විෂය ධාරා වෙනුවෙන් මේ ශිෂ්‍යත්ව ප්‍රදානය කෙරී ඇත.

මීට අමතරව උපාධි, උසස් උපාධි සහ පශ්චාත් උපාධි යන සියලු උපාධි අංශ වෙතද මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය කෙරෙන බව රුසියානු මන්දිරය සඳහන් කරයි.

මෙලෙස රුසියානු රාජ්‍ය ශිෂ්‍යත්ව හිමි වූ සිසුන් 2022 සැප්තැම්බර් මාසයේ සිය අධ්‍යන කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබේ.

මෙම ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය කොළඹ රුසියානු මන්දිරයේ පළමු ලේකම් හා කොළඹ රුසියානු මන්දිරයේ අධ්‍යක්ෂිකා අනස්තාසියා හහ්ලෝවා මහත්මියගේ ප්‍රධානත්වයෙන් හා කොළඹ රුසියානු මන්දිරයේ ප්‍රධාන විධායක නිළධාරී බුද්ධප්‍රිය රාමනායක මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්වී තිබේ.

මේ අතර 2023 අධ්‍යයන වර්ෂය සදහා රුසියානු රාජ්‍ය ශිෂ්‍යත්ව අයදුම්පත් කැදවීම ඉදිරියේදී සිදුවීමට නියමිතව ඇතැයි කොළඹ පිහිටි රුසියානු මන්දිරය වැඩිදුරටත් සඳහන් කර සිටියි.

Visits: 62