ලෝකයේ නාමික ආහාර උද්ධමනයෙන් ශ්‍රී ලංකාව පස්වැනි තැනට

වර්තමානයේදී ලොව ආහාර උද්ධමනය අතින් වැඩිම බලපෑමක් ලක්වූ රටවල් අතරින් නාමික ආහාර උද්ධමනය (Nominal Food Inflation) යටතේ පස්වැනි ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව ඇතැයි ලෝක බැංකුව පවසයි.

එම බැංකුව පසුගියදා නිකුත් කළ ලෝක ආහාර සුරක්ෂිතතාව (World Food Security) පිළිබඳ යාවත්කාලීන වාර්තාව තුළ ෙම් බව සඳහන්ව තිබේ.

ඒ අනුව නාමික ආහාර උද්ධමනය යටතේ  ශ්‍රී ලංකාව 91%ක අනුපාතයක් හිමි කරගනිමින් පස්වැනි ස්ථානයට පත්වසිටියි. එහෙත් සැබෑ උද්ධමනය යටතේ ශ්‍රී ලංකාව 30%ක අනුපාතයක් හිමි කරගනිමින් සිව්වැනි ස්ථානයේ පසුවෙයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, Haver Analytics සහ Trading Economics යන ආයතන මගින් රැස් කරගත් දත්ත අනුසාරයෙන් ලෝක බැංකුව මෙම ආහාර උද්ධමනය පිළිබඳ දර්ශකය සකස් කර තිබේ. මෙහිදී 2022 අප්‍රේල් සිට ජූලි දක්වා කාලය තුළ සෑම රටකම ආහාර උද්ධමනය පිළිබඳ දත්ත අනුව මෙම වාර්තාව සකස් කර තිබේ. මෙහිදී සැබෑ ආහාර උද්ධමනය යනු සමස්ත උද්ධමනයෙන් ආහාර උද්ධමනය අඩු කිරීමෙන් ලැබෙන අගය වෙයි.

මෙම වාර්තාවට අනුව නාමික උද්ධමනය අතින් පළමු ස්ථානයට පත්ව ඇති ලෙබනනයේ ආහාර උද්ධමන අනුපාතය 332%කි. එසේම දෙවැනි ස්ථානයේ පසුවන සිම්බාබ්වේ රාජ්‍යයේ නාමික ආහාර උද්ධමන අනුපාතය 309කි. තෙවැනි ස්ථානයේ පසුවන වෙනිසියුලාවේ නාමික උද්ධමන අනුපාතය 155කි.

සිව්වැනි ස්ථානයේ පසුවන තුර්කියේ නාමික ආහාර උද්ධමන අනුපාතය 95%කි. පස්වැනි සහ හයවැනි ස්ථානවල පසුවන ශ්‍රී ලංකාව සහ ඉරානයේ නාමික ආහර උද්ධමනය පිළිවෙලින් 95%ක් සහ 91%කි.

හත්වැනි ස්ථානයේ පසුවන ආර්ජන්ටිනාවේ නාමික ආහර උද්ධමන අනුපාතය 66෴ක් ලෙස සටහන්ව තිබේ. අටවැනි සහ නව වැනි ස්ථානවල පසුවන සුරිනාමේ සහ ඉතියෝපියා යන රාජ්‍යයන්හි නාමික ආහාර උද්ධමනය පිළිවෙලින් 38%ක් බැගින් ලෙස සටහන්ව ඇත. දහවැනි ස්ථානයේපසුවන මෝල්ඩෝවා රාජ්‍යයේ නාමික ආහාර උද්ධමන අනුපාතය 34෴කි.

විශේෂයෙන්ම වසංගතයේ ව්‍යාප්තිය, යුක්රේනයේ යුද ගැටුම් තත්ත්වය නිසා ඉන්ධන මිලේ ඉහළ යාම සහ ආහාර හිඟතාව නිසා ඇති වුණු ලෝක ආර්ථික අර්බුදය හේතුවෙන් ලොව පුරා රටවල මතුව තිබෙන අභ්‍යන්තර ආහාර උද්ධමනයේ ඉහළ යාම් මෙම තත්ත්වයට හේතුව වී තිබේ. කෙසේ වෙතත් අදවනවිට යුක්රේනයේ ධාන්‍ය නිෂ්පාදන ලොව රටවලට අපනයනය කිරීම අරඹා තිබෙන නිසා මෙම ආහාර උද්ධමනය ඉදිරියේදී යම් තරමකින් ලිහිල් වනු ඇතැයි අපේක්ෂාව වී තිබේ.

එසේම මේ වනවිට ලොව පුරා රටවල ධාන්‍ය, සහල්, එළවලු නිෂ්පාදනය ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතින බවත් ලෝක බැංකුව මෙම වාර්තාව හරහා පෙන්වා දෙයි.

Visits: 68