SLT Training Center වෙතින් University of Hertfordshire (UK) ඉංජිනේරු උපාධි

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL හි අධ්‍යාපන ආයතනය වන SLT Training Centre (SLTTC), University of Hertfordshire (UK) ඉංජිනේරු උපාධි [BEng (Hons)] හැදෑරීමට මෙරට සිසු සිසුවියන්ට අවස්ථාව ලබා දී තිබේ. මෙය ශ්‍රී ලාංකික සිසු සිසුවියන්ට ජාත්‍යන්තර තලයේ දැනුමක් හා පුහුණුවක් සමග ලොව පිළිගත් සුදුසුකම් හිමිකර ගැනීමට ලැබෙන අගනා අවස්ථාවකි.

මෙම පාඨමාලාවේ 2022 අගෝස්තු කණ්ඩායම සඳහා බඳවාගැනීම් දැන් ආරම්භ කර ඇති අතර, අතිනවීන පහසුකම් වලින් සමන්විත SLT Training Center හිදී මෙම පාඨමාලා හැදෑරීමට එම සිසු සිසුවියන්ට අවස්ථාව හිමි වේ. දකුණු ආසියානු කලාපය තුළ University of Hertfordshire හි BEng (Hons) පාඨමාලාව පිරිනැමීම සඳහා අවසරය හිමි වී ඇත්තේ, ISO 9001:2015 සහතිකකරණයද හිමි SLT Training Center වෙත පමණි.

Washington Accord විසින් University of Hertfordshire, එක්සත් රාජධානියේ විදුලි හා ඉලෙක්ට්‍රොනික විද්‍යා ඉංජිනේරුකරණ අධ්‍යාපනය සම්බන්ධයෙන් අංක 21 ස්ථානයේ ශ්‍රේණිගත කර ඇත. සිසු සිසුවියන්ට තම වෘත්තීය ජීවිතය තුළ ඉදිරියටම යාමට අවස්ථාව සලසා දෙන සහ රැකියා වෙළඳපොළේ අපේක්ෂාවන්ට ගැළපෙන ආකාරයේ දැනුම, පුහුණුව සහ ව්‍යවසායකත්ව ආකල්ප ලබාදෙන, ඉහළම තලයේ ගුරුවරුන්, අධ්‍යාපන පහසුකම් සහ ව්‍යාපාරික හවුල්කාරීත්වයන් සහිත විශ්ව විද්‍යාලයක් ලෙස University of Hertfordshire ඇගයීමට ලක් වී තිබේ.

සිසු සිසුවියන්ට ඉලෙක්ට්‍රොනික විද්‍යා මූලධර්ම සම්බන්ධයෙන් පුළුල් අවබෝධයක් ලැබෙන ආකාරයට මෙම පාඨමාලාවෙහි විෂය මාලාව සැලසුම් කර ඇත. මෙම පාඨමාලාව සාර්ථක ලෙස අවසන් කරන සිසු සිසුවියන්ට, SLT-MOBITEL වෙතින් මාස 6 ක පුළුල් මට්ටමේ කාර්මික පුහුණුවක් හිමි වේ.

සිසු සිසුවියන්ගේ ආර්ථික දුෂ්කරතා සැලකිල්ලට ගනිමින්, ඔවුන්ට තම අනාගත සිහින සැබෑ කරගැනීමට අත්වැලක් වීම සඳහා, University of Hertfordshire UK හි පශ්චාත් උපාධි හැදෑරීමේදී 20% ක වට්ටමක් පිරිනැමීමටද SLTTC මේ වනවිට සැලසුම් කර ඇත. BEng (Hons) උපාධිය සහ පශ්චාත් උපාධිය හිමිකර ගැනීමෙන් පසුව, එක්සත් රාජධානියේ සහ ඕස්ට්‍රේලියාවේ වසර දෙකක රැකියා වීසා හිමිකර ගැනීමට සිසු සිසුවියන්ට අවස්ථාව ලැබේ.

මීට අමතරව, උසස් පෙළ ප්‍රතිඵල අනුව උපාධි පාඨමාලා සඳහා 30% ක් දක්වාම ශිෂ්‍යත්ව පිරිනැමීමට SLTTC කටයුතු යොදා ඇත. සිසු සිසුවියන්ට තම උසස් පෙළ ප්‍රතිඵල අනුව පාඨමාලාවේ ප්‍රථම වර්ෂය සඳහා ලියාපදිංචි විය හැකි වේ. NDT, NDES සහ HNDE වැනි ඉංජිනේරු ඩිප්ලෝමා හිමි සිසු සිසුවියන්ට, අනෙකුත් සුදුසුකම් සපුරා තිබේ නම්, සෘජුවම පාඨමාලාවේ තුන්වැනි වසරට ඇතුළත් වීමට අවස්ථාව ලැබෙනු ඇත.

SLT Training Center මේ වනවිට මෙරට ප්‍රමුඛතම අධ්‍යාපන ආයතන අතරින් එකක් ලෙස සැලකේ. ශ්‍රී ලංකාව ලෝකයේ තාක්ෂණික කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීම සඳහා අවශ්‍ය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පිළිබඳ තරුණ වෘත්තිකයන් බිහිකිරීම සඳහා එම ආයතනය කැපීපෙනෙන කාර්යභාරයක් ඉටුකරමින් සිටී. University of Hertfordshire හි BEng (Hons) උපාධි පාඨමාලාව පිරිනැමීම එම කාර්යභාරයේ තවත් වැදගත් ඉදිරි පියවරක් වන අතර, එය මෙරට සිසු සිසුවියන්ට සියලු පහසුකම් සහිත දේශීය ආයතනයක් තුළ අධ්‍යාපනය හදාරා ජාත්‍යන්තර තලයේ සුදුසුකම් හිමි කරගැනීමට ලැබෙන අගනා අවස්ථාවකි.

මෙම පාඨමාලාව සහ ඒ සඳහා ලියාපදිංචි වීම ඇතුළුව SLT Training Center සහ එහි පාඨමාලා පිළිබඳ වැඩිදුර තොරතුරු 0112956633 අංකයෙන් හෝ www.slt.lk/training වෙතින් ලබාගත හැකි වේ.

Visits: 44