‘යුනිලිවර්‘ යළිත් වරක් ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවනීය FMCG සමාගම බවට පත්වෙයි

යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම 2022 වසරේ LMD විසින් ප්‍රකාශයට පත් කළ Most Respected ආයතන ලැයිස්තුවේ ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවනීය FMCG ආයතන අතර අංක 1 සමාගම ලෙස යළිත් වරක් ශ්‍රේණිගත කර ඇත.

යුනිලිවර් සමාගම මෙම ශ්‍රේණිගත කිරීම අත්කරගෙන ඇත්තේ අඛණ්ඩව 17 වැනි වසරටය. 2021 වසරේ සිට ස්ථාන 4ක් ඉදිරියට පැමිණෙමින් විවිධ සමාගම් 100කට අධික සංඛ්‍යාවක් අතුරින් සමස්ත 6 වැනි ස්ථානය දිනා ගැනීමටද යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම මෙහිදී සමත් විය.

එසේම සිය ජයග්‍රාහී විශිෂ්ටත්වය අඛණ්ඩව පවත්වා ගනිමින් ‘Consumer Products’ හා ‘Multinational’ කාණ්ඩ දෙකෙහිම ජයග්‍රාහකයා බවට පත්වීමටද යුනිලිවර් සමාගමට හැකිව තිබේ.

මෙහිදී ඇගයීමට ලක් කෙරෙන සියලුම ආයතන LMDහි කාර්ය සාධන මිනුම් දර්ශක 12ක් මඟින් ඇගයීමට ලක් කරන ලදී. ඒ ‘මූල්‍ය කාර්ය සාධනය ’,’තත්ත්වය පිළිබඳ අවධානය ’,’කළමනාකරණ ආකෘතිය ’,’අවංකත්වය ’,’නවෝත්පාදනය ’,’සක්‍රීයතාව ’,’ආයතනික සංස්කෘතිය’,’දැක්ම ’,’ජාතික ඉදිරි දර්ශනය ’,’මානව සම්පත හා පිරිස් කළමනාකරණය ’ සහ ‘අවදානම් කළමනාකරණය’ යන මිනුම් දර්ශකයන්ය. එම දර්ශක වලට අනුව FMCG කාණ්ඩයේ ප්‍රමුඛස්ථානයට පත්වීමට යුනිලිවර් සමාගමට හැකිවිය.

මෙම සුවිශේෂී ඇගයීම් පිළිබඳව අදහස් දැක්වූ යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමේ සභාපතිනි හා කළමනාකාර අධ්‍යක්ෂිකා හජාර් අලෆිෆි මහත්මිය “ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවණීය FMCG සමාගම ලෙස අඛණ්ඩව 17 වැනි වරටත් ශ්‍රී ලාංකේය ජනතාවගේ පිළිගැනීමට පාත්‍ර වීම අපට සැබෑ අභිමානයක් මෙන්ම ගෞරවණීය අවස්ථාවක් ලෙස සඳහන් කළ හැකියි. අපගේ අරමුණු පෙරදැරි කරගත් සන්නාමයන්, සියලු දෙනාට තිරසාර ජීවිතයක් උදාකර දීමේ ආයතනික දැක්ම හා අප සිදු කරන සෑම කටයුත්තකදීම අඛණ්ඩතාව හා විශිෂ්ටත්වය වෙනුවෙන් වන අපගේ ආයතනයේ සාමාජිකයන්ගේ අප්‍රතිහත කැපවීම තුළින් වසර ගණනාවක් පුරා අප විසින් සහෝදර ශ්‍රී ලාංකිකයින්ගේ ජීවිත වෙත සිදුකර ඇති ධනාත්මක බලපෑම මින් මනාව පිළිබිඹු වනවා. ආර්ථිකය, සමාජය සහ පරිසරය පුරා මනා ආයතනික ක්‍රියාකලාපයන් දිරිමත් කිරීම හා ඇගයීම වෙනුවෙන් වේදිකාවක් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් LMD ආයතනයට සහ එහි කළමනාකාරීත්වයට අපගේ හෘදයාංගම ස්තුතිය මේ මොහොතේ පුද කර සිටිනවා” යනුවෙන් පැවසීය.

වසර 84කට වැඩි කාලයත් තිස්සේ ශ්‍රී ලාංකේය ජනතාවගේ නොමඳ විශ්වාසය දිනා ගනිමින්, ශ්‍රී ලාංකිකයන්ගේ සැබෑ ජීවන රටාව ආරක්ෂා කිරීමටත් පෝෂණය කිරීමටත් යුනිලිවර් සමාගම කටයුතු කර ඇත.

ශ්‍රී ලංකාවේ පාරිභෝගික භාණ්ඩ නිෂ්පාදන අංශයේ ප්‍රමුඛතම සමාගමක් වන එම ආයතනයේ නිෂ්පාදනයන්ගෙන් 96%ක් හොරණ පිහිටි නිෂ්පාදන කර්මාන්තශාලාවේ හා තෙවැනි පාර්ශවීය කර්මාන්තයන්හි ඉහළ නිෂ්පාදන ප්‍රමිතීන්ට අනුකූලව දේශීයව නිෂ්පාදනය කරනු ලබයි. යුනිලිවර් නිෂ්පාදන එකතුව තුළ Sunlight, Signal, Lifebuoy, Knorr, Vim ඇතුළු වෙළෙඳපොලෙහි ප්‍රමුඛ පෙළේ සන්නාම 30ක් ඇතුළත් වේ. ඒ තුළින් දිනකට ශ්‍රී ලාංකිකයින් මිලියන 21කගේ ජීවිත වෙත ධනාත්මක බලපෑමක් ඇති කිරීමට යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම කටයුතු කර ඇත.

තවද යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම 2021 වසරේදී NielsenIQ විසින් අඛණ්ඩව 10 වැනි වරටත් ‘Number 1 Employer of Choice’ ලෙස ශ්‍රේණිගත කිරීමට ලක් කළ අතර 2021 වසරේ Effie Awards සම්මාන උළෙලේ දී අඛණ්ඩව 6 වැනි වරටත් Effie Awards සම්මානය යුනිලිවර් ශ්‍රී ලංකා වෙත ප්‍රදානය කරන ලදී.

එමෙන්ම LMD හි 2021 වසරේ ‘Most Awarded’ සංස්කරණයේදී ශ්‍රී ලංකාවේ ‘Consumer Products’ හා ‘Multinational’ අංශයන්හි ‘Most Awarded Entity’ ලෙස ඇගයීමට පාත්‍ර වූ යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමේ සන්නාම 15ක් 2022 LMD සන්නාම වාර්ෂික ශ්‍රේණිගත කිරීම්හිදී ශ්‍රී ලංකාවේ ‘Most Loved Brands’ ලෙසද පිළිගැනීමට ලක් විය. එසේම යුනිලිවර්හි හොරණ කර්මාන්තශාලාව සිය මෙහෙයුම් තුළින් පරිසරයට සිදුවන බලපෑම කළමනාකරණය කිරීමට සහ අවම කිරීමට සිදු කරන කැපවීම වෙනුවෙන් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් ISO 14001:2015 සහතිකයද ප්‍රදානය කර ඇත.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ව්‍යාපාරික සඟරාව වන LMD හි සංකල්පයක් මත NielsenIQ විසින් මෙහෙයවනු ලබන වාර්ෂික සමීක්ෂණයක් තුළින් ශ්‍රී ලංකාවේ Most Respected Entities ශ්‍රේණිගත කිරීම් සිදු කරනු ලබයි. මෙම වසරේ සමීක්ෂණය සඳහා කොළඹ කොටස් වෙළඳපලේ ලැයිස්තුගත සමාගම්, 2020/21 LMD’s Top 100 සංස්කරණයේ ශ්‍රේණිගත සමාගම් හා 2021 Brands Annual සංස්කරණයේ ශ්‍රේණිගත සමාගම් වල කළමනාකාර තලයේ සේවය කරන 800කගේ පමණ අදහස් හා ප්‍රතිචාර සැලකිල්ලට ගනු ලැබූ අතර අවසාන ශ්‍රේණිගත කිරීම් සඳහා එක් එක් සමාගම සඳහා බර තැබූ ලකුණු වල මුළු වටිනාකම් පදනම් විය.

Visits: 105