ලංකා හොස්පිටල්ස් වෙතින් කොටසකට රුපියල් 2.00 බැගින් ලාභාංශ ගෙවීමක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ලංකා හොස්පිටල්ස් කෝපරේෂන් පීඑල්සී සමාගම (LHCL.N0000) සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි. අද දිනයේදී රැස්වුණු එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මේ පිළිබඳ යෝජනාව ඉදිරිපත්ව තිබේ.

ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 2.00 බැගින් ලාභාංශ ගෙවීම සිදු කරන බව සමාගම පවසයි.

මෙය 2022 දෙසැම්බර් 31 වැනිදායින් අවසන්වීමට නියමිතව ඇති සමාගමේ 2021/22 මූල්‍ය වර්ෂය වෙනුවෙන් ලබා දෙන පළමු අතරමැදි ලාභාංශ ගෙවීම බව ලංකා හොස්පිටල්ස් පීඑල්සී සමාගම සඳහන් කරයි.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස සැප්තැම්බර් 19 වැනිදා ප්‍රකාශ කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස අගෝස්තු 30 වැනිදා නම් කෙරී තිබේ.

මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් සිය කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍යව නොමැති බවත් සමාගම සඳහන් කරයි.

මේ අතර අද දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු අවසානයේදී ලංකා හොස්පිටල්ස් පීඑල්සී කොටසක වටිනාකම රුපියල් 57.10ක් ලෙස සටහන් වූ අතර, එය පෙර දිනයේ කොටසක වටිනාකම වූ රුපියල් 56.20ට සාපේක්ෂව ශත 90ක එනම් 1.60%ක ඉහළ යාමකි.

Visits: 92