පන්නලදී පිහිටුවන ගෙතුම් රෙදිපිළි කර්මාන්තශාලාවකට බ්‍රවුන්ස් ෆැබ්රික් හා BOI එකඟතාවක්

බ්‍රවුන්ස් සමූහයට අයත් බ්‍රවුන්ස් ෆැබ්රික් ලිමිටඩ් සමාගම මගින් වයඹ දිස්ත්‍රික්කයේ පන්නල ඉදිකරන නවතම ගෙතුම් රෙදිපිළි නිෂ්පාදන කර්මාන්තශාලාවක් සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) සමගින් එකඟාවකට පිවිස බව පවසයි.

පසුගිය අගෝස්තු 17 වැනිදා එම මණ්ඩලයේදී එම එකඟතාවට අදාළ අත්සන් තැබීම සිදුව තිබේ.

ආයෝජන මණ්ඩලයට අයත් වයඹ කර්මාන්ත කලාපය තුළ ඉදිකරන මෙම කර්මාන්තශාලාව නවීනත පන්නයේ හරස් තෙගුම් රෙදිපිළි නිෂ්පාදන කර්මාන්තශාලාවක් (Weft Knitting Fabric) බව සඳහන් වෙයි.

මේ සඳහා බ්‍රවුන්ස් ෆැබ්රික් ලිමිටඩ් සමාගම මගින් සිදු කර ඇති ආයෝජනයේ වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 52.5කි.

මෙම එකඟතාවට පැමිණීම හරහා ඩොලර් ඉපැයීම් සිදු කරන ඇගලුම් කර්මාන්තයක් සඳහා සිය සහයෝග තවදුරටත් ලබාදීම සිදු කරන බව ආයෝජන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.

Visits: 247