මහ බැංකුව සිය මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය එලෙසින්ම පවත්වා ගනී

ශ්‍රී ලංකා මහ බැංකුව සිය මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය එලෙසින්ම පවත්වාගෙන යෑමට තීරණය කළ බව පවසයි. ඊයේ රැස්වුණු ශ්‍රී ලංකා මහ බැංකුවෙහි මුදල් මණ්ඩල හමුවේදී මේ පිළිබඳ තීරණය ගෙන තිබේ.

ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය දැනට පවතින 14.50% සහ 15.50% අනුපාතයන්ගෙන් තවදුරටත් පවත්වාගෙන යන බව මහ බැංකුව සඳහන් කරයි.

එහිදී මූලිකවම ආර්ථික ක්‍රියාකාරකම්හි බලාපොරොත්තු වූ ආකාරයට වඩා වැඩි හීනවීම් සහ මිල පීඩනය තුළ බලාපොරොත්තු නොවූ වේගයෙන් සිදුවන ලිහිල්වීම යනාදී තත්ත්වයන් සඳහා වන ආසන්නතම ආදර්ශ-පදනම් කරගත් පුරෝකතනයන්ට අනුව මෙම තීරණය ගැනීමට මුදල් මණ්ඩලය කටයුතු යොදා ඇතැයි පවසයි.

මෙහිදී අත්‍යවශ්‍ය නොවන ආනයන වියදම් සීමා කිරීම සඳහා ගෙන ඇති පියවර හේතුවෙන් පෞද්ගලික අංශය වෙත ලබාදී ඇති ණය ප්‍රමාණයේ කැපී පෙනෙන අඩුවීමක් දැකගත හැකි වනු ඇති බවත්, මෑතකාලීනව විරැකියාව පිළිබඳ අවධානමක් ඇතිවීමේ අවස්ථාවක් පවතිනු ඇති බවත් සඳහන් වෙයි.

ශ්‍රී ලංකා මහ බැංකුව 2022 වසර සඳහා ඉදිරිපත් කරන 06 වැනි මුදල් ප්‍රතිපත්ති විවරණ මාධ්‍ය හමුව අද පෙරවරු 11.30ට මහ බැංකු මූලස්ථානයේදී පැවැත්වෙයි.

Visits: 101