ඩේවිඩ් පීරිස් ත්‍රිරෝද රථ විදුලි ත්‍රිරෝද බවට පරිවර්තනයට USAID හරහා පහසුකම් සැලසෙයි

ශ්‍රී ලංකාවේ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා සහ ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තනාපති ජුුලී චංග් මහත්මිය, USAID හි ශ්‍රී ලංකා බලශක්ති වැඩසටහන සහ ඩේවිඩ් පීරීස් මෝටර් සමාගම (DPMC) අතරේ, “ටුක් ටුක්” යන නමින් කවුරුත් දන්නා ත්‍රීරෝද රථ, විදුලියෙන් ක්‍රියාත්මක කිරීමට හැකි කරවීමට පහසුකම් සපයනු ලබන අවබෝධතා ගිවිසුමක් අත්සන් ලබන අවස්ථාවට සහභාගී වූහ.

මේ හවුල්කාරීත්වය යටතේ, ශ්‍රී ලංකාවේ විශාලතම මෝටර් වාහන සමාගම වන DMPC සමාගම, අභ්‍යන්තර දහන එන්ජින් ත්‍රීරෝද රථ, විදුලි ත්‍රීරෝද රථ බවට පත් කර ඔවුන්ගේ දීප ව්‍යාප්ත සේවා මධ්‍යස්ථාන හරහා අලෙවියෙන් පසු සේවා ලබා දෙනු ඇත. USAID සහාය දක්වන ශ්‍රී ලංකා බලශක්ති වැඩසටහන DMPC වෙත තාක්ෂණික සහාය ලබා දෙන අතර විදුලි ත්‍රීරෝද රථවල ව්‍යාප්තිය සඳහා සක්‍රීය පරිසරයක් ගොඩනැගීමට උපකාරී වන ආරෝපණ මධ්‍යස්ථාන (charging stations) ජාලයක් ස්ථාපිත කරනු ඇත.

“ත්‍රීරෝද රථ විදුලියෙන් ක්‍රියා කරවීම සඳහා USAID සහ DPMC අතර ඇති වන මෙම හවුල්කාරීත්වය නවමු සහ උද්යෝගකර අවස්ථාවක්. එය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට බොහෝ ඵලදායී වේ. එමෙන්ම, මේ වැඩසටහන වැනි  තිරසාර බලශක්ති වැඩසටහන් සියලු ශ්‍රීී ලාංකිකයන් සඳහා වඩාත් හරිත ආර්ථිකයක් නිර්මාණය කිරීමට උපකාරී වනවා.” යනුවෙන් ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තනාපති ජුලී චංග් මහත්මිය පැවසුවාය.

ශ්‍රී ලංකාවේ හරිතාගාර වායු විමෝචනයට විශාලතම දායකත්වයක් සපයන්නේ ප්‍රවාහන අංශයයි. විද්‍යුත් ත්‍රීරෝද රථ වෙනුවට මාරුවීම අහිතකර පාරිසරික බලපෑම් අවම කිරීමටත්, ඉන්ධන සඳහා විදේශ විනිමය ගලා යෑම අවම කිරීමටත් උපකාරී වේ.

“ලක්ෂ 5කට අධික පිරිසකට තිරසාර රැකියා  නිර්මාණය කරමින් දිවයින පුරා පොදු සහ පුද්ගලික ප්‍රවාහන යන දෙකටම අතිරේකව පහසු  සහ ප්‍රවේශ විය හැකි ප්‍රවාහන මාධ්‍යයක් වශයෙන් ශ්‍රී ලංකාව තුළ ත්‍රීරෝද රථ කර්මාන්තය හඳුන්වා දී ගොඩනැගූ පුරෝගාමීන් ලෙස DPMC විදුලි ත්‍රීරෝද රථ සාර්ථක ලෙස හඳුන්වාදීම සහතික කිරීමට දැඩි ලෙස කැප වී සිටිනවා. 2016 සිට මෙම ගමනේ යෙදී සිටින අපි, මූලික ආකෘති කිහිපයක් සාර්ථකව පරිවර්තනය කර පරීක්ෂා කර බලා තිබෙනවා. USAID හි ශ්‍රී ලංකා බලශක්ති වැඩසටහනේ සහාය ඇතිව, වෙළදපල පිළිගැනීම සහ වාණිජ ශක්‍යතාව සහතික කිරීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් ස්ථාපිත කළ හැකි බව අපිට විශ්වාසයි.” DPMC හි සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ රෝහණ දිසානායක මහතා පැවසීය.

USAID ශ්‍රී ලංකා බලශක්ති වැඩසටහනේ ප්‍රධානී රික් විටේකර් මහතා සහ DIMC හි අධ්‍යක්ෂ/ප්‍රධාන මෙහෙයුම් නිලධාරී නාලක මඩුගල්ල මහතා ඔවුන්ගේ සංවිධාන වෙනුවෙන් ගිවිසුම වෙනුවෙන් ගිවිසුම අත්සන් කර සාක්ෂි දැරූහ.

විදුලියෙන් ගමනාගමනය සම්බන්ධයෙන් USAID හි ශ්‍රී ලංකා බලශක්ති වැඩසටහන විසින් නිවේදනය කරන ලද දෙවන හවුල්කාරීත්වය මෙයයි. 2022 ජූනි මාසයේදී, මෙම වැඩසටහන, VEGA Innovations ආයතනය සමඟ විදුලි ත්‍රීරෝද රථ ප්‍රවර්ධනය කිරීම සහ දේශීයව නිර්මාණය කරන ලද බැටරි සහ ඉන්වර්ටර් නිෂ්පාදනය සඳහා සහාය වීම සඳහා ද මෙවැනි ගිවිසුමක් අත්සන් කරන ලදි.

USAID හි ශ්‍රී ලංකා බලශක්ති වැඩසටහන ඇමරිකානු සහ ශ්‍රී ලාංකික ජනතාව අතර පවත්නා දිගුකාලීන හවුල්කාරීත්වය යටතේ වන ප්‍රධානතම ක්‍රියාකාරකමකි. 1961 වසරේ සිට, USAID විසින් ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය, ව්‍යවසායකත්වය, කාන්තා සවිබල ගැන්වීම සහ පරිසර සංර්ක්ෂණය මෙන්ම අනෙකුත් අංශ සඳහා සහාය දක්වන වැඩසටහන් සඳහා ඩොලර් බිලිියන 2කට (වර්තමාන විනිමය අනුපාත අනුව ආසන්න වශයෙන් රුපියල් බිලියන 700) වැඩි මුදලක් ලබා දී ඇත. USAID විසින් සිදු කරන කාර්යයන් සම්බන්ධයෙන් වැඩි විස්තර දැන ගැනීමට, http://usaid.gov/sri-lanka වෙත පිවිසෙන්න.

Visits: 151