හම්බන්තොටට අද පැමිණෙන Yuan Wang 5 නෞකාව පිළිගැනීමට උත්සවයක්

ආසන්න දින කිහිපයේදී මතභේදයට ලක්වූ චීනයේ විද්‍යාත්මක පර්යේෂණ නෞකාවක් වන Yuan Wang5 නෞකාව අද දිනයේදී ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරාය වෙත පැමිණීමට නියමිතව ඇතැයි වාර්තා වෙයි.

මෙහිදී නෞකාව පිළිගැනීම සඳහා ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය මගින් හම්බන්තොට ජාත්‍යන්තර වරාය පරිශ්‍රය තුළ විශේෂ පිළිගැනීමේ උත්සවයක්ද සංවිධානය කර තිබේ.

අද පෙරවරු 8.30ට පමණ මෙම Yuan Wang 5 නෞකාව හම්බන්තොට වරාය වෙත සේන්දු වීමට නියමිතව තිබේ.

මෙම Yuan Wang5 නෞකාව සතුව චන්ද්‍රිකා නිරීක්ෂණය මෙන්ම මිසයිල හඳුනාගැනීම යනාදී තාක්ෂණික හැකියාවන්ගෙන් සමන්විත නෞකාවක් බව පැවසෙයි. එය ඉන්දියානු සාගර සීමාව වෙත යාත්‍රා කිරීම සම්බන්ධයෙන් ඉන්දියාව දැක්වූ විරෝධය හේතුවෙන් නෞකාව ශ්‍රී ලංකාව වෙත පැමිණීම ප්‍රමාද විය. එසේම එක්සත් ජනපදයද මේ සම්බන්ධයෙන් සිය අවධානය යොමු කළේය.

කෙසේ වෙතත් අවසානයේදී ශ්‍රී ලංකා රජයේ මැදිහත්වීමෙන් ඇති කරගත් අන්‍යෝන්‍ය එකඟතාවක් යටතේ මෙම නෞකාව වෙත හම්බන්තොට වරාය වෙත පැමිණීමට අවස්ථාව උදා කර දුණි.

Yuan Wang 5 නෞකාව ලබන අගෝස්තු 22 වැනිදා දක්වා හම්බන්තොට ජාත්‍යන්තර වරායේ නැංගුරම් ලා තැබීමට නියමිතව ඇත.

Visits: 66