“උද්ධමනය ගැටලුව නොව, පරිපූර්ණ විසඳුමයි” යන්න මහ බැංකු අධිපතිගේ අදහසක් නොවේලු

“උද්ධමනය ගැටලුව නොව පරිපූර්ණ විමඳුමයි….. මේ ආර්ථික අර්බුදය අපට වූ හොඳම දෙයයි….” යනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුවෙහි අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අදහස් දැක්වීමක් සිදු කර ඇති බව පවසමින් විවිධ වෙබ් අඩවිවල සහ සමාජ මාධ්‍ය ජාලා තුළ සංසරණය වන ප්‍රවෘත්තිය සාවද්‍ය වාර්තාකරණයක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

අද දිනයේදී නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව මේ බව සඳහන් කරයි.

මෙහිදී එම වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය ජාලා තුළ එම සටහන නන්දලාල් වීරසිංහ මහතා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් ලියා පළ කරන ලදැයි කියනු ලබන සිංහල පරිවර්තනයක් ලෙස හුවා දක්වමින් පළ කරමින් තිබෙන බව හඳුනාගෙන ඇතැයි මහ බැංකුව මෙහිදී පෙන්වා දෙයි.

එහෙත් “උද්ධමනය ගැටලුව නොව පරිපූර්ණ විසඳුමයි….. මේ ආර්ථික අර්බුදය අපට වූ හොඳම දෙයයි…. මහ බැංකු අධිපති ඓතිහාසික දෙසුමක” යන මාතෘකාව හෝ ඊට සමාන මාතෘකා යටතේ මෑතකදී සමාජ මාධ්‍ය තුළ සංසරණය වන ලිපිය අසත්‍ය වාර්තාකරණයක් බව මහ බැංකුව මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියි.

මෙම අදහස් දැක්වීම Inflation is not a problem, but a solution යන මැයෙන් වෙනත් පුද්ගලයෙකු විසින් වෙබ් අඩවියක පළ කර ඇති ලිපියකි.

ඒ අනුව මෙම ලිපියේ අඩංගු කරුණු සම්බන්ධයෙන් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා හෝ ශ්‍රී ලංකා මහ බැංකුව හෝ කිසිදුවගකීමක් නොදරන වබද අවධාරණය කර සිටින බවත් මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කර සිටියි.

Visits: 95