සොෆ්ට්ලොජික් ලයිෆ් ශ්‍රී ලංකාවේ දෙවැනියට විශාලතම ජීවිත රක්ෂණ සමාගම බවට පත් වෙයි

සොෆ්ට්ලොජික් ලයිෆ් 2022 පළමු අර්ධයේදී විශිෂ්ට කාර්ය සාධනයක් වාර්තා කරමින් මෙරට දෙවන විශාලතම ජීවිත රක්ෂණ සමාගම බවට පත් වූ බව නිවේදනය කර සිටියි. මෙවැනි සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කළ ලාබාලතම ජීවිත රක්ෂණ සමාගම වන්නේ ද සොෆ්ට්ලොජික් සමාගමයි.

2022 ජූනි 30 වැනිදායින් අවසන් වන මාස හය තුළ සොෆ්ට්ලොජික් ලයිෆ් රු. බිලියන 11.4ක දළ වාරික ආදායමක් (GWP) වාර්තා කිරීමට සමත්ව ඇති අතර එය පසුගිය වසරේ 18.7% ක් වන සමස්ත රක්ෂණ ක්ෂේත‍්‍රයේ වර්ධනය හා සැසඳීමේදී 24% ක ඉහළ වර්ධනයකි.

2022 ජූනි 30 තෙක් 17.1% වෙළෙඳපල කොටසකට හිමිකම් කියන සොෆ්ට්ලොජික් ලයිෆ් මේ වන විට ජීවිත රක්ෂණ වෙළඳපොලේ දෙවැනියට විශාලතම සමාගම ලෙස ශ්‍රේණිගත වී සිටින්නේ දශක ගණනාවක් මුළුල්ලේ ක්ෂේත‍්‍රයේ සිටි අනෙකුත් දැවැන්තයින් අභිබවා යන ශක්තිමත් වර්ධනීය කාර්ය සාධනයක් පෙන්නුම් කරමින්ය.

සොෆ්ට්ලොජික් ලයිෆ් එහි ආරම්භයේ සිටම කාලයට උචිත නවෝත්පාදනයන් සහ ඩිජිටල්කරණය තුළින් සුවහසක් ශ‍්‍රී ලාංකිකයන්ගේ ජීවන තත්වය උසස් කිරීමට නිරන්තරයෙන් කැපවුණු ආයතනයකි. ස්වයංක‍්‍රීය එක්දින හිමිකම් පියවීම, මිනිත්තුවක් තුළ රෝහල්ගත වීමේ හිමිකම් පියවීම, 100% ඩිජිටල්කරණය කළ විකුණුම් ප‍්‍රවේශය, ස්වයංක‍්‍රීයව රක්ෂණ ඔප්පු නිකුත් කිරීම සහ දුරකථන සබඳතා මත පදනම් වූ ක්ෂුද්‍ර රක්ෂණ විසඳුම් (mobile micro insurance) ආදී සුවිශේෂී කලින් නොදුටු නව්‍යකරණ රක්ෂණ විසඳුම්ල ක්ෂේත‍්‍රයට හඳුන්වා දෙමින් පාරිභෝගිකයින්ට උසස් සේවාවක් ලබා දීමට හැකිවීම නිසා වෙළෙඳපොල තුළ සිය තරගකාරී ස්ථානය තවදුරටත් ඉහළ නංවා ගැනීමට ඔවුන්ට හැකිවිය.

වසංගත තත්වයන් සහ දැඩි ආර්ථික අර්බුදය හමුවේ, ඉතා අසීරු ව්‍යාපාරික වාතාවරණයක වුවද සමාගමට සාර්ථකත්වය පත් වීමට හැකි වූ තවත් ප‍්‍රධාන හේතුවක් වූයේ මිලියන 1.5 කට අධික සේවාදායකයින් සංඛ්‍යාවක් පසුපස අත්‍යවශ්‍ය මොහොතක සමාගම ශක්තිමත්ව රැඳී සිටිමින් රුපියල් බිලියන 1.4 කට වඩා වැඩි කොවිඞ්-19 හිමිකම් පියවීමට සමත් වූ බැවිනි.

තව හේතු බොහොමයක් මධ්‍යයේ, ශ්‍රී ලංකාවේ විශාලතම කොවිඞ් හිමිකම් පියවන්නා ලෙස සොෆ්ට්ලොජික් ලයිෆ් දිනූ විශ්වාසය නිසාවෙන්ම අදාල කාල පරිච්ෙඡ්දය තුළ රක්ෂණ ක්ෂේත‍්‍රයේ සමස්ත නව රක්ෂණ විකුණුම් වලින් 17% කට වඩා වැඩි ප‍්‍රමාණයක් අත් කරගැනීමට ද සමාගමට හැකිවිය.

වසර ගණනාවක් මුළුල්ලේ පවත්වා ගෙන ආ මෙම අතිවිශිෂ්ට වර්ධන ගමන හේතුවෙන් 2021 Emerging Asia Awards හිදී ‘’වසරේ විශිෂ්ටතම ජීවිත රක්ෂණ සමාගම’’ ලෙසත්, 2019$2021 Effie සම්මාන උළෙලේදී අඛණ්ඩව වසර දෙකක් ‘’වසරේ හොඳම සන්නාමය’’ දිනාගත් එකම සන්නාමය බවට ද සොෆ්ට්ලොජික් ලයිෆ් තේරී පත්වුණි. එපමණක් නොව, මූල්‍ය විනිවිදභාවය සහ ආයතනික පාලනය (Corporate Governance) පවත්වා ගැනීම සඳහා සමාගමක් ලෙස දක්වන දැඩි කැපවීම අගයමින් CA Awards 2021 හිදී සියලූ ක්ෂේත‍්‍රයන් හි ඒකාබද්ධ වාර්තාකරණයේ සමස්ත විශිෂ්ටත්වය සඳහා වූ රිදී සම්මානය, රක්ෂණ ක්ෂේත‍්‍රයේ රන් සම්මානය සහ CMA Excellence in Integrating Reporting Awards 2021 හිදී 2021 වාර්ෂික වාර්තාව සඳහා සමස්ත රන් සම්මානය වැනි ක්ෂේත‍්‍රයේ ඉහළම සම්මානවලින් සොෆ්ට්ලොජික් ලයිෆ් පිදුම් ලැබීය.

මෙම සන්ධිස්ථානය පිළිබඳව අදහස් දක්වමින් සොෆ්ට්ලොජික් හෝල්ඩින්ග්ස් පීඑල්සී සභාපති අශෝක් පතිරගේ මහතා පැවසුවේ, ”සොෆ්ට්ලොජික් ලයිෆ් හිමිකර ගත් මෙම ජයග‍්‍රහණය පිළිබඳව මා සැබවින්ම ආඩම්බර වනවා. එඩිතර නායකත්වයක මගපෙන්වීම, ‘කළ නොහැකි දෙයක් නැත’ යන ආකල්පය, උද්යෝගිමත් කණ්ඩායමක් සිටීම, අඛණ්ඩ වැඩිදියුණු කිරීම් මත පදනම් වූ උපාය මාර්ගයක් සමඟ කැටිවුණු Softlogic Life ඕනෑම අභියෝගයක් බිඳලන්න හැකිබව තදින් විශ්වාස කරන ආයතනයකි. ඒ හැකියාව සහ විශ්වාසය ඔප්පු කරමින්, අද වන විට ඔවුන් ශ‍්‍රී ලංකාවේ දෙවැනි විශාලතම ජීවිත රක්ෂණ සමාගම බවට පත් වී ජයග‍්‍රහණයේ හිනිපෙත්තටම පැමිණ තිබෙනවා. අස්ථාවර වෙළඳපල තත්වයන් මධ්‍යයේ වුවද ගෝලීය ආයෝජකයින් සොෆ්ට්ලොජික් ලයිෆ් හි ආයෝජනය කිරීමටත්, අප සමඟ දිගටම රැඳී සිටීමටත් තෝරාගෙන ඇත්තේ ආයතනය පිළිබඳ ඔවුන්ගේ ඇති දැඩි විශ්වාසය නිසාවෙනි. 2011 වසරේදී ‘‘සොෆ්ට්ලොජික් සමූහය” යටතට ගත් Softlogic Life රක්ෂණ ක්ෂේත‍්‍රයේ ඉතා වේගවත් ප‍්‍රගතියක් සමඟින් වර්ධනය වන ආකාරය දැකීමෙන් මා නිහතමානීව සතුටට පත් වනවා.’‘ යනුවෙනි.

මේ පිළිබඳව අදහස් දක්වමින් සොෆ්ට්ලොජික් ලයිෆ් හි කළමනාකාර අධ්‍යක්ෂ ඉෆ්තිකාර් අහමඞ් මහතා පැවසුවේ ‘’ක්ෂේත‍්‍රයේ ලාබාලතම සමාගමක් ලෙසල වසර 8ක් තුළදී විශිෂ්ට උපායමාර්ග නිර්මාණය කිරීම සහ ක‍්‍රියාත්මක කිරීම තුළින් ලබාගත් මෙම ජයග‍්‍රහණය, සොෆ්ට්ලොජික් සමූහයෙහිම සුවිශේෂී සන්ධිස්ථානයක් වන අතර රක්ෂණ වෙළෙඳපොලේ දැවැන්තයින් විසින් වසර ගණනාවක් පුරා අණසක පැතිර වූ අතිශය තරගකාරී, පරිණත ක්ෂේත‍්‍රයක දෙවන ස්ථානයට පත්වීම ද ඓතිහාසික අවස්ථාවකි. අභියෝගාත්මක ආර්ථික තත්වයන් හමුවේ පවා, 2022 පළමු අර්ධයේදී ලබා ගත් මෙම විශිෂ්ට කාර්යසාධනය අපගේ සමාගම අඛණ්ඩව දියුණුව කරා රැගෙන යාමටත්, අපගේ රක්ෂණ ඔප්පු හිමියන්ට සහ පාර්ශවකරුවන්ට තව තවත් ඉහළ වටිනාකමක් ලබා දීමටත් ඇති හැකියාව පිළිබඳ මනා විශ්වාසයක් හා සුබවාදී බලාපොරොත්තුවක් පෙන්නුම් කරනවා. මෙම දැක්ම යථාර්ථයක් බවට පත් කිරීමට වෙහෙස මහන්සි වී කැපවීමෙන් කටයුතු කළ කළමනාකාරීත්වයට, සේවා මණ්ඩලයටත්, අපගේ විකුණුම් බලකායට මා මෙහිදී ස්තූති කිරීමට කැමතියි. ඒවගේම අපගේ ගනුදෙනුකරුවන්ට සහ සොෆ්ට්ලොජික් ලයිෆ් හි අනෙකුත් සියලූම පාර්ශවකරුවන්ට අප කෙරෙහි දක්වන නොසැලෙන විශ්වාසයට ද මා ස්තූති කරනවා.’’ යනුවෙනි.

මෙම අති දැවැන්ත වර්ධනයත් සමඟ සමාගම මූල්‍ය ස්ථාවරත්වය අතින් ඉතා ස්ථාවර මට්ටමක පවතින බව සමාගම සඳහන් කළේය. අදාල කාල පරිච්ෙඡ්දය තුළ සමාගමේ බදු පසු ලාභය (PAT) 30%ක වර්ධනයක් සමඟින් රුපියල් බිලියන 1.2 ක් විය. බදු පෙර ලාභය (PBT) රුපියල් බිලියන 1.7ක් වූ අතර එය පසුගිය වසරට සාපේක්ෂව 14% වැඩි වීමකි. තවද සොෆ්ට්ලොජික් ලයිෆ් 325% ක ස්ථාවර ප‍්‍රාග්ධන ප‍්‍රමාණාත්මකතා අනුපාතයක් (CAR) පවත්වාගෙන යනු ලබන්නේ එහි  නියාමන CAR අවශ්‍යතාවය වන 120% ද ඉක්මවා යමිනි. මේ සියල්ලක්ම සමඟින්, රක්ෂණ ක්ෂේත‍්‍රයේ 14.3%ට සාපේක්ෂව 29%ක 10 වසරක සංයුක්ත වර්ධන අනුපාතයක් (10 Year Compound Annual Growth Rate) පවත්වා ගැනීමට ද සොෆ්ට්ලොජික් ලයිෆ් හට හැකි විය.

මෙතෙක් රක්ෂණ ක්ෂේත‍්‍රයේ වේගයෙන්ම වර්ධනය වන ජීවිත රක්ෂණ සමාගමක් ලෙස ජනතාව අතර ඇගයීමට ලක් වූ Softlogic Life දැන් අලූත්ම එළියකින්, වෙනස්ම ආකාරයට තව තවත් ජනතා ආකර්ෂණයට ලක්වීමට සමත් වී ඇත. අභියෝගාත්මක තත්වයන් සියල්ල තුළදී වුවද අතිවිශිෂ්ට වර්ධනයක් වාර්තා කළ Softlogic Life සිය නව්‍ය, එඩිතර, ස්ථාවර සහ කැපී පෙනෙන කාර්යසාධනය නිසාවෙන්ම, මුළු ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේම ‘මිණුම් දණ්ඩක්’ බවට පත්ව ඇත.

Visits: 197