මීළග මුදල් ප්‍රතිපත්ති විවරණ දැනුම් දීම අගෝස්තු 18 (බ්‍රහස්පතින්දා)

ශ්‍රී ලංකා මහ බැංකුවෙහි මුදල් මණ්ඩලය මගින් ගන්නා තීරණ අනුව මහ බැංකුව මගින් සිදු කරන මීළග මුදල් ප්‍රතිපත්ති විවරණය ලබන අගෝස්තු 18 වැනිදා (බ්‍රහස්පතින්දා) පැවැත්වෙන බව මහ බැංකුව සඳහන් කරයි.

මෙය 2022 වසර සඳහා වන 06 වැනි මුදල් ප්‍රතිපත්ති විවරණය ලෙසින්ද නම් කෙරී තිබේ. එදින පෙරවරු 7.30ට මෙම දැනුම් දීම සිදු කිරීම මහ බැංකුවේ අදහස වී තිබේ.

මහ බැංකුව මගින් පසුගිය ජූලි 07 වැනිදා සිදුකළ සිය 2022 වසර සඳහා වන 05 වැනි මුදල් ප්‍රතිපත්ති විවරණයේදී සිය මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය තවදුරටත් දැඩි කිරීමට තීරණය කෙරිණි.

ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පදනම් අංක 100කින් ඉහළ නංවමින් පිළිවෙලින් 14.50%ක් සහ 15.50%ක් දක්වා ඉහළ නැංවීම සිදුවිය.

Visits: 44