නොරොච්චෝලේ අලුත්වැඩියාවට දින 16ක් ගත වෙයි – හෙට සිට විදුලිය කැපෙන කාලය ඉහළට

සැලසුම් කළ ආකාරයට අද දිනයේදී පැයකුත් විනාඩි 20ක කාලයක් විදුලිය කප්පාදුව සිදු කෙරෙන බවත්, හෙට දිනයේ සිට එම කාලසීමාව යම් ප්‍රමාණයකින් ඉහළ යෑමක් සිදු කරන බවත් මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහන්කරයි.

නොරොච්චෝලේ පිහිටි පළමු ගල් අඟුරු බලාගාරයේ පවතින අලුත්වැඩියාව මේ සඳහා හේතුව බව එම කොමිෂන් සභාවේ අදහස වී තිබේ. මෙම අලුත්වැඩියාව සඳහාද බොහෝ දුරට දින 14ත් දින 16ත් අතර කාලයක් ගත වනු ඇතැයි ගණන් බලා තිබේ.

ඒ අනුව හෙට දිනයේ සිට ඉහළ යන විදුලි කප්පාදු කාලය ඇතුළත් කාලසටහන සන්ධ්‍යාවේදී නිකුත් කරන බව එම කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියි.

Visits: 50