ලංකෙම් සමාගමට ඇක්මි ප්‍රින්ටින්ග් ඇන්ඩ් පැකේජින්හි කොටස් හිමිකාරීත්වයේ පළමු තැන අහිමි වෙයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ඇක්මි ප්‍රින්ටින්ග් ඇන්ඩ් පැකේජින්ග් පීඑල්සී (ACME.N0000) සමාගමෙහි වැඩි කොටස් හිමිකාරීත්වයක් අත්පත් කරගැනීමට අමනා බැංකුව/ඊ.බී. ක්‍රීසි ඇන්ඩ් කම්පැනි පීඑල්සී සමත්ව ඇතැයි පවසයි.

එම සමාගම මගින් අද දිනයේදී කොළඹ කොටස් හුවමාරුව වෙත ලිපියක් මගින් මේ පිළිබඳව කරුණු දන්වා තිබේ. ඒ අනුව පසුගියදා සිදු කෙරුණු සිය හිමිකම් කොටස් නිකුතුවෙන් අනතුරුව මෙම තත්ත්වය උදා වී තිබෙන බවත් සමාගම පවසයි.

මේ තත්ත්වයත් සමගින්ම කොටස් 32‍්,800‍,000ක් හිමි කරගනිමින් අමනා බැංකුව/ඊ.බී. ක්‍රීසි සහ ඇන්ඩ් කම්පැනි පීඑල්සී සමාගම් ඇක්මි ප්‍රින්ටින්ග් ඇන්ඩ් පැකේජින්ග් පීඑල්සී සමාගමෙහි වැඩිම කොටස් හිමිකරුවා බවට සමත්ව තිබේ. එය ප්‍රතිශතයක් ලෙස 34.53%කි.

ලංකෙම් සිලෝන් පීඑල්සී (LCEY.N0000) සමාගම සතු කොටස් සංඛ්‍යාව 23,846,993ක් ලෙස සටහන්ව ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස 25.10කි.

කෙසේ වෙතත් 2022 ජූනි 30 වැනිදා වනවිට මෙම කොටස් ප්‍රමාණයද සමගින් ඇක්මි ප්‍රින්ටින්ග් ඇන්ඩ් පැකේජින්ග් පීඑල්සී සමාගමෙහි වැඩිම කොටස් හිමිකරුවා බවට පත්ව සිටියේ ලංකෙම් සිලෝන් පීඑල්සී සමාගමයි. එය ප්‍රතිශතයක් ලෙස 57.93කි.

එම අවස්ථෘවේදී අමනා බැංකුව/ඊ.බී. ක්‍රීසි සහ ඇන්ඩ් කම්පැනි පීඑල්සී සමාගම් සතුව කොටස් 8,200,000ක් පැවැති අතර, එය ප්‍රතිශතයක් ලෙස 19.92%ක් විය.

මේ අතර අලුත්ම කොටස් හිමිකාරීත්වයට අනුව ඊ.බී. ක්‍රීසි ඇන්ඩ් කම්පැනි පීඑල්සී (EBCR.N0000) වෙත තවත් කොටස් 21,931,641ක් හිමි අතර එය ප්‍රතිශතයක් ලෙස 23.09කි. මීට පෙර එම සමාගමට ඇක්මි ප්‍රින්ටින්ග් ඇන්ඩ් පැකේජින්ග් පීඑල්සී සමාගම තුළ තනි හිමිකාරීත්වයක් නොපැවතුණි.

Visits: 152