හච් වෙතින් සිය පාරිභෝගිකයින්ට නොමිලේ කතා කාලයක්

ශ්‍රී ලංකාවේ සීඝ්‍රයෙන් වර්ධනය වන ජංගම බ්‍රෝඩ්බෑන්ඩ් සේවා සැපයුම්කරු වන හච්, වත්මන් ආර්ථික අර්බුදය සිය පාරිභෝගිකයින්ගේ දෛනික ජීවන වියදමට සිදුකර ඇති බලපෑමට සහනයක් ලබාදීමේ අරමුණින්, ‘HUTCH Relief Recharge Bonus’ වැඩසටහන හඳුන්වා දී ඇතැයි පවසයි.

ඒ අනුව මෙහිදී පාරිභෝගිකයින්ට ඔවුන් සිදුකරන සෑම රීචාජ් කිරීමකටම 100% ප්‍රසාද කතා කාලයක් හිමිවෙයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් හච් හි ප්‍රධාන විධායක නිලධාරී තිරුකුමාර් නඩරාසා මහතා මෙලෙස සඳහන් කළේය. “පවත්නා ආර්ථික තත්වය හමුවේ පුද්ගලයින් මූල්‍යමය දුෂ්කරතාවයන්ට මෙන්ම තම දුරකථනය රීචාජ් කරගැනීමේ දුෂ්කරතාවයන්ට මුහුණ දී සිටිනවා. එබැවින් අපගේ පාරිභෝගිකයින්ට ඔවුන් ගෙවන මුදලට වැඩි කතා කාලයක් ලබාදීමේ අරමුණින් අපි මෙම වැඩසටහන දියත් කර තිබෙනවා. ඒ වගේම රීචාජ් කටයුතු සඳහා නිතරම අලෙවිසැල් වෙත පැමිණීමේ අවශ්‍යතාවයද මෙමඟින් අවම කර තිබෙනවා.”

හච් පෙරගෙවුම් පාරිභෝගිකයින්ට රු.250 සිට රු.1050 දක්වා නිශ්චිත නම් කල රීචාජ් කිරීම් සඳහා දින 30ක් දක්වා වලංගු 100% කතා කාලයක් හෝ ඕනෑම ජාලයකට විනාඩි 500ක කතා කාලයක් නොමිලේ පිරිනැමෙන බවත් සමාගම පවසයි.

Visits: 59