ට්‍රෙවිස් ෆෙරෙයිරා එක්ස්ටර්මිනේටර්ස් පීඑල්සී අධ්‍යක්ෂ මණ්ඩලයට

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත එක්ටර්මිනේටර්ස් පීඑල්සී සමාගමෙහි (EXT.N0000) නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස ට්‍රෙවිස් විලේබ් ෆෙරෙයිරා මහතා පත් කරගත් බව එම සමාගම පවසයි.

2022 අගෝස්තු 03 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම නව පත් කිරිම සිදුව තිබේ. අද දිනයේදී කොළඹ කොටස් හුවමාරුව වෙත ලිපියක් මගින් දැනුම් දෙමින් එම සමාගම මේ බව සදහන් කර සිටියි.

මෙම පත් කිරීම සිදු වන අවස්ථාව වන විට ට්‍රෙවිස් ෆෙරෙයිරා මහතා සතුව එක්ස්ටර්මිනේටර්ස් පීඑල්සී සමාගමෙහි සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 762,746ක හිමිකාරීත්වයක් සහිත බවත් මෙහි වැඩිදුරටත් සඳහන්ව තිබේ.

එක්ස්ටර්මිනේටර්ස් පීඑල්සී සමාගම මෙරට තුළ පලිබෝධ කළමනාකරණ සේවා සම්පාදනයේ ප්‍රමුඛතම සමාගමකි.

ට්‍රෙවිස් ෆෙරෙයිරා මහතා 2004 වසරේදී එක්ස්ටර්මිනේටර්ස් පීඑල්සී සමාගම හා සම්බන්ධ වී ඇති අතර, ඒ මහතා සතුව අලෙවි සහ අලෙවිකරණ සම්බන්ධයෙන් වසර 25ක අත්දැකීම් සහ පලිබෝධ කළමනාකරණ ක්ෂේත්‍රය පිළිබඳව වසර 17ක අත්දැකීම් සහිත බවත් එම සමාගම පවසයි.

එසේම අද වනවිට ඒ මහතා ශ්‍රී ලංකාව සහ මාලදිවයින තුළ එක්ස්ටර්මිනේටර්ස් පීඑල්සී සමාගමෙහි අලෙවිකරණ සහ ව්‍යාපාර සංවර්ධන ප්‍රධානියා ලෙසින්ද කටයුතු කරයි.

ඒ මහතා සිංගප්පූරුව, ඉන්දියාව, ඉන්දියාව සහ තායිලන්තය යන රටවලදී ඒ මහතා සියලුම ආකාරයේ කෘමි පාලනය සම්බන්ධයෙන් පුහුණුව ලබා තිබේ.

එසේම ට්‍රෙවිස් ෆෙරෙයිරා මහතා අද වනවිට ශ්‍රී ලංකා පලිබෝද කළමනාකරණ සංගමයේ ලේකම්වරයා ලෙසින්ද කටයුතු කරයි.

Visits: 92