FlySmiLes හි Miles ශ්‍රීලංකන් කෙයාර්ස් වෙත පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් හඳුන්වාදෙයි

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ නිරන්තර පියාසර වැඩසටහන වන FlySmiLes හි සාමාජිකයන්ට දැන් ඔවුන් උපයන Miles ගුවන් සේවයේ ආයතනික සමාජ වගකීම් අංශය වන SriLankan Cares වෙත පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් හඳුන්වා දී තිබේ.

ඒ අනුව ඔබ පරිත්‍යාග කරන ලද Miles භාවිත කරමින් විශේෂ අවශ්‍යතා ඇති සහ විවිද රෝග වලට ලක්ව ඇති දරුවන්ට වෛද්‍ය ප්‍රතිකාර සඳහා විදේශගත වීමට හැකියාව ලැබෙනු ඇත.

FlySmiLes සාමාජිකයන්ට ඔවුන්‍ට හිමි Miles 1,000ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ශ්‍රීලංකන් කෙයාර්ස් වෛද්‍ය ප්‍රවේශපත්‍ර යෝජනා ක්‍රමයට ඔවුන් කැමති පරිදි පරිත්‍යාග කළ හැකිය. පසුව, FlySmiLes සාමාජිකයින් විසින් සිදුකරන ලද පරිත්‍යාගය සඳහා තවත් අමතර 25% ක් FlySmiLes වෙතින් ශ්‍රීලංකන් කෙයාර්ස් වෙත ප්‍රධානය කරනු ඇත.

ශ්‍රීලංකන් කෙයාර්ස් විසින් ශ්‍රීලංකාවේ දී සිදු කිරීමට අපහසු වෛද්‍ය ප්‍රතිකාර සඳහා විදේශ ගතවීමට අපේක්ෂා කරන අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ට සහ ජීවිත අවධානමක් ඇති රෝගීන් වෙත ගුවන් ටිකට්පත් නිකුත් කිරීමට පරිත්‍යාග කරන ලද සැතපුම් භාවිතා කරනු ඇත.

ශ්‍රීලංකන් කෙයාර්ස් වෛද්‍ය ප්‍රවේශපත්‍ර යෝජනා ක්‍රමය හරහා තෝරාගත් සෑම රෝගියකුගේ පවුලේ සාමාජිකයකු හෝ වෛද්‍ය වෘත්තිකයකු වැනි එක් සහකාරියක් සමඟින් සෞඛ්‍ය සේවා සඳහා තෝරාගත් ගමනාන්තයකට නොමිලේ ගුවන් ටිකට්පත් දෙකක් ලබාදෙනු ඇත. ශ්‍රීලංකන් කෙයාර්ස් සෑම වසරකම රෝගීන් විස්සක් දක්වා ප්‍රවේශපත්‍ර යුගල ලබාදීමට අපේක්ෂා කරයි.

FlySmiLes සාමාජිකයන් විසින් පරිත්‍යාග කරන ලද miles වලින් ප්‍රතිලාභ ලැබූ පළමු සාමාජිකයා වූයේ චෙසඳු අයෝද් ජයනන්ද පුතු වන අතර ඔහුට වයස අවුරුදු තුනේදී අක්මාව සම්බන්ධයෙන් රෝගයක් ඇති බව හඳුනා ගන්නා ලදී. චෙසඳුට ප්‍රතිකාර කරන වෛද්‍යවරු ඔහුට හැකි ඉක්මනින් ඉන්දියාවේ චෙන්නායි හි පිහිටි Dr. Rela Institute & Medical Center හි අක්මා බද්ධ කිරීමේ ශල්‍යකර්මයකට භාජනය කරන ලෙස නිර්දේශ කර තිබුණි. ශ්‍රීලංකන් කෙයාර්ස් සහාය ලබා ගැනීම‍ට පෙර ගමන් වියදම් සහ ශල්‍යකර්ම සඳහා ප්‍රමාණවත් අරමුදල් රැස් කිරීමේ උභතෝකෝටික ගැටලුවට චෙසඳුගේ දෙමාපියන් මුහුණ දුන්හ.

චෙසඳුගේ මව, මොනිකා තඹුගල මහත්මිය සිය කෘතඥතාව මෙසේ පළ කළාය, “මුදල් සොයා ගන්නේ කෙසේද යන්න ගැන සිතමින් සිටියදී, මම ශ්‍රීලංකන් කෙයාර්ස් ගැන සහ ඔවුන් අප වැනි අයට මෙවැනි අවස්ථාවන්හිදී උපකාර කරන ආකාරය දැනගත්තා. ශ්‍රීලංකන් කෙයාර්ස් විසින් ඉන්දියාවට ගුවන් ටිකට්පත් ලබා දුන්නා. මගේ දරුවාට 2022 ජූනි 6 වැනි දින සාර්ථකව සැත්කමක් සිදු කළා. මගේ ආදරණීය පුතුට අද නව ජීවයක් ලැබිලා තියෙනවා. ඒ සඳහා උපකාර කළ ශ්‍රී ලංකන් කෙයාර්ස් වෙත සහ FlySmiLes හි miles ලබාදුන් කාරුණික පරිත්‍යාගශීලීන්ට මම ස්තූතිවන්ත වෙනවා. ”

ශ්‍රීලංකන් කෙයාර්ස් වෙත FlySmiLes හි Miles පරිත්‍යාග කිරීම පිළිබඳ වැඩි විස්තර සඳහා පිවිසෙන්න: www.srilankan.com/flysmiles/using-your-miles/donate-miles

Visits: 30