කන්වීනියන් ෆුඩ්ස් (ලංකා) පීඑල්සී වෙතින් රුපියල් 3.50 බැගින් ලාභාංශ ගෙවිමක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත කන්වීනියන්ස් ෆුඩ්ස් (ලංකා) පීඑල්සී සමාගම (SOY.N0000) සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි. ඊයේ පැවැති එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලහමුවේදී මේ පිළිබඳ යෝජනාව ඉදිරිපත්ව තිබේ.

ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 3.50ක් බැගින් ලාභාංශ ගෙවීම සිදු කිරිම සැලසුම වී තිබේ.

මෙය 2022 මාර්තු 31 වැනිදායින් අවසන් වන මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන අවසන් ලාභාංශ ගෙවිම බවද කන්වීනියන් ෆුඩ්ස් (ලංකා) පීඑල්සී සමාගම සඳහන් කරයි.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස සැප්තැම්බර් 29 වැනිදා ප්‍රකාශ  කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස සැප්තැම්බර් 13 වැනිදා නම් කෙරී තිබේ.

මේ අතර අදාළ ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් සිය කොටස් හිමිකරුවන්ගේ අනුමැතිය අවශ්‍යව ඇතැයිද කන්වීනියන් ෆුඩ්ස් (ලංකා) පීඑල්සී සමාගම පවසයි. ඒ සඳහා වන මීළග වාර්ෂික මහා සභා රැස්වීම ලබන සැප්තැම්බර් 12 වැනිදා පැවැත්වීමටද සමාගම කටයුතු යොදා තිබේ.

පසුගිය 2021 මාර්තු 31 වැනිදායින් අවසන් වූ මූල්‍ය වර්ෂය වෙනුවෙන් අවසන් ලාභාංශ ලෙස කන්වීනියන් ෆුඩ්ස් (ලංකා) පීඑල්සී සමාගම කොටසකට රුපියල් 10ක් බැගින් ලාභාංශ ගෙවීම සිදු විය.

Visits: 112