ඔබ විසින් vivo තෝරා ගැනීමට හොඳම හේතු 5ක්!

රටක වර්ධනය සහ ප්‍රසාරණය උදෙසා තාක්‍ෂණය විසින් විශාල කාර්යභාරයක් ඉටු කරනු ලබයි. ස්මාර්ට්ෆෝන් තාක්‍ෂණයෙහි දියුණුවත් සමඟ ලෝකවාසී සියලු දෙනා වෙනදාටත් වඩා එකිනෙකාට සමීප වී ඇති අතර දේශසීමා තුළ සහ ඉන් ඔබ්බට සන්නිවේදනයෙහි ඇති පරතරය අවම වීමද ඉන් සිදු වී ඇත.

විශේෂයෙන්ම ශ්‍රී ලංකාව තුළ ස්මාර්ට්ෆෝන් තාක්ෂණයේ බලපෑම තුලින් හොඳම නවෝත්පාදනයන් බිහි වී ඇත. ප්‍රමුඛ පෙළේ තාක්‍ෂණික සන්නාමයක් වන vivo සිය Y සහ V series හි මෝස්තර සහ විශේෂාංග හරහා සිය නව නිර්මාණ එළිදක්වා ඇත. වසර ගණනාවක් පුරා, vivo  එහි කැමරා පද්ධතිය සහ අනෙකුත් නව්‍ය විශේෂාංග සඳහා නමක් දිනා ඇත.

එසේ දේශීය පාරිභෝගිකයින් සමඟ කැපී පෙනෙන සම්බන්ධතාවයක් ගොඩනඟා ගෙන ඔවුන්ගේ ප්‍රියතමයා බවට vivo පත් වූයේ කෙසේදැයි පහත කරුණු මගින් ඔබට අවබෝධ වනු ඇත.

කැමරාව
vivo විසින් පරිශීලකයාගේ අවශ්‍යතාවය මත විවිධ කැමරා පද්ධති වලින් යුත් පුළුල් පරාසයක ස්මාර්ට්ෆෝන් ඉදිරිපත් කර ඇත. උදාහරණයක් ලෙස, V Series හි  ස්මාර්ට්ෆෝන් මගින් ස්ථාවර ඡායාරූප ආයාසයකින් තොරව ලබා ගැනීම සහතික කරන අතර,  රාත්‍රී කාලයේදී සිදු කරන ඡායාරූපකරණය ප්‍රගුණ කිරීමට ද පරිශීලකයින්ට උපකාර කරයි. එසේම Y Series එහි කාර්යක්ෂමතාව සහ සුවිශේෂී කැමරා තාක්ෂණය උදෙසා වෙළඳපොලෙහි  ප්‍රසිද්ධියට පත් වී ඇත.

නිර්මාණ සැකසුම
vivo හි  උපාංග ගැඹුරු වෙළඳපල පර්යේෂණයක ප්‍රතිඵලයක් බව ඔවුන් නිරන්තරයෙන් අවධාරණය කර සිටී. සන්නාමයේ නවෝත්පාදනයන්, නිරන්තරයෙන් වර්ධනය වන පාරිභෝගිකයින්ගේ අවශ්‍යතා අනුව සිදු වෙයි. වෙළඳපල ප්‍රවණතාවයන්ට  අනුව, දේශීය පරිශීලකයින් සැහැල්ලු උපාංගයක් තෝරා ගැනීමට වඩාත් නැඹුරු වෙයි. ඒ හේතුවෙන් නවීන මෝස්තරයන් සහිත සුවපහසු  අතේ ගෙන යා හැකි උපාංග පෙළක් සමඟින්, vivo  තම පාරිභෝගිකයින් පුදුම කරන ලදී. කර්මාන්තයේ ප්‍රථම, වර්ණ වෙනස් කරන ලද වීදුරු පසුපස කවරයන් හදුන්වා දීම මගින්  ස්මාර්ට්ෆෝන් මෝස්තරයන්හි  විප්ලවීය වෙනසකට vivo මුලපිරුවේය.

ක්‍රියාකාරිත්වය
vivo පිළිබඳ හොඳ නිරීක්ෂණයක් නම්, සන්නාමය සිය ස්මාර්ට් ජංගම දුරකථනයේ සමස්ත ආකර්ෂණයට බලපෑමක් නොවන පරිදි දැවැන්ත බැටරියක් එක් කිරීමට සාර්ථකව සමත් වී තිබීමය. වේගවත් ලෙස ජංගම දුරකථනය චාජ් කිරීමටද මින් හැකියාව ලැබී ඇත. තවද, vivo හි Extended RAM විශේෂාංගය ස්මාර්ට් ජංගම දුරකථනය බාධාවකින් තොරව ක්‍රියා කරවීමට  ඉඩ සලසයි. RAM ඒකකය ක්‍රියා කිරීමට උපාංගයේ ඇති අමතර ROM ඉඩකඩ මගින්,  ප්‍රමාදයකින් තොරව ඇප්  අතර මාරු වීමට උපකාරී වේ.

නවෝත්පාදන
මෙම වසර මුලදී, සන්නාමය විසින් සිය  ස්වාධීන පර්යේෂණ සහ සංවර්ධන සහ චිප් නිර්මාණයේ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ප්‍රමුඛ පෙළේ දෘශ්‍ය ගුණාත්මක භාවයෙන් යුත් රූප සහ වීඩියෝ යෙදුම් සඳහා කැප වූ  ඒකාබද්ධ පරිපථ චිපයක් වන V1+ Chip හදුන්වා දෙන ලදී. තවද vivo විසින් කලාපයට ප්‍රතිලාභ ලබා දීම සඳහා 5G තාක්‍ෂණය යොදවා ඇති අතර දේශීය පරිශීලකයින්ගේ අත්දැකීම වැඩිදියුණු කිරීම සඳහා ඔවුන්ව, පවතින නවතම සහ විශිෂ්ටතම තාක්‍ෂණයෙන් සන්නද්ධ කිරීම සිදු කරයි.

පාරිභෝගික සේවා
vivo හි කාර්යක්‍ෂම පාරිභෝගික සේවාව මගින් දේශීය පරිශීලකයින් තෘප්තිමත් කිරීම තහවුරු කොට ඇත. vivo ස්මාර්ට්ෆෝන් භාවිතයේ සෑම පියවරකදීම තම පාරිභෝගිකයින්ට සහය වීමට උත්සාහ කරන අතර කොළඹ සහ ගාල්ලේ පිහිටි සිය සේවා මධ්‍යස්ථාන දෙක හරහා ජාතික වශයෙන් තම පාරිභෝගිකයන් වෙත ළඟා වෙමින් දිවයිනේ පාරිභෝගික සම්බන්ධතාව උපායශීලීව ශක්තිමත් කර ඇත. මෙම නවීනතම පහසුකම් සහ උපාංග මගින් පාරිභෝගිකයින්හට කරදරයකින් තොරව මිලදී ගැනීමේ කටයුතු සිදු කිරීමත්, අලෙවියෙන් පසු සේවා අත්දැකීමක් ලබා ගැනීමත්  සහතික කරයි.

Visits: 70