නිහාල් ෆොන්සේකා වසර හයකට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩල සාමාජිකයකු ලෙස යළි පත් කරයි

ඇන්තනී නිහාල් ෆොන්සේකා මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස 2022 ජුලි 27 දින සිට වසර හයක
කාලයක් සඳහා නැවත පත් කර ඇතැයි මහ බැංකුව නිවේදනය කර සිටියි.

මීට පෙර ඒ මහතා 2016 ජුලි මාසයේ සිට 2020 මැයි මාසය දක්වාද සහ 2022 මැයි මාසයේ සිට 2022 ජුලි මාසය දක්වාද මුදල් මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස කටයුතු කළේය.

කොළඹ ලංකා විශ්වවිද්‍යාලයෙන් තම විද්‍යාවේදී උපාධිය ලබා ගත් ඒ මහතා, එක්සත් රාජධානියේ වරලත් බැංකුකරුවන්ගේ ආයතනයේ අධි
සාමාජිකයකු වන අතර, එක්සත් රාජධානියේ වරලත් සුරැකුම්පත් සහ ආයෝජන ආයතනයේ ගරු අධි සාමාජිකයෙකි. ඔහු ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පොදු සමාගමේ ජ්‍යෙෂ්ඨ ස්වාධීන අධාක්ෂ සහ සමූහ විගණන කමිටුවේ සභාපති, සී/ස ෆීනික්ස් ඉන්ඩස්ට්‍රීස් සමාගමේ සභාපති, බ්‍රැන්ඩික්ස් ලංකා සමාගමේ විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු සහ විගණන කමිටුවේ සභාපති, සී/ස ෆීනික්ස් වෙන්චර්ස් සමාගවම් විධායක නොවන අධාක්ෂවරයකු සහ ආයෝජන කමිටුවේ සභාපති ලෙසද කටයුතු කරයි.

වෘත්තියෙන් බැංකුකරුවෙකු වන ෆොන්සේකා මහතා, දේශීය සහ විදේශීය බැංකු සහ මූල්‍ය අංශවල ප්‍රධාන ධුරයන් කිහිපයක් හොබවා ඇත. ඒ මහතා වසර 13කට අධික කාලයක් DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙසත්, ඉන් පෙර වසර 10ක කාලයක් සඳහා HSBC ශ්‍රී ලංකා බැංකුවේ නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරියා ලෙසත් සේවය කර තිබේ.

එසේම ෆොන්සේකා මහතා කොළඹ කොටස් හුවමාරුවේ සහ මැනිලාහි ආසියා ශාන්තිකර මූල්‍ය සංවර්ධන ආයතන සංගමයේ සභාපති ලෙසත් කොමර්ෂල් බැංකුවේ සහ DFCC වර්ධන බැංකුවේ අධාක්ෂවරයකු ලෙසත් සේවය කර ඇත. ඒ මහතා එක්සත් රාජධානියේ වරලත්
සුරැකුම්පත් සහ ආයෝජන ආයතනයේ ශ්‍රී ලංකා ජාතික උපදේශන සහාවේ වසර 10කට අධික කාලයක්ස ඳහා සභාපති ලෙස කටයුතු කර ඇති අතර, එක්සත් ජනපද – ශ්‍රී ලංකා ෆුල්බ්‍රයිට් කොමිෂන් සභාවේ සාමාජිකයකුද වේ.

ෆොන්සේකා මහතා රාජ්‍ය සේවයේද විවිධ තනතුරු හොබවා ඇත. 2009 වසවර් පිහිටුවනු ලැබූ බදු පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවේ සාමාජිකයකු වූ ඒ මහතා, ව්‍යවස්ථාපිත ස්ථාපනය කරන ලද ජාතික සන්නිවේදන දෙපාර්තවම්න්තුවේ ප්‍රසම්පාදන වකොමිෂන් සභාවේ සාමාජිකයකු ලෙසද කටයුතු කළේය. ඒ මහතා ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යංශයේ සහ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදලේ අධාක්ෂවරයකු ලෙසත් සේවය කළේය.

Visits: 81