hsenid PLC වෙතින් කොටසකට රුපියල් ශත 30 බැගින් ලාභාංශ ගෙවීමක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත hsenid Business Solutions PLC සමාගම (HBS.N0000) මගින් සිය කොටස්හිමිකරුවන් වෙත ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි. අද පැවැති එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මේ පිළිබඳ යෝජනාව ඉදිරිපත්ව තිබේ.

මෙහිදී සමාගම මගින් රුපියල් ශත 30 බැගින් ලාභාංශ ගෙවීම සිදු කරන බව සමාගම සඳහන් කරයි.

මෙය 2022 මාර්තු 31 වැනිදායින් අවසන් වන මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන අවසන් ලාභාංශ ගෙවීම බවද සමාගම පවසා සිටියි.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය සැප්තැම්බර් 15 වැනිදා ලෙස ප්‍රකාශ කර ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස අගෝස්තු 26 වැනිදා නම් කර තිබේ.

මේ අතර අදාළ ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් සිය කොටස් හිමිකරුවන්ගේ අනුමැතිය අවශ්‍යව ඇතැයිද hsenid Business Solutions PLC සමාගම සඳහන් කරයි. ඒ සඳහා වන මීළග වාර්ෂික මහා සභා රැස්වීම ලබන අගෝස්තු 25 වැනිදා පැවැත්වීමටද යෝජනා වී තිබේ.

අද දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු අවසානයේදී hsenid Business Solutions PLC සමාගමේ කොටසක වටිනාකම රුපියල් 22.30ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ දිනයේ කොටසක වටිනාකම වූ රුපියල් 22.80ට සාපේක්ෂව ශත 50ක එනම් 2.19%ක පහත වැටීමකි.

Visits: 112