කොකා-කෝලා ශ්‍රී ලංකා නව කළමනාකරණ අධ්‍යක්ෂ ලෙස දීපක් සෙන්තිල් පත් කෙරේ

කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා සමාගමේ (CCBSL) නව කළමනාකරණ අධ්‍යක්ෂවරයා ලෙස දීපක් සෙන්තිල් මහතා පත්කර ඇති බව එම සමාගම නිවේදනය කර සිටියි.

මෙතෙක් එම ධූරය දැරූ මයන්ක් අරෝරා මහතා, 2022 ජූලි මස 01 වනදා සිට බංගලාදේශ කොකා-කෝලා සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ ලෙස සිය වැඩ බාර ගැනීමත් සමඟ මෙම නව පත් කිරීම සිදු කර තිබේ. මයන්ක් මහතා විසින් වසර 05කට අධික කාලයක් පුරාවට දේශීය හා කලාපීය වශයෙන් සමාගමේ සංවර්ධනය උදෙසා විශාල කැප කිරීමක් සිදු කර ඇති අතර, ඵලදායී හා කාර්යක්ෂම හවුල්කාරීත්වයන් තුළින් සමාගමේ වර්ධනය උදෙසා විශාල මෙහෙවරක් සිදුකර ඇත.

එම කැපවීම් හි ප්‍රතිඵල වශයෙන් CCBSL හට ‘Coca-Cola South West Asia (SWA) Bottler of the Year 2020′ ඇගයීම ඇතුළුව විවිධ පිළිගැනීම් රැසක් හිමි වූ බවත් සමාගම පවසයි.

“ගෝලීයමය වශයෙන් පැන නැගුණු කොවිඩ්-19 වසංගතය හමුවේ දුර්වල වූ ප්‍රජා ආර්ථිකයන් නගා සිටුවීම, මයන්ක් මහතාගේ දූර කාලය තුළ ඒ මහතා හට මුහුණ දීමට සිදුවූ ප්‍රධානතම අභියෝගයක් විය. ඒ සඳහා ඉතාමත් සාර්ථක උපායමාර්ගික සැළැස්මක් දියත් කරමින්, CCBSL විසින් සිය සේවා කණ්ඩායම්හි සහ සියලුම හවුල්කරුවන්ගේ සෞඛ්‍ය, ආරක්ෂාව සහ රැකියා සුරක්ෂිතභාවය ප්‍රමුඛ කොට සැළකිණි. ඒ හරහා සමාගම, ජාතික සෞඛ්‍ය සහ ආරක්‍ෂිත මාර්ගෝපදේශවලට අනුකූලව සිය මෙහෙයුම් දියත් කළ අතර, වැටුප් කප්පාදු කිරීම් වලින් තොරව, වාර්ෂික වැටුප් වර්ධක සහ දිරි දීමනා ලබා දෙමින් සේවක ජීවන තත්ත්වයන් උසස් කිරීමට කැපවී ක්‍රියා කරන ලදී.

තවද, ප්‍රාදේශීය මට්ටමෙන් ප්‍රජාවට ශක්තියක් වීමේ අරමුණින්, විෂබීජ නාශක වැඩසටහන් සහ අත්‍යවශ්‍ය භාණ්ඩ ඇසුරුම් බෙදා හැරීමේ වැඩසටහන් ද ක්‍රියාත්මක කරන ලදී.  ඒ මහතාගේ දූරදර්ශි නායකත්වයේ ප්‍රතිඵල වශයෙන්, පසුගිය වසර 05ක කාලය තුළ, කොකා-කෝලා සමාගමේ මෙහෙයුම් ආශ්‍රිත අගයන් වර්ධනය වූ අතර, ඒ හේතුවෙන් ඉහළ වෙළඳපොල කොටසකට හිමිකම් පෑමට සමාගමට හැකි විය. තවද, කාර්යක්ෂමතාව සහ ඵලදායිතාව අඛණ්ඩව වැඩිදියුණු කිරීමේ ශක්තිමත් සංස්කෘතියක් සමාගම තුළ නිර්මාණය කිරීමට ඒ මහතා කැපවී ක්‍රියා කළ අතර, එහි ප්‍රතිඵල වශයෙන් Coca-Cola Bottling Investments Group (BIG) තුළ, ශ්‍රී ලංකා වෙළඳ පොළ වඩාත් සාර්ථක වෙළඳපොළක් වශයෙන් ස්ථානගත කරන ලදී. ” සමාගම සඳහන් කරයි.

ඒ අනුව සමාගම මෙතෙක් දුර රැගෙන ආ සාර්ථකත්වයන් ද සමඟින් එහි ඉදිරි සංවර්ධන වැඩසටහන් සඳහා නායකත්වය ලබාදීමට දීපක් සෙන්තිල් මහතා සුදානම්ව සිටින බවත් පවසා සිටියි.

සමාගමේ ඉදිරි සංවර්ධනය උදෙසා සඳහා ඔහු සතු ප්‍රවීණත්වය සහ ක්ෂේත්‍ර දැනුම මැනවින් උපකාරී වනු ඇත. සෙන්තිල් මහතා, හින්දුස්ථාන් කොකා-කෝලා බෙවරේජස් සමාගමේ (HCCB), විකුණුම්, RGM, වෙළඳ අලෙවිකරණය, කාණ්ඩ කළමනාකරණය සහ කලාප නායකත්වය දරමින් වසර 20කට වැඩි කාලයක් සේවය කර ඇත. වඩාත් උපායමාර්ගික නායකත්වය රටාවක් පෙන්නුම් කරන ඔහු, වඩාත් ඵලදායී වාණිජ උපාය මාර්ගික සැලසුම් කිරීමට මෙන්ම සාර්ථක හවුල්කාරීත්වයන් තුළින් සමාගම සංවර්ධනය කිරීමට විශාල දායකත්වයක් ලබාදී ඇත. ඔහුගේ දිගුකාලීන වෘත්තීය පළපුරුද්ද සහ විශේෂඥභාවය, සමාගමේ ඉදිරි ප්‍රගතිය කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇති කරනු ඇතැයිද කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා වැඩිදුරටත් පවසයි.

Visits: 89