ඩයලොග් ආසිආටා වෙත IFC වෙතින් ඩොලර් මිලියන 150ක අරමුදල් සම්පාදනයක්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දුරකතන සන්නිවේදන සැපයුම්කරුවෙකු වන ඩයලොග් ආසියාටා පීඑල්සී සමාගම වෙත ඩොලර් මිලියන 150ක අරමුදල් සම්පාදනයක් සිදු කිරීමට ජාත්‍යන්තර මූල්‍ය සහයෝගිතාව (IFC – International Finance Corporation) කටයුතු යොදා ඇතැයි පවසයි.

ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගමේ බ්‍රෝඩ්බෑන්ඩ් සබඳතා තවදුරටත් රට පුරා ව්‍යාප්ත කිරීම සහ දියුණු කිරීම වෙනුවෙන් මෙම අරමුදල් යොදා ගැනීම සැලසුම වී තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම මෙම අරමුදල් මගින් දැනටමත් රට පුරා ක්‍රියාත්මක 4G පරිශ්‍ර යාවත්කාලීන කිරීම මෙන්ම අලුතින් 4G පරිශ්‍ර ඉදිකිරීම හරහා සිය ජාලගත ධාරිතාව තවදුරටත් පුළුල් කිරීම සහ දියුණු කිරීම සඳහා උපකාරී වනු ඇති බවත් පවසා සිටියි.

එසේම සිය ෆයිබර් ඔප්ටික් ජාලයේ ව්‍යාප්තිය තවදුරටත් ඉහළ නැංවීමටත්, සිය මූලික ජාල මෙහෙයුම්හි ධාරිතාවන් මෙන්ම කාර්යක්ෂතාවන් ඉහළ නැංවීම සඳහා වන යාවත්කාලීන කිරීම් සඳහා වන මුලපිරීම් සඳහාත් මෙම අරමුදල් යොදා ගත හැකි බවත් ඩයලොග් ආසිආටා සඳහන් කරයි.

අද වනවිට ශ්‍රී ලංකාවේ ප්‍රමුතම දුරකතන සන්නිවේදන සේවා සම්පාදකයෙකු ලෙස ඩයලොග් සමාගම ජංගම දුරකතන සහ ස්ථාවර බ්‍රෝඩ්බෑන්ඩ් වෙළෙඳ පොළ තුළ 50෴කට අධික කොටසක් නියෝජනය කරයි. එසේම මේ දක්වා සන්නිවේදන පහසුකම් නොලැබී ඇති රටෙහි ප්‍රදේශ වෙත වඩාත් ඉහළ ගුණාත්මකබවක් සහිත සබඳතාවක් ලබාදීම වෙනුවෙන් වන හැකියාවෙන්ද සමාගම සමන්විත වන බවත් පවසයි.

ඩයලොග් ආසිආටා පීඑල්සී වෙත IFC වෙතින් සිදු කරන මෙම අරමුදල් සැපයීම සම්බන්ධයෙන් වන එකඟතාව අත්සන් තැබීමේ අවස්ථාව සඳහා IFC ශ්‍රී ලංකා සහ මාලදිවයිනේ මෙරට නිලධාරී වික්ටර් ඇන්තනිපිල්ලෙයි, ඩයලොග් ආසිආටා පීඑල්සීහි අධ්‍යක්ෂ/සමූහ ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ, ඩයලොග් ආසිආටා පීඑල්සී සභාපති ඩේවිඩ් නායි පෙක් ලායු ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගි වී තිබේ.

Visits: 112