සිංගර් ෆිනෑන්ස් ශත 80ක් බැගින් ලාභාංශ ගෙවීමක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සිංගර් ෆිනෑන්ස් (ලංකා) පීඑල්සී සමාගම (SFIN.N0000) සිය කොටස්හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි. අද දිනයේදී රැස්වුණු එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මේ පිළිබඳ යෝජනාව ඉදිරිපත්ව තිබේ.

ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් ශත 80 ක් බැගින් ලාභාංශ ගෙවන බව සමාගම පවසයි.

මෙය 2021/22 මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන පළමු අතරමැදි ලාභාංශ ගෙවීම බවද සමාගම සඳහන් කරයි.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස ලබන අගෝස්තු 15 වැනිදා ප්‍රකාශ කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස අගෝස්තු 01 වැනිදා නම් කෙරී තිබේ.

මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් සමාගමේ කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍ය නොමැති බවත් සමාගම වැඩිදුරටත් පවසයි.

මේ අතර අද දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු අවසානයේදී සිංගර් ෆිනෑන්ස් (ලංකා) පීඑල්සී සමාගමෙහි කොටසක වටිනාකම රුපියල් 10ක් ලෙස සටහන්ව තිබූ අතර එය ඊයේ දිනයේදී එම කොටසක වටිනාකම වූ රුපියල් 9.90ට සාපේක්ෂව ශත 10ක එනම් 1.01%ක ඉහළ යාමකි.

Visits: 56