‘ජාතික සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සමුළුව 2022‘ ජූලි 26, 28 සහ 30 දා Zoom ඔස්සේ

ලංකා වාණිජ මණ්ඩලයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර කේන්ද්‍රය (Centre for SMEs) මගින් සංවිධානය කරනු ලබන ජාතික ‘ජාතික සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සමුළුව 2022‘ සඳහා ලියාපදිංචි වීමේ අවස්ථාව දැන් ලබා දී තිබෙන බව පවසයි.

මෙම සමුළුව අන්තර්ජාල සමුළුවක් ලෙස Zoom ඔස්සේ සංවිධානය වී තිබේ. ඒ අනුව ලබන ජූලි 26, 28 සහ 30 යන දිනවල පස්වරු 7.00 සිට 8.30 දක්වා මෙම සමුළුව පැවැත්වෙයි.

වත්මන් ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික අංශයේ ඉදිරි ගමන සවිමත් කිරීම මෙම සමුළුවේ තේමාව වී තිබේ.

මෙහිදී ප්‍රධාන සැසි තුනක් යටතේ සමුළුව පැවැත්වෙන අතර, වත්මන් ආර්ථික තත්ත්වය සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ ඉදිරි ගමන, මූල්‍ය කළමනාකරණය සහ සැපයුම් දාමයේ අභියෝග එම සැසි වෙයි.

මෙම සමුළුව සඳහා ලියාපදිංචි වීම https://tinyurl.com/2s46cvh8 යන වෙබ් ලිපිනය ඔස්සේ සිදු කළ හැකිය.

මෙය සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වෙන වැඩසටහනක් වන අතර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර කේන්ද්‍රයේ ෆේස්බුක් පිටුව ඔස්සේද එය සජීවීව විකාශය කිරීමට කටයුතු යොදා ඇත.

Visits: 114