Prime Lands Residencies PLC නිම කළ තවත් ව්‍යාපෘති දෙකක් පාරිභෝගිකයන් අතට

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේපල වෙළඳාම් සමාගමක් වන Prime Lands Residencies PLC විසින්, ඔවුන්ගේ සහාධිපත්‍ය ව්‍යාපෘති සමූහයට, තවත් සාර්ථකව ඉදිකර නිම වූ ව්‍යාපෘති දෙකක් පසුගියදා එක් කළේය. කොළඹ 5, කස්සප පාරේ ඉදිකෙරුණු ‘Java 25’ සහ ‘Desire’ සහාධිපත්‍ය නිවාස ව්‍යාපෘතීන් පාරිභෝගිකයන් අතට පත් කිරීම ආරම්භ කෙරුණි.

සුඛෝපභෝගී දිවි පෙවෙතක් පාරිභෝගිකයන් වෙත හිමි කර දීමට නිරතුරුව කැප වන ප්‍රයිම් සමූහය ඔවුන්ගේ සෑම ඉදිකිරීමක් මෙන්ම, ‘Java 25’ සහ ‘Desire’ ද, උසස්ම තත්ත්ව ප්‍රමිතීන් හා සියලුම නියාමන අවශ්‍යතාවන්ට අනුකූල අන්දමින් නිර්මාණය කර ඇත.

වර්තමාන අභියෝගාත්මක ආර්ථික තත්වයක් තුළ වුවද, පාරිභෝගිකයින්ගේ සිහින මල්ඵල ගන්වමින්, ඉතා ඉහළ ඉල්ලුමක් පවතින කොළඹ 5 ප්‍රදේශයේ ඉදිකෙරුණු ‘Java 25’ සහ ‘Desire’ නවීන පන්නයේ සුඛෝපභෝගී මහල් නිවාස ද්විත්වය පිළිබඳ අදහස් දක්වමින්, Prime Lands Residencies හි විධායක අධ්‍යක්ෂ නලින්ද හීනටිගල මහතා මෙලෙස පවසා සිටියේය, “ශ්‍රි ලංකාවේ විශාලතම හා ප්‍රමුඛතම දේපළ වෙළෙඳ සමූහය ලෙස, පාරිභෝගිකයින්ගේ ජීවිත වලට නව බලාපොරොත්තුවක් රැගෙන එමින් ඔවුන්ගේ ජීවිත ආලෝකමත් කිරීමට අපට ලබා දිය හැකි සියලු ආකාරයේ පහසුකම් සැලසීමට ප්‍රයිම් සමූහය සැමවිටම කටයුතු කර තිබෙනවා. පසුගිය වසර දෙකකට අධික කාල සීමාව තුළ, කොවිඩ් වසංගතය හේතුවෙන් මෙන්ම විවිධ ආර්ථික අර්බුධකාරී තත්වයන් හේතුවෙන්, දේශීය ඉදිකිරීම් ක්ෂේත්‍රය විවිධ අභියෝග රැසකට මුහුණ දුන් බව අප සියලු දෙනා හොඳින් දන්නා කාරණයක්. මෙම සෑම අභියෝගයක් සඳහාම සාර්ථක ලෙස මුහුණ දෙමින්, ඉතා විශිෂ්ට අන්දමින් ඉදිකර නිම කෙරුණු මෙම සහාධිපත්‍ය නිවාස ව්‍යාපෘති පාරිභෝගිකයින්ගේ දෑතට දැන් පත්වෙමින් තිබෙනවා. මෙම ව්‍යාපෘතිවල සාර්ථකත්වය සඳහා අපට සහයෝගය ලබාදුන් නාගරික සංවර්ධන අධිකාරිය, සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය ඇතුලු සියලුම පාර්ශවයන් වෙත අප මේ අවස්ථාවේ ස්තුතිවන්ත වනවා.”

ලොව නූතන ගෘහනිර්මාණ සැලසුම් හා ශිල්ප ක්‍රම භාවිතා කරමින් අසමසම දිවි පැවැත්මක් ලඟා කරගැනීමට හැකි වන ලෙස ඉදිකෙරුණු මෙම සුඛෝපභෝගී සහාධිපත්‍ය නිවාස ව්‍යාපෘති දෙක සියුම් සැලසුම් සහ නවීන අංගයන් වලින් වැඩිදියුණු කරන ලද පුළුල් ඉඩකඩක් සහිත නිවාස 25 කින් සහ 35කින් සමන්විත වෙයි. තවද, විදුලි සෝපාන පහසුකම්, පිහිනුම් තටාක, ශාරීරික සුවතා මධ්‍යස්ථානයක්, පැය 24 පුරා ආරක්ෂාව සහ වාහන නැවැත්වීමේ පහසුකම් වලින් මෙම නිවාස සංකීර්ණය සමන්විතයි. සෑම අංගයක් සම්බන්ධයෙන් සියුම්ව හා දැඩි අවධානයෙන් සැලසුම් කළ මෙම ව්‍යාපෘතිය, උපරිම අන්දමින් ස්වාභාවික ආලෝකයට විවරවන පරිදි ඉදිකර තිබේ. මෙහි නිවාස විශේෂයෙන් නිර්මාණය කර ඇත්තේ නිවැසියන්ගේ පෞද්ගලිකත්වය අතිශයින්ම සුරක්ෂිතවන අයුරින් හා නගරයෙහි දර්ශනය ද රිසි සේ නැරඹීමේ හැකියාව ඇති අයුරිනි.

“ශ්‍රී ලංකාවේ වඩා ගෞරවනීය පෙදෙසක ඉහළ ජීවන රටාවකට හිමිකම් කීමට කැමති වටිනා ගනුදෙනුකරුවන් වෙනුවෙන්, කොළඹ 5 සහ 7 ප්‍රදේශ මායිම් කරමින් ඉදිකෙරුණු මෙම සහාධිපත්‍ය නිවාස සංකීර්ණය, කොළඹ විශාඛා විද්‍යාලය, තර්ස්ටන් විද්‍යාලය, ශුද්ධවූ පවුලේ කන්යාරාමය සහ රාජකීය විද්‍යාලය සඳහා පහසුවෙන් පිවිසිය හැකි ස්ථානයක පිහිටා තිබෙනවා. කොළඹ නගර මධ්‍යයේ පිහිටි මෙම මහල් නිවාස ව්‍යපෘති, දැනටමත්, දේශීය සහ විදේශීය ආයෝජකයින් අතර වඩාත් ආකර්ෂණයට ලක්වී තිබෙනවා.” යනුවෙන්ද ඒ මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ විශාලතම දේපළ වෙළෙඳ සමාගම ලෙස සිය කීර්තිනාමය එලෙසම රඳවා ගනිමින්, LMD’s Brands Annual 2022 මඟින්, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේපළ වෙළඳාම් පාරිභෝගික සන්නාමය, The Best of The Best පිළිගැනීම සහ මෙරට වටිනාම දේපල පාරිභෝගික සන්නාමය ලෙස Prime Lands Residencies නම් දරා ඇත. තවද, වසර ගණනාවක පාරිභෝගික විශ්වාසය සුරකමින්, සිව් වසරක් පුරාවට වඩාත්ම ගෞරවනීය දේපළ වෙළඳාම් සමාගම ලෙසත්, අඛණ්ඩව වසර දෙකක් සඳහා වඩාත්ම සම්මාන ලැබූ දේපළ වෙළඳාම් ආයතනය ලෙසත් සම්මානයට පාත්‍ර වී තිබේ.

“ශ්‍රී ලංකාවේ සේවය කළ හැකි හොඳම සමාගම් අතරට අඛණ්ඩව සය වසරක් තේරී පත්වූ ප්‍රයිම් සමූහය, එකම අරමුණක් වෙනුවෙන් පෙළ ගැසෙන ශක්තිමත් සේවක කණ්ඩායමකින් සන්නද්ධයි. අපගේ අරමුණ වනුයේ දේශීය ආර්ථිකය පණගන්වමින්, රටේ ආර්ථික සංවර්ධනය උදෙසා හැකි උපරිම සහයෝගය ලබා දීමයි,” හීනටිගල මහතා වැඩිදුරටත් පවසා සිටියා.

ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 18ක් ආවරණය වන පරිදි ඉඩම් ව්‍යාපෘති ද, 30කට අධික තනි නිවාස ව්‍යාපෘති හා 41කට අධික මහල් නිවාස ව්‍යාපෘති ප්‍රමාණයක්ද, ප්‍රයිම් සමූහය සතුව ඇත.

Visits: 118