සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් අද රාත්‍රී 10.00 සිට පහළට

2022 ජූලි මස 17 වන දින රාත්‍රී 10.00 සිට බලපැවැත්වෙන පරිදි ඛනිජ තෙල් සිල්ලර මිල ගණන් පහත දැමීමට තීරණය කර ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කර සිටියි.

ඒ අනුව ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 450.00ක් දක්වා රුපියල් 20කින් ද, ලංකා පෙට්‍රල් 95 ඔක්ටේන් යූරො 04 ලීටරයක් රුපියල් 540.00ක් දක්වා රුපියල් 10.00 කින්ද, ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 440.00 ක් දක්වා රුපියල් 20.00 කින්ද,  ලංකා සුපිරි ඩීසල් 4 ස්ටාර් යූරෝ 4 ලීටරයක් රුපියල් 510.00ක් දක්වා රුපියල් 10.00 කින්ද පහත හෙළීමට තීරණය කෙරී තිබේ.

දිවයිනටම බලපාන පරිදි මෙම නව සිපෙට්කෝ ඛනිජ තෙල් මිල ගණන් සංශෝධනය සිදු කෙරෙන බවත් පවසයි.

මේ අතර 2022 ජූලි 21 දින සිටලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් හා ලංකා සුදු ඩීසල් අඛණ්ඩව පාරිභෝගික ජනතාව වෙත නිකුත් කිරිමට විධිමත් වැඩපිළිවෙලක් සකස් කර ඇතැයිද ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

එබැවින් ඉන්ධන පිරවුම්හල් අසල රැස්ව නොසිටින ලෙසත්, මාර්ග දෙපස වාහන පෝපිම් කර තැබීමෙන් වළකින ලෙසත් සිපෙට්කෝ පාරිභෝගික ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින බවත් පවසා සිටියි.

Visits: 275