ලංකා ප්‍රීමියර් ලීග් 2022 (LPL 2022) කල් දැමේ

අගෝස්තු 01 වැනිදා ආරම්භවිමට නියමිතව තිබූ ලංකා ප්‍රීමියර් ලීග් 2022 තරගාවලිය (LPL 2022) වහාම ක්‍රියාත්මක වන පරිදි කල් දැමීමට තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

ලබන අගෝස්තු 21 වැනිදා දක්වා තරගාවලිය පැවැත්වීමට නියමිතව තිබුණි.

මෙම තරගාවලියේ හිමිකාරීත්වය සහිත සමාගම වන Innovative Production Group FZE (IPG) සමාගම මගින් සිදු කළ ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් මෙම තීරණය ගෙන තිබේ.

විශේෂයෙන්ම වර්තමානයේදී රට තුළ පවතින ආර්ථික තත්ත්වය සලකා බලමින් මෙම තරගාවලිය පැවැත්වීම නොහැකි වීම මේ සඳහා හේතුව බව ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහන් කරයි.

Visits: 42