Samsung – ලොව අංක 1 රූපවාහිනී නිෂ්පාදකයා ‘සැම්සුන් සහන’ හඳුන්වා දෙයි

සමස්ත ශ්‍රී ලංකාවම දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින මෙවැනි අර්බුදකාරී කාලවලදී සිය පාරිභෝගිකයින්ට සහන සැලසීම සඳහා මෙරට ප‍්‍රමුඛතම ඉලෙක්ට්‍රොනික වෙළෙඳ නාමය වන Samsung ‘සැම්සුන් සහන’ නමින් නව ප‍්‍රවර්ධන වැඩසටහනක් පසුගියදා එළිදැක්වීය.

විනෝදාස්වාද පද්ධතියක් (entertainment system) මිලදී ගැනීමෙන් ඔබගේ නිවස අලංකරණයට පමණක් නොව පවුලේ සැමට එක්ව රසවින්දනාත්මක අත්දැකීමක් විඳීමට කැමැති පාරිභෝගිකයින් සඳහා සිය රූපවාහිනී පරාසය සඳහා රුපියල් 900,000ක් දක්වා දැවැන්ත වට්ටම් ලබා දෙමින් සහන සැලසීමට Samsung පියවර ගෙන තිබීම කැපී පෙනේ.

ආර්ථික උද්ධමනය හේතුවෙන් රූපවාහිනී මිල ගණන් ඉහළ මට්ටමක පවතින අවස්ථාවක මෙම සැම්සුන් සහන ප‍්‍රවර්ධනය යටතේ පාරිභෝගිකයින්ට රුපියල් 900,000/- දක්වා වට්ටම් හිමිකර ගැනීමට අවස්ථාව ලබා දෙමින් පාරිභෝගිකයින්ට Samsung TV මිලදී ගැනීමට හැකියාව ඇත. ජූලි 5 වනදායින් ආරම්භ වන සැම්සුන් සහන ප‍්‍රවර්ධනය මගින් පාරිභෝගිකයින්ට සහනදායී මිලකට උසස් තත්වයේ Samsung TVs මිලදී ගැනීමට ඉඩ සලසයි.

Samsung 43’’ FHD Smart TV එකක් රු. 8,000/- ක වට්ටමක් සමඟින් රු. 204,999/- ක් වැනි අඩු මිලකට ඔබට දැන් මිලදී ගැනීමට හැකිය. රු. 20,000/- ක වට්ටමක් සමඟින් 43” UHD TV එකක් දැන් රුපියල් 249,999/- ක් වැනි මිලකට ලබා ගත හැකිය. තවද Samsung 50’’ UHD TV එකක් රු. 319,999/- ක් වැනි විශේෂ අඩු කළ මිලකට ලබා ගත හැකි අතරම 55” UHD TV එකක් රු. 50,000/- ක වට්ටමක් සමඟින් රු. 399,999/- කට මිලකට ලබා ගත හැකිය. රු. 60,000/-ක විශේෂ අඩු කළ මිලක් සහිතව 65” UHD TV එකක් දැන් රුපියල් 569,999/- ක මිලකට ලබා ගත හැකි අතර 75” UHD TV එකක් රු. 100,000/- ක විශේෂ අඩු කළ මිලක් සමඟින් රු. 799,999/- කට මිලදී ගැනීමට ඔබට හැකිය.

QLED පරාසය තුළ, Samsung විසින් 55” QLED TV සඳහා රු. 65,000/- ක්, 65” QLED TV සඳහා රු. 160,000/- ක් සහ 75” Neo QLED 8K TV සඳහා රු. 300,000/-ක් වශයෙන් විශේෂ වට්ටම් ඔබට ලබා දෙයි. මෙම ප‍්‍රවර්ධනය යටතේ ඔබට හිමි කරගත හැකි ඉහළම වට්ටම වන්නේ 85” Neo QLED 8K TV එකක් සඳහා රුපියල් 900,000/- ක් වන අතර එය දැන් ඔබට රු. 4,399,999/- ක් වැනි මිලකට ලබා ගත හැකිය.

මේ පිළිබඳව අදහස් දක්වමින් සැම්සුන් ශ්‍රී ලංකා කළමනාකාර අධ්‍යක්ෂ කෙවින් සුන්ග්සු යූ මහතා පැවසුවේ ‘’අපි සැමවිටම අපගේ පාරිභෝගිකයින්ගේ අවශ්‍යතාවන් පිළිබඳව අවධානයෙන් සිටිනවා. අපට අවශ්‍ය ඔවුන් සියලූ දෙනාම අපගේ නිෂ්පාදන දැරිය හැකි පහසු මිලකට ලබා ගැනීම සහ අපගේ නවෝත්පාදනයන් ඉතා ආසාවෙන් භුක්ති විඳිනවා දැකීමටයි. මෙවැනි අසීරු කාලවලදී පවා සහනදායී මිලකට උසස් තත්වයේ රූපවාහිනී මිලදී ගැනීමට සැම්සුන් පාරිභෝගිකයින්ට ඉඩ සලසන සැම්සුන් සහන අප හඳුන්වා දුන්නේ ඒ නිසයි.’’ යනුවෙනි.

මෙම සැම්සුන් රූපවාහිනී පරාසය බලයලත් හවුල්කරුවන් වන Softlogic, Singer, Singhagiri, Damro සහ Samsung e-Store වෙතින් මිලදී ගැනීමට හැකිය.

Visits: 66