මහජන බැංකුවේ ‘වාසි කෝටියයි’ දෙවැනි මිලියනපතියාට හිමි තිළිණය සෞදි අරාබියේදී පිරිනැමේ

මහජන බැංකුවේ “Peoples Remittence වාසි කෝටියයි, එවන්නයි දිනන්නයි” දිනුම් ඇදීමේ මාර්තු මස මිලියනපතියා වන ඩබ්ලිව්. ඒ. අයි. සමීර ජෙරාඩ් පෙරේරා මහතාට හිමි චෙක්පත සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති පී. එම්. අම්සා මහතා අතින් ඔහු වෙත පිරිනැමීම පසුගියදා සෞදි අරාබියේදි සිදුකෙරිණි.

රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට මෙන්ම ළබැඳියන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවීම සඳහාත් වෙහෙස මහන්සිය නොබලා රැකී රක්ෂාවල නියැලෙන ශ්‍රී ලාංකික විදෙස් ශ්‍රමිකයින් දිරිමත් කර ඔවුන්ව ඇගයීමේ අරමුණින්, “Peoples Remittence වාසි කෝටියයි” දිනුම් ඇදීම මහජන බැංකුව විසින් පෙබරවාරි 1 වැනිදා සිට ආරම්භ කරන ලදී.

මෙම වැඩසටහන යටතේ වසර අවසානයේ තෝරාගන්නා සුපිරි ජයග්‍රාහකයාට රුපියල් කෝටියක මුදල් ත්‍යාගයක් පිරිනැමේ. එමෙන්ම රුපියල් මිලියනයේ මාසික ජයග්‍රාහකයින් සෑම මාසයකදීම තෝරාගන්නා අතර, තවත් සතිපතා වාසනාවන්ත ජයග්‍රාහකයින් 48 දෙනෙකුට කැරට් 22 රන් කාසි ද, 2022 දෙසැම්බර් 31 දක්වා තෝරාගන්නා දිනපතා ජයග්‍රාහකයින් 334 දෙනෙකුට රුපියල් 10,000 බැගින් වූ මුදල් ත්‍යාග ද පිරිනැමේ.

2022 පෙබරවාරි 1 වැනිදා සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා අතර කාලය තුළ මහජන බැංකු ගිණුම්වලට, මහජන බැංකුව හරහා වෙනත් බැංකු ගිණුම්වලට විදෙස් මුදල් ප්‍රේෂණය කරන සහ උඹල ඍස් හෝ ඊට සමාන වෙනත් මාධ්‍යයන් ඔස්සේ මහජන බැංකු ශාඛා වලින් ප්‍රේෂණ මුදල් ලබාගන්නා සියලුම ගනුදෙනුකරුවන් මෙම දිනුම් ඇදීමට සුදුසුකම් ලබති. වැඩියෙන් එවන තරමට දිනුම් අවස්ථා වැඩිවේ.

Visits: 52